fbpx
බදාදා, ඔක්තෝබර් 4, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අයි.එම්.එෆ් ණය මුදල මේ මස අග වනවිට ලැබෙයි… ජනපති රනිල් අද පාර්ලිමේන්තුවේ කළ සම්පූර්ණ කතාව…

editor by editor
මාර්තු 7, 2023
in පුවත්
0
Ranil
Share on FacebookShare on Twitter

චීනයේ එක්සීම් බැංකුවේ මූල්‍ය සහතික ලිපිය  ඊයේ රාත්‍රියේ ලැබීමත් සමඟ තමා සහ මහබැංකු අධිපතිවරයා අත්සන් තැබූ එකඟතා ලිපිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යොමු කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

ඒ අනුව තමන් රටේ යුතුකම මේ වන විට ඉටු කර අවසන් අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද සිය යුතුකම මේ මාසය අවසන් වීමට පෙර ඉටු කරනු ඇතැයි අපේක්ෂා කරන  බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මේ බව සඳහන් කළේ ආර්ථිකයේ වත්මන් තත්ත්වය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡාවල ප්‍රගතිය පැහැදිලි කරමින් අද (07) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

RelatedPosts

විදුලි බිල වැඩි කිරීමට ඉල්ලුවේ ඇයි. ?. විදුලි බල ඇමතිවරයා පාර්ලිමේන්තුවට හේතු කියයි!

පස් කන්දක් නායේ යෑමෙන් තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයේ දරු පැටවු යන්තම් බේරෙයි… පන්ති කාමර 03ක් විනාසයි…

සිසුවෙකුට අවවාද කිරීම නිසා කිපුණු සිසුවාගේ ඥාතීන් නියෝජ්‍ය විදුහල්පතිට පොළුවලින් පහර දීලා…. නියෝජ්‍ය විදුහල්පති බරපතල තුවාල සහිතව රෝහලේ!

දැනට රජය විසින් ගෙන යන මෙම වැඩපිළිවෙළ කඩාකප්පල් කළ හොත් 2022 පෙබරවාරි මාර්තු පැවැති තත්ත්වයටත් වඩා භයානක තැනකට රට තල්ලු විය හැකි බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සිදු කළ සම්පූර්ණ ප්‍රකාශය මෙසේය

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට සාධනීය විසදුමක් ලෙස IMF ආයතනයේ සහාය ලබා ගැනීමට 2022 මාර්තු මස මැද භාගයේ දී රජය තීරණය කරනු ලැබුවා. පැවැති විදේශ විනිමය අර්බුදය ඉන් අනතුරුව උග්‍රවෙත්ම 2022 අප්‍රේල් මස මැදි භාගයේ දී විදේශ ණය ගෙවීමේ හැකියාවක් නොමැති බැව් ප්‍රකාශ කරනු ලැබුවා.

ශ්‍රී ලංකාව බංකොලොත් ආර්ථිකයක් ලෙස එතැන් පටන් ක්‍රියාත්මක වුණා. එහි අයහපත් ප්‍රතිඵල ඔබ සැම මේ රටේ අත්වින්දා. ඉන්ධන පෝලීම්, ගෑස් පෝලීම්, විදුලිය කප්පාදුව, ආහාර හිඟය, ඖෂධ සපයා ගැනීමේ දුෂ්කරතා, උද්ධමනය, රුපියල කඩා වැටීම, දිළිඳු භාවය වැඩිවීම ආදී ගැටලු රාශියක් 2022 මැද භාගය වන විට මේ රට අත්වින්දා. නූතන ඉතිහාසයේ මෙවැනි ඛේදනීය තත්ත්වයක් ශ්‍රී ලංකාවේ නොතිබූ බව සෑම කෙනෙක්ම පිළිගන්නා සත්‍යයක්.

2022 ජූනි මාසය පමණ සිට පැවැති ආර්ථික ගැටලු ක්‍රම ක්‍රමයෙන් යම් පමණකට නිරවුල් වීමේ උපනතියක් පෙන්නුම් කරනු ලැබුවා. පොහොර ලබා දීම මත, පසුගිය යල සහ මහ කන්නයෙත් හොඳ අස්වැන්නක් අපට ලැබුණා. කෘෂිකාර්මික නිෂ්පාදන අපනයනය ද යථා තත්ත්වයට පත් වුණා.

