රටේ සියලුම පොලිස් ස්ථානවල ප්‍රජා පොලිස් කමිටුවක දෙදෙනෙක් බැගින් අද (17) කොළඹට කැඳවීමට මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
මේ අනුව එකතුවන 1200කට ආසන්න පොලිස් කණ්ඩායමක් ජයවර්ධනපුර ප්‍රදේශයේ හෝලයක රැස්කර විශේෂ රැස්වීමක් පැවැත්වෙන බවත්, මේ සඳහා වූ ගමන් වියදම් සහ නිලධාරින්ගේ ආහාර දීමනා අදාල පොලිසි විසින් දැරිය යුතු බවත් දන්වා ඇත.
විශේෂත්වය වන්නේ මෙම පිිරිස කැඳවා ඇත්තේ නිල වශයෙන් ලිඛිතව සිදුකළ දැනුම්දීමකින් නොව, අමාත්‍යාංශයේ නිලධාරියෙක් විසින් ඇමතිවරයාගේ නියෝග ප්‍රකාරව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ට දුරකථන මාර්ගයෙන් දැනුම් දීමෙන් බව මාධ්‍ය වාර්තා කරයි.







