අමෙරිකානු ජනපතිවරණ ඉතිහාසයට බයිඩ්න්ගෙන් වාර්තාවක්!

අමෙරිකානු ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම අවසන්ව නැතත්, හිටපු උප ජනාධිපති ජෝ බයිඩ්න්ට එරට මැතිවරණ ඉතිහාසයේ වෙනත් කිසිදු අපේක්ෂකයෙකුට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලැබී ඇති බව එරට වාර්තා පවසයි.

හිටපු ජනාධිපති බරක් ඔබාමා 2008 දී ලබාගත් ඡන්ද සංඛ්‍යාව නිල වශයෙන් මෙවර ජනාධිපතිවරණයේදී බයිඩ්න් අභිබවා තිබුණේ අද උදෑසන 8 වනවිට ය.

ඡන්දය දැමීම සඳහා සුදුසුකම් ලත් ඇමරිකානුවන්ගෙන් සියයට 65 ක් ඡන්දය ප්‍රකාශ කළ 1908 න් පසු වැඩිම ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතයක් වාර්තා වී ඇත්තේ මෙවර ජනාධිපතිවරණයේ ය.


මේ වසරේදී ඡන්ද මිලියන 160 ක් පමණ ලබා ගැනීමට සමත් වූ අතර එමඟින් සුදුසුකම් ලැබීමේ ප්‍රතිශතය සියයට 67 ක් පමණ වනු ඇත.

මේ වන විටත් ප්‍රාන්ත කීපයක ඡන්ද ගණන් කිරීම සිදුවන අතර විස්කොන්සින්, මිචිගන් වැනි ප්‍රධාන ප්‍රාන්ත වල ජය බයිඩ්න්ට හිමිවීමත් සමග ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණේ තමා දිනන්නට තිබූ ප්‍රධාන ප්‍රාන්ත කිහිපයක තම ඡන්ද මැජික් එකකින් අතුරුදහන් වූවා මෙන් වන බවය.

කෙසේ වෙතත් ප්‍රතිඵල නිකුත් කිරීම මග නවතන්න ඉල්ලා ට්‍රම්ප් අධිකරණයට යාමට සූදානම් වන බවට පවසා ඇති අතර දිගු වෙලාවක සිට ඡන්ද ප්‍රතිඵල නිකුත් වීම ප්‍රමාද වෙමින් පැවතීම පිළිබඳ කාගේ කුතුහලය මතු වී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වන විට ජෝ බයිඩ්න් ඡන්ද කොට්ඨාස 238 ක් ද ඩොනල්ඩ් ට්‍රම්ප් ඡන්ද කොට්ඨාස 213 ක් ද දිනාගෙන සිටි.

Exit mobile version