රටේ පැවැති ආර්ථික ගැටලු ක්‍රම ක්‍රමයෙන් විසඳීම පිණිස ස්ථායීකරණ වැඩපිළිවෙළකට අවතීර්ණ වුණා. රජය විසින් ඒ සඳහා සුදුසු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනු ලැබුවා. ඉන් සමහරක් මෙම ගරු සභාවට මතක් කිරීමට කැමැතියි.

ගෑස් හා ඛනිජ තෙල් සුලභතාවය තහවුරු කිරීම, පාසල් හා විභාග නිසි ලෙස පවත්වාගෙන යාම, අඛණ්ඩව විදුලිය සැපයුම ලබා දීමට කටයුතු කිරීම, පොහොර ලබාදීම, සමෘද්ධිලාභීන්ට අතිරේක වශයෙන් අරමුදල් ලබා දීම. එමෙන්ම, රජයට සිදු වුණා. 2019 කාලයේ ක්‍රියාත්මක කළ බදු ප්‍රතිපත්තිය වෙතම යාමට. 2019 අගදී ක්‍රියාත්මක වූ හදිසි බඳු කපා හැරීමෙන් පසු රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදියෙන් 8%ක තරම් ප්‍රමාණයකට පහත වැටුණා. එය යථා තත්ත්වයට පත් කර ගැනීමට අපට නව බදු ප්‍රතිපත්තිවලට යාමට සිදු වුණා.

ඒ වාගේම, මහ බැංකුවේ මුල්‍ය ප්‍රතිපත්ති යටතේ පොළී අනුපාත ඉහළ දැමීමට සිදුවුණා. දිගින් දිගටම ඉහළ ගිය උද්ධමනය පාලනය කිරීමට අප සතු වූ සාධනීය පියවරක් වුණේ පොලි අනුපාත ඉහළ දැමීමයි. පසුගිය වසරේ සැප්තැම්බර් මස වන විට සාමාන්‍ය උද්ධමනය 70%  දක්වා ඉහළ ගියා. ආහාර උද්ධමනය 90% පසු කළා. නමුත් දැන් උද්ධමනය වැඩිවන වේගය 50% දක්වා අඩු වී තිබෙනවා. එසේම, ආහාර උද්ධමනය ද 54% දක්වා අඩු වී තිබෙනවා. ඒ වාගේම, විදේශ විනිමය හිඟතාවය නිසා විනිමය නීති තද කිරීමටත් ආනයනය සීමා කිරීමටත් සිදු වුණා.

අපට විදේශ ණය ගෙවීමට නොහැකි බැව් ප්‍රකාශ වූ වහාම විදේශ රටවල් හා මූල්‍ය ආයතන ශ්‍රී ලංකාවත් සමඟ සිදු කරන මුල්‍ය ගනුදෙනු සීමා කරනු ලැබුවා. ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව පවා අලුතින් අරමුදල් සැපයීම නතර කළා. විදේශ ආධාර මත ක්‍රියාත්මක වූ ව්‍යාපෘති සියල්ලම පාහේ නතර කිරීමට සිදු වුණා. ණයවර ලිපියක්වත් විවෘත කර ගැනීමට බැරි වුණා. ණය ශ්‍රේණිගත කරන ආයතන ශ්‍රී ලංකාවට ණය ලබා නොදිය යුතුයි යන ශ්‍රේණිය දක්වා අප රට පහතට ඇද දැමුවා.

මේ තත්ත්වය තුළ අපට විදේශ විනිමය ලැබුණේ

  • අපනයන
  • විදේශ රැකියා නියුක්තිකයන්ගේ සංක්‍රාම
  • සංචාරක ව්‍යාපාරය ආදියෙන්

රටේ හා සමාජයේ පැවැති අහිතකර තත්ත්වය නිසා සංචාරක ව්‍යාපාරය 2022 වර්ෂය පුරාවටම සාර්ථක වුණේ නැත. නමුත් මෙම වසරේ එම තත්ත්වයෙන් හිස ඔසවන ලකුණු පෙනෙන්නට තිබෙනවා. සාමාන්‍ය තත්ත්වය යටතේ පැවැති මට්ටමෙන් 1/3 මට්ටමකට විදේශ විනිමය ප්‍රේෂණ අඩු වුණා. එය ද යළි වැඩිවීමේ උපනතියක් පෙන්නුම් කරනවා. අපනයන ආදායම ද වැඩි කර ගැනීමට උපකාර වන යෙදවුම් ආනයනය කිරීමට අපට දැනටත් අවශ්‍ය තරම් විදේශ විනිමය නැහැ.

