සෙනසුරාදා, ජූනි 6, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපේ විශිෂ්ටම මිතුරා ඔබයි… ජනපති ඉන්දියානු අගමැතිවරයාට විදේශ රාජ්‍ය නායකයෙකුට පිරිනමන උසස්ම සම්මානය පිරිනමමින් කියයි!

by editor
අප්‍රේල් 5, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

කිලෝ මීටර 50ක නොඅඩු මුහුදු තීරයකින් වෙන් වී සිටින ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති ගෞරවනීය බැඳීම ඊට වඩා බෙහෙවින්ම සමීප සහ ගැඹුරු එකක් බවත්, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සිය භූගෝලීය සමීපත්වයට වඩා වැඩි යමක් බෙදා – හදා ගන්නා බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසුවේය.

වසර දෙදහස් පන්සීයකට වැඩි කාලයක් පුරා දිවෙන ගැඹුරු ඓතිහාසික, ආගමික සහ සංස්කෘතික සබඳතා ඇති අසල්වැසියන් ලෙස ශ්‍රී ලංකාව සහ ඉන්දියාව කාලයේ පරීක්ෂාව සමත්ව ඇති බවත් දෙරාජ්‍ය අතර බැඳීම ගොඩනැඟී ඇත්තේ පොදු වටිනාකම්, අන්‍යෝන්‍ය ගෞරවය සහ පොදු අභිලාෂයන් මත බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කීවේය. ඔහු පෙන්වා දුන්නේ සම්ප්‍රදායික නොවූ දේශපාලන පසුබිමකින් පැමිණ ඉන්දියාවේ මහා පරිවර්තනීය අවධියක් නිර්මාණය කළ මෝදි අගමැතිවරයාගේ දේශපාලනයට සමාන දේශපාලන වෙනසක් ශ්‍රී ලංකාව තුළද ඇති වී තිබෙන බවත් ජාතියේ විශිෂ්ඨම මිතුරා ලෙස ඉන්දියාව පිළිගන්නා බවත්ය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඉන්දියානු අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා රාජ්‍ය සංචාරය අතරතුර ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ජනමාධ්‍ය අමතමිනි.

එම පූර්ණ ප්‍රකාශය පහත දැක්වේ.

RelatedPosts

අඟුරුවාතොට සුරැකුම් මධ්‍යස්ථාන ගින්න: හිමිකරුවන් නොමැති මෘතදේහයන්හි අවසන් කටයුතු රජයේ වියදමින්!

ඉරාන පාපන්දු කණ්ඩායමට ඇමරිකාවට එන්න අවසර ලැබෙයි… ලෝක පාපන්දුව මත පතිත වීමට ගිය ඉරාන – ඇමරිකා ව්‍යසනය යන්තමින් බේරුණු හැටි!

ඊශ්‍රයාලයේ ආරක්ෂක ඇමතිට සහ මුදල් ඇමතිට අයර්ලන්තයට පැමිනීම තහනම් කරයි… අයර්ලන්ත අගමැතිගෙන් ප්‍රකාශයක්…

අතිගරු අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමනි, අතිගරු අග්‍රාමාත්‍ය ආචාර්‌ය හරිනි අමරසූරිය මැතිනියනි, ගරු අමාත්‍යවරුනි, සම්භාවනීය නියෝජිතවරුනි, නෝනාවරුනි, මහත්වරුනි,

ජනමාධ්‍ය නියෝජනය කරන මිත්‍රවරුනි,

ආයුබෝවන්, වනක්කම්, නමස්තේ, සුබ උදෑසනක්!

අපගේ රජය පිහිටු වීමෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු රාජ්‍ය නායකයා ලෙස අතිගරු ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මැතිතුමා සහ සම්භාවනීය දූත පිරිස මම උණුසුම් ලෙස පිළිගන්නවා. සාම්ප්‍රදායික නොවන දේශපාලන පසුබිමකින් පැමිණ, සිය රට, දියුණු, නව ලෝකයක් කරා ගමන් කිරීමට බාධාවක්ව පවතින දේශපාලන සංස්කෘතිය සහ අගතීන් වෙනස් කරන බවට ජනතාව සමග ඇති කර ගත් සම්මුතියකින් බලයට පැමිණි ගරු ශ්‍රී නරේන්ද්‍ර මෝදි අගමැතිතුමා විසින් ඉන්දියාවේ සිදු කරන ලද දේශපාලන පරිවර්තනයට සමාන අපේක්ෂාවන්ගෙන් යුතුව බලය අත්පත් කර ගත් අප මෙම සිදුවීම් අගය කිරීම, ඓතිහාසික කටයුත්තක් ලෙස මා සලකනවා.

