බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අමෙරිකාවේ දෙවැනි බලවතාට උපදෙස් දෙන ලාංකේය කත

by Lanka Sara Editor
දෙසැම්බර් 4, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

අමෙරිකාවේ උප ජනාධිපති ලෙස තේරී පත් වූ කමලා හැරිස් ඇයගේ දිගුකාලීන උපදේශකවරිය වූ ශ්‍රී ලංකා-ඇමරිකානු පුරවැසියකු වන රෝහිණී කොසොග්ලු ඇගේ දේශීය ප්‍රතිපත්ති උපදේශක ලෙස නම් කර තිබේ.

“මගේ දේශීය ප්‍රතිපත්ති උපදේශක ලෙස සේවය කරන්නේ ඇමරිකානු ජනතාව මුහුණ දෙන වැදගත්ම කාරණා පිළිබඳ විශේෂඥයෙකු පමණක් නොව, සෙනෙට් සභාවේ සහ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ මගේ සමීපතම සහ විශ්වාසවන්ත සහායකයකු වන රෝහිණී කොසොග්ලු ය.” කමලා හැරිස් පැවසුවාය.

මෙරට යාපනයේ පදිංචි වෛද්‍ය විජේදේවේන්ද්‍රම් රවින්ද්‍රන් සහ ශෝභනා රවින්ද්‍රන් යන දෙපළට දාව උපන් රෝහිනී ශ්‍රී ලංකා-ඇමරිකානු පුරවැසියෙකි. මුලින් නිව් ජර්සි හි විසූ රෝහිනී කොසොග්ලු මිචිගන් විශ්ව විද්‍යාලයේ සහ ජෝර්ජ් වොෂිංටන් විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකු වන අතර දරුවන් තිදෙනෙකුගේ මවකි.

බයිඩ්න්-කමලා බල සංක්‍රාන්ති සමයේදී මෙන්ම කමලා හැරිස් උප ජනාධිපතිවරයාගේ ලෙස තේරී පත් වීම වෙනුවෙන් අමෙරිකානු දේශපාලනයේ තීරණාත්මක කාර්යභාරයක් රෝහිනී විසින් ඉටු කළ අතර 2017 සිට හැරිස් මහත්මියගේ ජ්‍යෙෂ්ඨ උපදේශිකාවක ලෙස සේවය කළාය. ඇය මීට පෙර හැරිස් මහත්මියගේ සෙනෙට් කාර්යාලයේ මාණ්ඩලික ප්‍රධානී ලෙස සේවය කළාය. සෙනෙට් සභාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස සේවය කළ පළමු දකුණු ආසියානු ඇමරිකානු කාන්තාව ඇයයි.

RelatedPosts

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

හාවඩ් විශ්ව විද්‍යාලයේ කෙනඩි පාසලේ ඇගේ චරිතාපදානයට අනුව, රෝහිනී මැතිවරණ ව්‍යාපාරයේ ජ්‍යෙෂ්ඨ උපදේශිකාවක් ලෙස රෝහිනී කොසොග්ලු ඩොලර් මිලියන 40 ක අයවැයක් සහිත තුන්සියයකට අධික කාර්ය මණ්ඩලයක් සිටින කණ්ඩායමක් සඳහා විවාද සකස් කිරීම, ප්‍රතිපත්ති, සන්නිවේදනය සහ මෙහෙයුම් කළමනාකරණය කර අධීක්ෂණය කර ඇති තැනැත්තියකි.

හැරිස්ගේ මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ වීමට පෙර රෝහිනී කොසොග්ලු සෙන්ස්, කොලරාඩෝ හි මයිකල් බෙනට් සහ මිචිගන්හි ඩෙබී ස්ටේබෙනෝ සමඟ ජ්‍යෙෂ්ඨ නායක තනතුරු දැරීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාසල් නැති කාලයේත් දෙමාපියන් සුද්ද කරන ජාත්‍යන්තර පාසල් සහ ටියුෂන් ගුරුවරු

Next Post

කොවිඩ් දෙවන රැල්ලේ ආසාදිතයන් ගණන 23000 ඉක්මවයි…

Related Posts

rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.