IMF සංවිධානය 2021 සිට අප රටේ ආර්ථිකයේ පවත්නා අර්බුදකාරීත්වය විශේෂයෙන් විදේශ විනිමය අර්බුදය ගැන නිරතුරුව අනතුරු ඇඟවීම් කළා. IMF සංවිධානය සමඟ 2022 මැද භාගයේ දී පමණ සිට දිගින් දිගටම සාකච්ඡා කළා.

එම දූත කණ්ඩායම් වරින්වර ශ්‍රී ලංකාවට පැමිණ ගෙවුම් ශේෂ අර්බුදය, රාජ්‍ය මූල්‍ය අර්බුදය මෙන්ම විදේශ විනිමය අර්බුදය පිළිබඳ අප සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. එමෙන්ම, දිගින් දිගටම දශක ගණනාවක් තිස්සේ කල්මරමින් ප්‍රමාද කරන ලද ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ තවදුරටත් කල් දැමීමට ඉඩක් නොමැති බව IMF ආයතනය පෙන්වා දුන්නා.

2022 සැප්තැම්බර් මස 01 වන විට අප IMF ආයතනය සමඟ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණියා. එසේ වුවත්, IMF ආයතනය කියා සිටියා රටේ ණය තිරසරභාවය අත්කර ගන්නා තුරු එම එකඟතාවය IMF අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කළ නොහැකි බව. එබැවින්, ණය තිරසරභාවය තහවුරු කර ගැනීම පිණිස ශ්‍රී ලංකාවේ ණයකරුවන් සමඟ රජය දිගින් දිගටම සාකච්ඡා කළා. මේ සඳහා Lasads සහ Clifford Chance නම් ජාත්‍යන්තර විශේෂඥ ආයතනවල සහාය ද ලබා ගත්තා. එය දීර්ග හා සංකීර්ණ සාකච්ඡාවක්. ඒ අනුව, ශ්‍රී ලංකාවට ණය ලබා දී ඇති පැරිස් සමාජය හා පැරිස් සමාජයට අයත් නොවන ඉන්දියාව හා චීනය සමඟ දිගින් දිගමට මූල්‍යකරණ සහතික ලබා ගැනීමට සාකච්ඡා කරනු ලැබුවා. ඉන්දියාව එම සහතිකය 2023 ජනවාරි 16 ලබා දුන්නා. චීනය එය ජනවාරි 18 දින ලබා දුන්නා. පැරිස් සමාජය ඔවුන්ගේ 2023.01.25 පැවති රැස්වීමේ දී ශ්‍රී ලංකාවට මූල්‍යකරණ සහතිකය ලබා දීමට එකඟ වුණා. ඉන් අනතුරුව මා IMF ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය සමඟ IMF ණය ආධාර වැඩසටහන ගැන මාර්තු 02 දින සාකච්ඡා කළා.ඊයේ සවස එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් සමඟත් සාකච්ඡා කළා.

IMF ආයතනය සමඟ සිදු කරන ලද සාකච්ඡාවලදී එහි එකඟතාවය ලබා ගැනීම පිණිස පූර්වගාමීව සිදු කළ යුතු කාර්ය රැසක් ඉටු කිරීමට සිදු වුණා. විදුලි මිල ගණන් සංශෝධනය, ඛණිජ තෙල් මිල ගණන් සංශෝධනය, මහ බැංකුවේ ස්වාධීනත්වය තහවුරු කිරීම, උද්ධමනය පාලනය කිරීමට පොළී අනුපාත ඉහළ දැමීම, රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිසංස්කරණය, සමාජ ආරක්ෂක ජාලය ශක්තිමත් කිරීම, රාජ්‍ය ආදායම වැඩි කරගැනීමට කටයුතු කිරීම, රාජ්‍ය වියදම් පාලනය කිරීම. ඛනිජ තෙල් හා විදුලිබල ක්ෂේත්‍රයන්හි තරඟකාරීත්වය පුළුල් කිරීම ආදී කාර්යයන් රැසක් පූර්වයෙන් කළ යුතු වුණා. ශ්‍රී ලංකාව පූර්වගාමීව සිදු කළ යුතු එම කාර්යයන් මේ වන විට නිම කොට ඇත.