මෙම සංචාරය, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අනාදිමත් කාලයක සිට පවත්වා ගෙන එන සබඳතාවල සමීපත්වය සහ මිත්‍රශීලීබව පිළිබිඹු කරනවා. කිලෝමීටර 50 කට වඩා අඩු පටු සාගර තීරයකින් වෙන්ව ඇති ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය මෙම සමීපත්වයටත් වඩා බෙහෙවින් සමීප බව කිව යුතුමයි.

විවිධත්වයේ දේශය වන ඉන්දියාව, ඉතිහාසයේ සිටම ලෝක සංස්කෘතිය සහ ආධ්‍යාත්මික උරුමයන් සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දී තිබෙනවා. එය අද දවසේ ගෝලීය වේදිකාවේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරන බව සිහිපත් කරනවා.

ඉන්දියාව බැබලෙන ආකාරයත්, නැඟී සිටින ආකාරයත් අපි දැක තිබෙනවා. කලාපීය බලවතෙකු ලෙස පමණක් නොව ලෝක බලවතෙකු ලෙසත් ඉන්දියාව ස්ථානගතව ඇති ආකාරය සම්බන්ධයෙන් අපි අත්පොළසන් දෙනවා. අපගේ ඒ අත්පොළසන් දීම අවංක වූවක් බවත් සඳහන් කළ යුතුයි. ඉන්දියාව මෙන්ම ශ්‍රී ලංකාව ද විශ්වාස කරන්නේ දකුණු ආසියාවේ නැගිටීම, දකුණු ආසියාවටම බැබලිය හැකි, එක්ව ළඟා කර ගත යුතු ඉලක්කයක් බවයි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සිය භූගෝලීය සමීපත්වයට වඩා වැඩි යමක් බෙදා – හදා ගන්නවා. අප වසර දෙදහස් පන්සීයකට වැඩි කාලයක් පුරා දිවෙන ගැඹුරු ඓතිහාසික, ආගමික සහ සංස්කෘතික සබඳතා ඇති අසල්වැසියන්. කාලයේ පරීක්ෂාව සමත්ව ඇති අපගේ සම්බන්ධතාව ගොඩනැඟී ඇත්තේ පොදු වටිනාකම්, අන්‍යෝන්‍ය ගෞරවය සහ පොදු අභිලාෂයන් මතයි. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව තම රටවල විවිධත්වය හා ගතිකත්වය බෙදා ගනිමින් ශිෂ්ටාචාරික හවුල්කරුවන් ලෙස ඉතිහාසය, භාෂාව, ආගම, ආචාරධර්ම, කලාව, සංස්කෘතිය, ගෘහ නිර්මාණ ශිල්පය ආදී සෑම ක්ෂේත්‍රයකම සමීපතමයින් බවට පත්ව තිබෙනවා.

ආසන්නතම, අත් නොහැර සිටින මිත්‍රත්වය සම්බන්ධයෙන් අපට සිහිපත් වන උදාහරණයක් වන්නේ 1996 වසරේ ලෝක කුසලාන තරගාවලියේ දී, ආරක්ෂාව සම්බන්ධ කරුණක් මත කණ්ඩායම් දෙකක් අප රටේ සංචාරය කිරීම ප්‍රතික්ෂේප කළ අවස්ථාවේදී ඉන්දියාව ඒකාබද්ධ කණ්ඩායමක් ලෙස ප්‍රදර්ශන තරගයකට සහභාගීව දැක් වූ මිත්‍රත්වයයි. ඒ සම්බන්ධයෙන් අපගේ ප්‍රණාමය නැවතත් පළ කරන්නට කැමැතියි.

ශ්‍රී ලංකාව ජාතික අභිලාෂයන් මුල් තැන තබාගෙන සාමය හා ජාතීන්ගේ ස්වෛරීභාවය ප්‍රවර්ධනය කරමින් හසුරුවන විදේශ ප්‍රතිපත්තිය අපගේ මාර්ග සිතියම වෙනවා. මෙයට සුළු වේලාවකට පෙර, අගමැති මෝදි මැතිතුමා සහ අපගේ නියෝජිත පිරිස් ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වුණා.

