අබලි ඩිෆෙන්ඩර් 11කට යුද හමුදාව පණදෙයි

දුමින්ද සෙනරත්

කටුබැද්ද පිහිටි ශ්‍රී ලංකා යුධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු මූලික වැඩපොලේ සේවයේ නියුතු යුද හමුදා සාමාජිකයන් ගේ දායකත්වයෙන් “ලෑන්ඩ් රෝවර් “වර්ගයේ ඩිෆෙන්ඩර් රථ නවීකරණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබ.

මේ අනුව එම වැඩපොලේ සේවයේ නියුතු විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු ඉංජිනේරු බලකායට අයත් සෙබළුන්ගේ සුරතින් නව්‍යකරණයට ලක් වූ ලෑන්ඩ් රෝවර් වර්ගයේ ඩිෆෙන්ඩර් රථ එකොළහක් ඉදිරි කාල සීමාව තුළ යළිත් යුද හමුදා සේවයට එක් වීමට නියමිතය .


ශ්‍රී ලංකා යුධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු මූලික වැඩපොළ තුළින් යුද හමුදාවේ ඇති සැහැල්ලු වාහනවලට අදාල මූලික අලුත්වැඩියා කටයුතු සිදු කරයි.

ඊට අමතර ව එහි යුද හමුදාවට අයත් විවිධ වාහන සම්බන්ධයෙන් නවීකරණ කටයුතු සිදු කරනු ලබයි .

මේ අනුව එම විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු මූලික වැඩපල තුළින් එක් මසක් තුළ දී දළ වශයෙන් යුද හමුදාවට අයත් වාහන 12 ක පමණ ඊට අදාළ අළුත්වැඩියා කිරීම් කටයුතු සිදු කරනු ලබයි .

මේ අනුව 2021 වසරේ මැයි මස තුළදී ඉතා අබලි හා භාවිතාවට නුසුදුසු තත්වයේ පැවති වසර 30 ක ටත් වඩා පැරණි ලෑන්ඩ් රෝවර් වර්ගයේ ඩිෆෙන්ඩර් රථ එකොළහක් ,ඒවා නිෂ්පාදිත වර්ෂයන් තුළ පැවති මුල් තත්වයට ඉතාමත් සමාන වන ආකාරයෙන් සියලුම පහසුකම්වලින් අනූනව අති නවීන වාහනයකට සම වන අයුරින් නව්‍යකරණයට ලක් කර තිබේ .

මෙසේ නව්‍යකරණයට ලක්කරන ලද සියලුම ලෑන්ඩ් රෝවර් වර්ගයේ ජීප් රථයන් වර්ෂ 1990 සිට වර්ෂ 2006 දක්වා අතර වූ කාල සීමාව තුළ මහා බ්‍රිතාන්‍යයේ ප්‍රකට ජීප් රථ සමාගමක් වන ලෑන්ඩ් රෝවර් සමාගම මගින් නිෂ්පාදනය කරනු ලැබූ ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථයන් වන අතර ඇතැම් ජීප් රථවලට අවශ්‍ය අමතර කොටස් , කටුබැද්දේ පිහිටි ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු මූලික වැඩපොලේ සෙබළුන්ගේ සුරතින් ම නිෂ්පාදනය කර තිබීමද මෙහි ඇති තවත් විශේෂත්වයකි.

මෙම ලෑන්ඩ් රෝවර් වර්ගයේ ඩිෆෙන්ඩර් රථ , අශ්ව බල 113 කින් සමන්විත වන අතර එහි ඇති එන්ජින් ධාරිතාවය කියුබික් සෙන්ටි මීටර 2495 කින් සමන්විතය .

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තවද එම සියලුම ජීප් රථයන් වෙනුවෙන් අදාල ඕෆ් රෝඩ් ( Off-Road ) හැකියාවන් ලබාදීම සඳහා , ඒවාට ඕල් වීල් ඩ්‍රයිව් ( all wheel drive) තත්ත්වය ට පත් කර ඒවා නව්‍යකරණයට ලක් කර තිබීම ද මෙහි ඇති තවත් සුවිශේෂත්වයකි .

Exit mobile version