එසේම මේ රටේ ජනතාවට විඳීමට සිදු වූ අපහසුතා මම දන්නවා. ඒ පිළිබඳ ආණ්ඩුවක් ලෙස අපි සමාව ඉල්ලනවා. අපිට ඊයේ රාත්‍රියේ චීනයේ එක්සීම් බැංකුවේ මූල්‍ය සහතික ලිපිය ලැබුණා. ඒ අනුව එදිනම රාත්‍රියේ මමත්, මහබැංකුවේ අධිපතිතුමත් එකඟතා ලිපිය අත්සන් තබා  IMF සංවිධානයට යොමු කළා. දැන් අපේ යුතුකම් ඉටු කර අවසන්. මේ මාසය අවසන් වීමට පෙර, හතරවන සතිය වන විට  IMF සංවිධානය සිය යුතුකම ඉටුකරනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. ඉන් අනතුරුව අපට ලෝක බැංකුවෙන් සහ ADB වෙතින් පළමු මුදල් වටය ලැබෙනවා.

IMF ආයතනය සමඟ මෙයට පෙර අවස්ථා 16ක දී කටයුතු කළ ආකාරයට නොව මේ අවස්ථාවේ දී එකඟතාවය ලබා ගන්නා සෑම කාර්යක්ම මෙවර නොපිරිහෙලා ඉටු කළයුතු වෙනවා. එසේ නොවී නම් IMF ආයතනය ශ්‍රී ලංකාව සමඟ කටයුතු සිදු කරන්නේ නැහැ. ඒ තත්වය යටතේ බහුපාර්ශවීය හා ද්විපාර්ශ්වීය මූල්‍ය ආයතන අප සමඟ කටයුතු කිරීමට ඉඩ කඩක් ඇති වන්නේ නැහැ. ඒ අනුව, විදේශ ආර්ථික කටයුතු බොහෝ දුරට අඩාල වෙනු ඇත. අප එක් කරුණක් අවධාරණය කළ යුතුය.

දැනට අප විදේශ ණය ගෙවන්නේ නැත. (බහුපාර්ශ්වීය මූල්‍ය ආයතනවලට පමණක් ණය ගෙවීම කෙරෙනවා) IMF ආයතනය සමඟ පවතින එකඟතාවය කඩා දැමුවහොත් විදේශ රටවලින් හා පුද්ගලික බැංකුවලින් (SB ) ලබා ගත් ණය ගෙවීමට සිදු වෙනවා. දළ වශයෙන් 2029 දක්වා වාර්ෂිකව විදේශ ණය බිලියන 6-7 ක් ගෙවීමට තිබෙනවා.

අපට මේ ණය ගෙවීමට විදේශ විනිමය නැහැ. එම නිසා අපට IMF ආයතනය මැදිහත් වී විදේශ ණයකරුවන් සමඟ එකඟ වූ ණය තිරසරභාවය පිළිබඳ කථිකාව දිගින් දිගටම ගෙන යා යුතුය. එයට විකල්ප මාවතක් වර්තමානයේ දක්නට නැත. එබැවින් IMF ආයතනය සහ අප සිදු කරන මෙම එකඟතා අපගේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කර ගැනීමට පවත්නා විශේෂ වැදගත්කමක් සහිත එකඟතාවක් බැව් මතක් කර දීමට කැමැතියි.

අප අතිශය අසීරු ආර්ථීක පියවර රාශියක් ගෙන ආර්ථික ස්ථායීරණය කිරීමට කටයුතු කළා. ආර්ථික වර්ධනය තහවුරු කර ගැනීමට දැන් කටයුතු කරමින් සිටිනවා. සමාජයේ සෑම දෙනකුටම මෙමඟින් ඇති වන පීඩා දිගටම පවතිනවා. මෙවැනි දුෂ්කර හා සංකීර්ණ තත්ත්වයක් මැද අප පසුගිය මාස 7 – 8 ගත කර යම් සාධනීය තත්ත්වයකට රැගෙනවිත් තිබෙනවා. මෙයින් ඉදිරියට යන්නට ආර්ථික ප්‍රතිසංස්කරණ අවශ්‍යයයි. මේ බැව් රටේ සෑම දෙනාම අවබෝධ කරගත යුතුයි. විවිධ බලපෑම් කණ්ඩායම්, දේශපාලන පක්ෂ, ස්වේච්ඡා කණ්ඩායම්, වෘත්තීය සමිති ආදිය මේ ගැන ගැඹුරින් කල්පනා කළ යුතුයි.