අපගේ ද්විපාර්ශ්වික සහයෝගීතාවේ වත්මන් තත්ත්වය පුළුල්ව සමාලෝචනය කළ අප, අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍රවල අපගේ සබඳතා තවදුරටත් ශක්තිමත් කරගත හැකි ආකාරය සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගත්තා.

නවදිල්ලි නුවර වෙත සිදු කළ මාගේ සාර්ථක සංචාරය සිහිපත් කරන අතරම, එහිදී සම්මත කරගත් ‘බෙදාගත් අනාගතයක් සඳහා හවුල්කාරිත්වය ප්‍රර්වර්ධනය කිරීම නම් ‘ ඉන්දියා – ශ්‍රී ලංකා ඒකාබද්ධ ප්‍රකාශනයේ ඇතුළත් ක්‍රියාමාර්ග සාක්ෂාත් කර ගැනීමට ශ්‍රී ලංකාව දක්වන කැපවීම මා විසින් අගමැති මෝදි මැතිතුමා හට දැනුම් දුන්නා.

මෙරට ආර්ථිකය යළි ප්‍රකෘතිමත් කිරීම, වර්ධනය සහ ස්ථාවරත්වය සඳහා ලබා දුන් අචල සහයෝගය වෙනුවෙන් මා අගමැති මෝදි මැතිතුමාට සහ ඉන්දියානු රජයට ස්තුතිය පළ කළා.

අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමාගේ නායකත්වය සහ ඉන්දියාව ජාත්‍යන්තරයට ගෙන ගිය ඔහුගේ පරිවර්තනීය මුලපිරීම් මෙන්ම ශ්‍රී ලංකාව කෙරෙහි එතුමාගේ ඇති පෞද්ගලික මිත්‍රත්වය හේතුවෙන් ආර්ථික ප්‍රතිසංස්කරණ, යටිතල පහසුකම් සංවර්ධනය සහ සමාජ සවිබල ගැන්වීම යන ක්ෂේත්‍ර තුළ
ශ්‍රී ලංකාවේ අපට විශාල ප්‍රතිලාභ ප්‍රමාණයක් ලැබී තිබෙනවා.

“අසල්වැසියා පළමුව යන ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්ති රාමුවලට අනුකූලව අප රටේ ආර්ථික ප්‍රතිසාධන ක්‍රියාවලියට සහ තිරසර ආර්ථික ගමනට ඉන්දියාව දක්වන පූර්ණ කැපවීම සහ සහයෝගය‍ට අගමැති මෝදි මැතිතුමන්ට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා.

සාර්ථක ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන සහ ස්ථාවරත්වය කරා ගමන් කරන අපගේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව මා අගමැති මෝදි මැතිතුමාට පැහැදිලි කළා. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ දී ඉන්දියානු රජය දැක් වූ සහයෝගයට මා ස්තූති වන්ත වෙනවා.

දෙරට අතර දැනටමත් පවතින විශිෂ්ට ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීම පිළිබඳව විස්තරාත්මකව සාකච්ඡා කළ අතර, ඉන්දියාවේ ආරක්ෂාවට මෙන්ම කලාපීය ස්ථාවරත්වයට හානිදායක වන කිසිදු කාර්යයකට ශ්‍රී ලංකාවේ භූමිය භාවිත කිරීමට ඉඩ නොදීමේ ස්ථාවරය මා නැවත වරක් තහවුරු කළා.

අන්‍යෝන්‍ය ආර්ථික කලාපයෙන් ඔබ්බට මහාද්වීපික තටාකයේ පිටත සීමාවන් පිහිටු වීමට, එක්සත් ජාතීන්ගේ මහාද්වීපික තටක සීමාවන් පිළිබඳ කොමිසම වෙත ඉදිරිපත් කොට ඇති ශ්‍රී ලංකාවේ හිමිකම් පෑමට අදාළ ද්විපාර්ශ්වික තාක්ෂණික සාකච්ඡා කඩිනමින් කැඳවීම සඳහා අගමැති මෝදි මැතිතුමාගේ මැදිහත්වීම මා ඉල්ලා සිටියා.

