දිනසේන රතුගමගේ
-
තමා වෙනුවෙන් මියගිය සැරයන් හේමචන්ද්‍රගේ සිවුවන වසරේ දානමය පින්කමත් විනිසුරුවරයාගේ ප්‍රධානත්වයෙන්…
-
දරුවන්ගේ සියලුම අධ්‍යාපන කටයුතු වෙනුවෙන් විදයම් කරන්නේ විනිසුරුවරයා…
මානික්කවාසගර් ඉලන්චෙලියන් යාපනයේ මහාධිකරණ විනිසුරුවරයා වශයෙන් සේවය කරමින් සිටියදි ඔහුව ඝාතනය කිරීමට පැමිණි ඝාතකයා විසින් තබන ලද වෙඩි පහරකින් මියගිය පොලිස් සැරයන් සරත් හේමචන්ද්‍රගේ සිව්වෙනි වසරේ දානමය පිංකම විනිසුරුවරයාගේ ප්‍රධානත්වයෙන් හලාවතදී ඊයේ ( 22 ) සිදු කෙරුණි.
මියගිය පොලිස් සැරයන්වරයාගේ ඡායාරූපයට පහන් දල්වා ඔහුගේ සොහොන ඉදිරියේ ද ආගමික වතාවත් ඉටු කළ ඉලන්චෙලියන් විනිසුරුවරයා පවුලේ පිරිස සමග දානමය පින්කමට සහභාගී වී තිබේ.
පොලිස් සැරයන්වරයා මියගිය පසුව ඔහුගේ දරුවන් දෙදෙනාට පියෙකු මෙන් සලකන මෙම විනිසුරුවරයා ඔවුන්ගේ සියලුම අධ්‍යාපන කටයුතු පිළිබඳවද සොයා බලයි.
2017 ජූලි 22 දින යාපනයේ නල්ලූර් ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදු වූයේ විනිසුරුවරයා ඉලක්ක කර ගනිමිනි.
පොලිස් සැරයන්වරයා මියගිය දිනයේදී ඔහුගේ බිරියගේ දෙපා නැමද සමාව ඉල්ලීමට තරම් සංවේදී වූ මෙම නිහතමානී ඉලන්චෙලියන් මහාධිකරණ විනිසුරුවරයා දැනට ත්‍රිකුණාමළයේ මහාධිකරණ විනිසුරුවරයා වශයෙන් සේවය කරනු ලබයි.