බදු බර වැඩි බව වෘත්තිකයන් කියා සිටිනවා. එසේ වුවත් කෙටි කලක් මෙම තත්ත්වය පවත්වා ගෙන යා යුතුයි. එසේ නැතිව මෙම වැඩපිළිවෙල කඩාකප්පල් කළහොත් දැනට 2022 පෙබරවාරි මාර්තු පැවැති තත්ත්වයටත් වඩා භයානක තැනකට රට තල්ලු විය හැකියි . එවකට බොහෝ අය කල්පනා කළා වැටුප් නැති වෙයි, විශ්‍රාම වැටුප නැති වෙයි, රැකියා නැතිවෙයි, කර්මාන්ත වැසී යාවි, පාසැල් හැමදාම වැසිලා තියේවී ආදී වශයෙන්. ඒවා යම් තරමකට අප පාලනය කරගෙන තිබෙනවා. නමුත්, සමාජයේ බලපෑම් කළ හැකි කණ්ඩායම් අප යෝජනා කර ඇති වැඩපිළිවෙල විවිධ ක්‍රියාමාර්ග ඔස්සේ කඩා කප්පල් කළහොත් එයින් මතු වන සමාජ විකල්පය අතිශය භයානක වේවි. මෙතෙක් අප සමාජයේ නොදුටු දුක්බර කාලයක් එයින් මතුවේවි.

ඒ නිසා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අපි පිළිගන්නවා. ඒ වගේම සාමකාමීව ඒ වැඩකටයුතු කරන්න. රැස්වීම් පැවැත්වීම, උද්ඝෝෂණ පැවැත්වීම ගැටලුවක් නොවෙයි. නමුත් මේ උද්ඝෝෂණ මාර්ගයෙන් මේ වැඩපිළිවෙළ කඩාකප්පල් කරනවා නම් ඒ පිළිබඳව මේ ආණ්ඩුව තදින් ක්‍රියා කරන බව මම කියන්න කැමතියි.

මම එකක් කිව යුතුයි,  දැන් ඩොලර් මිල පහත බසිනවා. ජූලි 09 දා මේ රට කඩාවැටුණා නම් අද මේ තත්ත්වය තිබෙන්නේ නැහැ.  ඒ අවස්ථාවේ කාගෙවත් සහයෝගයක් තිබුණේ නැහැ. ඒ ගැන ක්‍රියා කළ ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට මම මේ අවස්ථාවේ ස්තූතිය පළ කර සිටිනවා. ඔවුන් ගත් ඒ පියවර නිසා අද අපට ඉන්ධන තිබෙනවා, විදුලි බලය තිබෙනවා. ඒ වගේම වැඩිකල් යන්නට පෙර ඩොලර් තිබෙනවා. ඒ නිසා ඒ බලවේගවලට මේවා බිඳ දමන්න අප ඉඩ තබන්නේ නැහැ.

මම මේ විපක්ෂයෙන් ඉල්ලා සිටිනවා මේ රටේ ආර්ථිකය ගොඩගැනීමේ ගමන යාමට අපිත් සමඟ එකතුවන්න කියා. මෙය ඉටුකරගත් පසු ජනාධිපතිවරණය ද , මහඡන්දය ද  කවුද අවශ්‍ය කියලා අපිට ඊළඟ ඡන්දයේදී තීරණය කළ හැකියි. එය මේ රට තීරණය කරයි. ඒ වන තුරු ඔබ සූදානම්  ද, නැද්ද කියලයි මම අහන්නේ. ඔබට පුළුවන් මෙය පිළිගැනීමට, ඒ වගේම ඔබට පුළුවන් මෙය ප්‍රතික්ෂේප කිරීමට.

විශේෂයෙන්ම ජුනි මාසයේ මැද වන විට රටේ ආදායම් තත්ත්වය සලකා බැලිය යුතුයි. එතැන සිට තමයි තීරණ ගත හැකි වන්නේ. විශේෂයෙන්ම IMF සංවිධානයේ එකඟතාව ලැබීමෙන් පසු මම එම ගිවිසුම සභාගත කර, යෝජනාවක් ගෙන එනවා,  මේ සභාවට එය පිළිගන්න කියලා. ඒක තමන් තීරණය කරන්න, නැත්නම් වෙන විකල්පයක් අපට ලබා දෙන්න.