වර්ධනය, නවෝත්පාදනය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ඩිජිටල් ආර්ථිකයක සංවර්ධනය කිරීමේ වැදගත්කම ශ්‍රී ලංකාව හඳුනාගෙන තිබෙනවා. ඒ සඳහා ඉතා වැදගත් බහු- ක්ෂේත්‍රවල ඇති කර ගත හැකි ඩිජිටල්කරණ සහයෝගීතාව පිළිබඳව අප සාකච්ඡා කළා. ශ්‍රී ලංකා ඩිජිටල් අනන්‍යතා – SLUDI ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දියානු රුපියල් කෝටි 300ක මූල්‍ය ප්‍රදානයක් ලබා දීම සම්බන්ධයෙන් මා ඉන්දියානු රජයට ස්තුතිවන්ත වෙනවා.

අපගේ ආර්ථික සහ පුද්ගල සබඳතා අතර හවුල්කාරිත්වය ඇති කර ගැනීමේ දී සම්බන්ධ කතාව තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බව අප හඳුනාගත්තා. මහව – ඕමන්ත දුම්රිය මාර්ගය ඉදිකිරීම සඳහා ලබා දුන් සහය වෙනුවෙන් මහව – අනුරාධපුරය දුම්රිය මාර්ගයේ ස්ථාපනය කෙරෙන සංඥා පද්ධතිය සඳහා ලබා දුන් ඇමරිකානු ඩොලර් මිලියන 14.9 ක ණය පහසුකම ප්‍රදානයක් බවට පරිවර්තනය කිරීම සම්බන්ධයෙනුත් මා අගමැති මෝදි මැතිතුමාට ස්තූතිවන්ත වුණා.

අගමැති මෝදි මැතිතුමා සහ මා මෙම ව්‍යාපෘති දෙක හෙට අනුරාධපුරයේදී විවෘත කරන බව සතුටින් දැනුම් දීමට කැමතියි. බලශක්ති සුරක්ෂිතතාව සාක්ෂාත් කර ගැනීම සඳහාත්, ජනතාවගේ අවශ්‍යතා සපුරාලීම සඳහාත් විශ්වාසදායක, දැරිය හැකි සහ කාලෝචිත බලශක්ති සම්පත් යොදා ගැනීම සහතික කිරීම සඳහා අපගේ රජයේ ප්‍රමුඛත්වය සහ එම ක්ෂේත්‍රය තුළ තවදුරටත් ඇති කර ගත හැකි සහයෝගීතාව පිළිබඳව අප විස්තරාත්මකව කරුණු සාකච්ඡා කළා. එමෙන්ම සංවර්ධන සහයෝගීතාව සහ කෘෂිකර්මාන්තය පිළිබඳව ද අප අදහස් හුවමාරු කර ගත්තා.

දෙරට අතර වෙළෙඳ හා ආයෝජන සහයෝගීතාව පිළිබඳව ද අගමැති මෝදි මැතිතුමා සහ මා කරුණු සාකච්ඡා කළා. ප්‍රධාන සහයෝගිතා අංශවල වැඩි ඉන්දීය ආයෝජන සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ සිදු කිරීම දිරිමත් කිරීමට ඉන්දියානු රජයේ සහ අගමැති මෝදි මැතිතුමාගේ සහය අප ඉල්ලා සිටියා.

සංචාරක අංශයේ සහයෝගීතාව කෙරෙහි අපගේ සාකච්ඡාවල දී අවධානය යොමු වුණා. මෑත කාලීනව වැඩිම සංචාරකයන් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ඉන්දියාවෙන්. එබැවින්, මෙම අංශයේ විභවතාව ඉහළ නැංවීම සඳහා සහයෝගීතාව වර්ධනය කර ගැනීම කෙරෙහි අවධානය යොමු කිරීම පිළිබඳවත් අප අදහස් හුවමාරු කර ගත්තා.

අපගේ විදේශගත ශ්‍රමිකයන්ට ප්‍රතිලාභ සැලසෙන පරිදි දෙරට අතර සමාජ ආරක්ෂණ ගිවිසුම කඩිනමින් අවසන් කිරීම සඳහා අගමැති මෝදි මැතිතුමාගේ මැදිහත්වීම ද අප ඉල්ලා සිටියා.