ඉන් අනතුරුව අපි නව කෙටුම්පතක් ගෙන එනවා ඉදිරි මාර්ගය සහ වැඩසටහන් පිළිබඳව. එය ජාතික සභාවටත් ලබා දෙන්නම්. පාර්ලිමේන්තුව සාකච්ඡා කර, ඒ පිළිබඳ එකඟතාවකට පැමිණි පසු දීර්ඝකාලීන හා මධ්‍ය කාලීන සැලැස්මක් ඉදිරිපත් කරන්නම්. දැනට පාර්ලිමේන්තුවේ ජාතික සභා කමිටුවලින් වාර්තා ගණනාවක් ලැබී තිබෙනවා. මම ඒ ගැන ස්තූතිවන්ත වෙනවා. එහෙත් අපට මාස 08 ක් වැනි කෙටි කාලයක් තුළදී මේ වැඩකටයුත්ත ඉටු කිරීමට හැකි වුණා. එයින් අපි ප්‍රයෝජන ගෙන ඉදිරියට යමු කියලා මම ප්‍රකාශ කරනවා.

Tags: නවතමවිශේෂ
Share69Tweet43

Get real time update about this post categories directly on your device, subscribe now.

Unsubscribe
Previous Post

ණය ප්‍රතිව්‍යුහගතකරණයට චීනය කැමැති වෙයි – . IMF ගමනේ ලොකුම බාධකය ඉවත් වෙයි.

Next Post

අන්තරේ උද්ඝෝෂණයට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් තහනම් නියෝගයක්!

RelatedPosts

kANCHANA-wIJESEKARA
පුවත්

විදුලි බිල වැඩි කිරීමට ඉල්ලුවේ ඇයි. ?. විදුලි බල ඇමතිවරයා පාර්ලිමේන්තුවට හේතු කියයි!

ඔක්තෝබර් 4, 2023
පස් කන්දක් නායේ යෑමෙන් තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයේ දරු පැටවු යන්තම් බේරෙයි… පන්ති කාමර 03ක් විනාසයි…
පුවත්

පස් කන්දක් නායේ යෑමෙන් තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයේ දරු පැටවු යන්තම් බේරෙයි… පන්ති කාමර 03ක් විනාසයි…

ඔක්තෝබර් 4, 2023
සිසුවෙකුට අවවාද කිරීම නිසා කිපුණු සිසුවාගේ ඥාතීන් නියෝජ්‍ය විදුහල්පතිට පොළුවලින් පහර දීලා…. නියෝජ්‍ය විදුහල්පති බරපතල තුවාල සහිතව රෝහලේ!
පුවත්

සිසුවෙකුට අවවාද කිරීම නිසා කිපුණු සිසුවාගේ ඥාතීන් නියෝජ්‍ය විදුහල්පතිට පොළුවලින් පහර දීලා…. නියෝජ්‍ය විදුහල්පති බරපතල තුවාල සහිතව රෝහලේ!

ඔක්තෝබර් 4, 2023
Next Post
අන්තරේ උද්ඝෝෂණයට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් තහනම් නියෝගයක්!

අන්තරේ උද්ඝෝෂණයට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් තහනම් නියෝගයක්!

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජනප්‍රිය පුවත්

  • Basil-Ranil

    ලන්සාගෙන් අයින් වෙන්න… පොහොට්ටුවේ සහය දෙන්නම්… බැසිල්ගෙන් රනිල්ට යෝජනාවක් !

    1184 shares
    Share 474 Tweet 296
  • 11 වැනිදා සෞඛ්‍ය ඇමතිගේ බබා පාට් ඉවරයි… ඉතිහාසයේ මුල්ම වරට එදාට වෛද්‍යවරු කොළඹ වටලනවා… GMOA දැනුම් දෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ දී හෑල්ලු වුන උපාධි ප්‍රධානෝත්සවය…

    273 shares
    Share 109 Tweet 68
  • වෙඩි කෑ සීතාට ඇවිදින්න බෑ…  අද පපු පෙදෙසේ එක්ස් කිරණ පරීක්ෂණයක්!

    307 shares
    Share 123 Tweet 77
  • උතුරේ පුරාවිද්‍යා ආඥා පනතින් ආවරණය වන රටේ නීතිය ක්‍රියාත්මක කරන්න බෑ… පුරාවිද්‍යා නිලධාරීනුත් අනාරක්ෂිතයි… විගණනය කියයි!

    238 shares
    Share 95 Tweet 60
  • “පැය 24 රැකවලේ “  කියන පොළොන්නරුව වටදාගේ ඇතුළු මළුවත්  පුරාවස්තු හොරු බිඳන්න හදලා…  ගල් විදින්න  විදුලිය අරන් තියෙන්නේ ආරක්ෂක මුර කුටියෙන්!

    224 shares
    Share 90 Tweet 56

නවතම ලිපි

kANCHANA-wIJESEKARA

විදුලි බිල වැඩි කිරීමට ඉල්ලුවේ ඇයි. ?. විදුලි බල ඇමතිවරයා පාර්ලිමේන්තුවට හේතු කියයි!

by editor
ඔක්තෝබර් 4, 2023
0

පස් කන්දක් නායේ යෑමෙන් තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයේ දරු පැටවු යන්තම් බේරෙයි… පන්ති කාමර 03ක් විනාසයි…

පස් කන්දක් නායේ යෑමෙන් තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයේ දරු පැටවු යන්තම් බේරෙයි… පන්ති කාමර 03ක් විනාසයි…

by editor
ඔක්තෝබර් 4, 2023
0

සිසුවෙකුට අවවාද කිරීම නිසා කිපුණු සිසුවාගේ ඥාතීන් නියෝජ්‍ය විදුහල්පතිට පොළුවලින් පහර දීලා…. නියෝජ්‍ය විදුහල්පති බරපතල තුවාල සහිතව රෝහලේ!

සිසුවෙකුට අවවාද කිරීම නිසා කිපුණු සිසුවාගේ ඥාතීන් නියෝජ්‍ය විදුහල්පතිට පොළුවලින් පහර දීලා…. නියෝජ්‍ය විදුහල්පති බරපතල තුවාල සහිතව රෝහලේ!

by editor
ඔක්තෝබර් 4, 2023
0

නිවෙස්වල ඇති මුද්‍රා කැඩූ  සියලු ගෑස් සිලින්ඩරත් නැවත කැඳවන්න… අනුර පාර්ලිමේන්තුවේ දී ඉල්ලයි!

අද මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල ඉහළට…

by editor
ඔක්තෝබර් 4, 2023
0

දුම්රියක ත්‍රීරෝද රථයක් ගැටී දෙදෙනෙකු රෝහලට… (  CCTV දර්ශන සහිතයි)

දුම්රියක ත්‍රීරෝද රථයක් ගැටී දෙදෙනෙකු රෝහලට… ( CCTV දර්ශන සහිතයි)

by editor
ඔක්තෝබර් 4, 2023
0

නවතම ලිපි

රජයේ රෝහල්වල බාහිර රෝගී අංශයට එන  රෝගීන් සියයට 40ක් වැඩි වෙලා… ඇතුළත් වීම් සියයට 27කින් වැඩියි..

රජයේ රෝහල්වල බාහිර රෝගී අංශයට එන රෝගීන් සියයට 40ක් වැඩි වෙලා… ඇතුළත් වීම් සියයට 27කින් වැඩියි..

by editor
ඔක්තෝබර් 4, 2023
0

Pradeep-Nilanga-Dela

සීතාට වෙඩි තිබ්වේ වන අලියෙකු යැයි සිතා නම් වන අලින්ට වනජීවී නිලධාරීන් සලකන හැටි හරිද?… දියවඩන නිලමේ වනජීවි නිලධාරීන්ගෙන් අසයි…

by editor
ඔක්තෝබර් 4, 2023
0

දුම්රිය නියාමක සංගමය ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයක …

දුම්රිය නියාමක සංගමය ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයක …

by editor
ඔක්තෝබර් 4, 2023
0

වතු කම්කරුවන් ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් පෙරළී 21ක් රෝහලේ… 17කට බරපතලයි!

වතු කම්කරුවන් ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් පෙරළී 21ක් රෝහලේ… 17කට බරපතලයි!

by editor
ඔක්තෝබර් 4, 2023
0

දෑත් හිස නැතිව සපුගස්කන්දේ  කොට්ටුන්න වැවෙන් හමුවූ මුල්ලේරියාවෙන් අතුරුදහන් වූ කාන්තාවගේ ඝාතනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක කී කතාව….

අත් හිස කපා ඝාතනය කළ කාන්තවගේ ඝාතකයන් කරන ප්‍රකාශ පරස්පරයි… රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න අධිකරණයෙන් නියෝගයක්!

by editor
ඔක්තෝබර් 4, 2023
0

මුහුදු යන්න වියදම වැඩියි… බහුදින යාත්‍රා විශාල ප්‍රමාණයක් ධීවර වරායවල… සමස්ත ලංකා පොදු ධිවර සම්මේලනය කියයි!

මුහුදු යන්න වියදම වැඩියි… බහුදින යාත්‍රා විශාල ප්‍රමාණයක් ධීවර වරායවල… සමස්ත ලංකා පොදු ධිවර සම්මේලනය කියයි!

by editor
ඔක්තෝබර් 4, 2023
0

doctor-strike

11 වැනිදා සෞඛ්‍ය ඇමතිගේ බබා පාට් ඉවරයි… ඉතිහාසයේ මුල්ම වරට එදාට වෛද්‍යවරු කොළඹ වටලනවා… GMOA දැනුම් දෙයි!

by editor
ඔක්තෝබර් 4, 2023
0

රනිල් පරල වෙයි… පාස්කු ප්‍රහාරය සම්බන්ධව හෝ කිසිම සිද්ධියක් සම්බන්ධව ජාත්‍යාන්තර පරීක්ෂණ නොපත්වන බව දැඩිව කියයි!

ජර්මනියේ Deutsche Welle මාධ්‍ය ආයතනය සමග ජනපති කළ ආන්දෝලනාත්මක සාකච්ඡාව සිංහලෙන්…..

by editor
ඔක්තෝබර් 4, 2023
0

කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ දී හෑල්ලු වුන උපාධි ප්‍රධානෝත්සවය…

කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ දී හෑල්ලු වුන උපාධි ප්‍රධානෝත්සවය…

by editor
ඔක්තෝබර් 3, 2023
0

ලංගම බස් රථයක් සහ සුඛෝපභෝගී බස් රථයක්  බේරුවල දී මුහුණට මුහුණ ගැටේ… 06ක් තුවාල ලබා බේරුවල රෝහලේ!

ලංගම බස් රථයක් සහ සුඛෝපභෝගී බස් රථයක් බේරුවල දී මුහුණට මුහුණ ගැටේ… 06ක් තුවාල ලබා බේරුවල රෝහලේ!

by editor
ඔක්තෝබර් 3, 2023
0

  • Trending
  • Comments
  • Latest
Basil-Ranil

ලන්සාගෙන් අයින් වෙන්න… පොහොට්ටුවේ සහය දෙන්නම්… බැසිල්ගෙන් රනිල්ට යෝජනාවක් !

ඔක්තෝබර් 1, 2023
ධූරයෙන් ඉල්ලා අස්වූ පසු ලංකාවේ රැඳී ඉන්න බලාපොරොත්තුවක් නෑ… රටිනුත් යනවා…   මුලතිව් දිස්ත්‍රික් මහේස්ත්‍රාත් කියයි…

ධූරයෙන් ඉල්ලා අස්වූ පසු ලංකාවේ රැඳී ඉන්න බලාපොරොත්තුවක් නෑ… රටිනුත් යනවා… මුලතිව් දිස්ත්‍රික් මහේස්ත්‍රාත් කියයි…

සැප්තැම්බර් 29, 2023
අනාචාරයේ ගොස් රටේ රෙදි ගැලවූ “ සල්ලාල තානාපති” ගේ නිදහස් වීම සහ රටට අදාල නැති පිරිමි ඇඟේ කොණ්ඩම් ප්‍රශ්නය!

අනාචාරයේ ගොස් රටේ රෙදි ගැලවූ “ සල්ලාල තානාපති” ගේ නිදහස් වීම සහ රටට අදාල නැති පිරිමි ඇඟේ කොණ්ඩම් ප්‍රශ්නය!

1
kANCHANA-wIJESEKARA

විදුලි බිල වැඩි කිරීමට ඉල්ලුවේ ඇයි. ?. විදුලි බල ඇමතිවරයා පාර්ලිමේන්තුවට හේතු කියයි!

ඔක්තෝබර් 4, 2023
පස් කන්දක් නායේ යෑමෙන් තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයේ දරු පැටවු යන්තම් බේරෙයි… පන්ති කාමර 03ක් විනාසයි…

පස් කන්දක් නායේ යෑමෙන් තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයේ දරු පැටවු යන්තම් බේරෙයි… පන්ති කාමර 03ක් විනාසයි…

ඔක්තෝබර් 4, 2023
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • විදුලි බිල වැඩි කිරීමට ඉල්ලුවේ ඇයි. ?. විදුලි බල ඇමතිවරයා පාර්ලිමේන්තුවට හේතු කියයි!
  • පස් කන්දක් නායේ යෑමෙන් තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයේ දරු පැටවු යන්තම් බේරෙයි… පන්ති කාමර 03ක් විනාසයි…
  • සිසුවෙකුට අවවාද කිරීම නිසා කිපුණු සිසුවාගේ ඥාතීන් නියෝජ්‍ය විදුහල්පතිට පොළුවලින් පහර දීලා…. නියෝජ්‍ය විදුහල්පති බරපතල තුවාල සහිතව රෝහලේ!

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.