ධීවර ගැටලුව සඳහා තිරසර විසඳුමක් ලබාදීමට සහයෝගී ප්‍රවේශයක ඇති අවශ්‍යතාව අප සාකච්ඡා කළා. දෙරටේම තහනම් ආම්පන්නයක් වන පතුලේ ඇදගෙන යන දැල්පන්න ක්‍රමය මඟින් සිදු වන දැඩි පාරිසරික හානිය හඳුනා ගනිමින්, මෙම ක්‍රියාව නැවැත්වීමට සහ නීතිවිරෝධී, වාර්තා නොකළ සහ නියාමනය නොකළ මසුන් ඇල්ලීම මැඬපැවැත්වීමට පියවර ගන්නා ලෙස අප ඉල්ලා සිටියා.

අද දින, බලශක්තිය, ආරක්ෂක සහයෝගීතාව, සෞඛ්‍ය අංශ සහයෝගීතාව, යටිතල පහසුකම් ව්‍යාපෘති සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ආදී ක්ෂේත්‍රවලට අදාළව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්විපාර්ශ්වික ගිවිසුම් කිහිපයක් හුවමාරු කර ගැනීමේ අවස්ථාවට සහභාගී වීම ගැන අප සතුටු වනවා. නිසැකවම එය අපගේ සම්බන්ධතාවේ තවත් ඉදිරි පියවරක්. අපගේ ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 120ක ධාරිතාවක් එකතු කරන සාම්පූර් සූර්ය බලාගාරයට මුල්ගල් තැබීම, ශ්‍රී ලංකාව පුරා ආගමික ආයතන 5,000 ක් සඳහා සූර්ය විදුලිබල පද්ධති සැපයීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීම සහ ශ්‍රී ලංකාවේ ඇති එකම උෂ්ණත්ව පාලන කෘෂිකර්ම ගබඩාව වන දඹුල්ලේ පිහිටි කෘෂිකර්ම ගබඩාව විවෘත කිරීම සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ අගමැති මෝදි මැතිතුමා සමඟ එක්වීමට ලැබීම ගැන මා විශේෂයෙන් සතුටු වනවා. මෙම ජනතා කේන්ද්‍රීය ව්‍යාපෘති සාක්ෂාත් කර ගැනීම සඳහා ලබා දුන් කාරුණික සහයෝගීතාව සහ සහය වෙනුවෙන් ඉන්දියානු රජයට අප බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා.

ඉන්දියාවෙන් අපට ලැබුණු ශ්‍රේෂ්ඨතම ත්‍යාගය වන බුදු දහමේ ආගමනයෙන් පසු අපේ රටේ ඇති වූ ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයේ ප්‍රතිමූර්තියක් වන අනුරාධපුරයට අගමැති මෝදි මැතිතුමා සහ දුත පිරිස හෙට සංචාරය කරන බව මා සතුටින් සඳහන් කිරීමට කැමතියි. අගමැති මෝදි මැතිතුමා අනුරාධපුරයේ දී ජය ශ්‍රී මහ බෝසමිඳුන් වැඳ පුදා ගැනීමට ද නියමිතයි.

පසුගිය ආර්ථික අර්බුද අවස්ථාවේ දී ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා මෙන්ම ආර්ථිකය යළි ගොඩනැඟීම පිණිස ඉන්දියාව තවදුරටත් ශ්‍රී ලංකාවට සහාය දෙන බවට මෝදි අගමැතිතුමා විසින් ප්‍රකාශය පත් කළා. ශ්‍රී ලංකාව ගොඩනැංවීමට සහායකයෙකු සහ මිතුරෙකු ලෙස ඉන්දියාව ළඟින්ම සිටින බවට ඒ දුන් සහාය සුවිශාල ශක්තියක් වූ බව අවධාරණය කළ යුතුයි. සංවර්ධනය, නවෝත්පාදනය, ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂාව, ස්ථාවරත්වය, සාමය සහ අප ජනතාවගේ සමෘද්ධිය සඳහා හවුල්කාරීත්වයෙන් පොදු ඉදිරි ගමනක් වැලඳ ගැනීමට අපගේ රටවල් දෙකෙහිම ජනතාවට අවස්ථාවක් ලබා දිය යුතුයි.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යනු සිතියමක ඇති රටවල් දෙකක් පමණක් නොවේ. ඒ ඉතිහාසයෙන් සම්බන්ධ වූ, වෙළඳාමෙන් ශක්තිමත්ව බැඳුණා වූ, මිත්‍රත්වයෙන් ඔවුනොවුන් හා බැඳී සිටින ජාතීන් දෙකක් බව අවධාරණය කළ යුතුයි. එමෙන්ම, අගමැති මෝදි මැතිතුමාගේ ” සබ්බා සාත් – සබ්බා විකාස්” (සැමට සහාය- සැමට සංවර්ධනය) කියන සංකල්පය කාලීන හා යථාර්ථවාදී සංකල්පයක් ලෙස අගය කරන්නට ද කැමතියි.

අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මැතිතුමා ශ්‍රී ලංකාවට සහ එහි ජනතාවට සැමවිටම ලබා දුන් ශ්‍රේෂ්ඨ මිත්‍රත්වයේ සහ නොබිඳුණු, බහුවිධ සහයෝගයේ සංකේතයක් ලෙස, විදේශීය රාජ්‍ය නායකයකුට ලබා දෙන ඉහළම ශ්‍රී ලාංකික ගෞරවය වන ‘ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ’ ගෞරවාභිධානය එතුමාට ප්‍රදානය කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇති බව මා සතුටින් ප්‍රකාශ කරනවා. මෙම ගෞරවාභිධානය, ශ්‍රී ලංකාවේ ජනතාව කෙරෙහි ඔවුන්ගේ මිත්‍රත්වය සහ සහයෝගීතාව අගය කරනු වස් විදේශීය රාජ්‍ය නායකයන්ට පිරිනමනු ලබන ගෞරවාභිධානයක්. සැමවිටම ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටි සමීප මිතුරකු වන අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමා මෙම ගෞරවය ලැබීමට අතිශය සුදුස්සකු බව අප තරයේ විශ්වාස කරනවා.

ශ්‍රී ලංකාවේ අපද පරිවර්තන මාවතේ ගමන් කරමින් සිටිනවා අප එය හඳුන් වන්නේ ‘‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ජාතික ප්‍රතිපත්තිය ලෙසයි. ආර්ථික ප්‍රගතිය, සමාජ සාධාරණත්වය මෙන්ම සෑම පුරවැසියෙකුටම ඔවුන්ගේ පසුබිම කුමක් වුවත් සමෘර්ධිමත් වීමට අවස්ථාව ඇති මාවතක් ලෙස එය ගොඩනංවා තිබෙනවා.

අසල්වැසියන් ලෙසත්, හවුල්කරුවන් ලෙසත්, ඓතිහාසික මිතුරන් ලෙසත්, එක්ව, සංවර්ධනයෙන් පිරිපුන් අනාගතයක් ගොඩනැංවීමට මේ අවස්ථාවේ අපි අධිෂ්ඨාන කර ගනිමු. ජනතා කේන්ද්‍රීය දේශපාලන පරිවර්තනයක් සිදු වෙමින් පවතින මෙම වැදගත් අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නියැළීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මැතිතුමාට සහ එතුමාගේ දූත පිරිසට මගේ කෘතඥතාව නැවත වරක් පළ කර සිටිනවා.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඉන්දු- ශ්‍රී ලංකා නියෝජිතවරු සාකච්ඡා පවත්වති!

Next Post

 “ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ මෝදි”

Related Posts

පුවත්

අඟුරුවාතොට සුරැකුම් මධ්‍යස්ථාන ගින්න: හිමිකරුවන් නොමැති මෘතදේහයන්හි අවසන් කටයුතු රජයේ වියදමින්!

ජූනි 6, 2026
chartered-institute-of-media-professionals
පුවත්

ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය= පිහිටුවීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ!

ජූනි 6, 2026
Meegoda-accident-Suspects
පුවත්

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට සුරැකුම් මධ්‍යස්ථාන ගින්න: හිමිකරුවන් නොමැති මෘතදේහයන්හි අවසන් කටයුතු රජයේ වියදමින්!

ජූනි 6, 2026
Iran

ඉරාන පාපන්දු කණ්ඩායමට ඇමරිකාවට එන්න අවසර ලැබෙයි… ලෝක පාපන්දුව මත පතිත වීමට ගිය ඉරාන – ඇමරිකා ව්‍යසනය යන්තමින් බේරුණු හැටි!

ජූනි 6, 2026
Itamar-Ben-Gvir-and-Bezalel-Smotrich

ඊශ්‍රයාලයේ ආරක්ෂක ඇමතිට සහ මුදල් ඇමතිට අයර්ලන්තයට පැමිනීම තහනම් කරයි… අයර්ලන්ත අගමැතිගෙන් ප්‍රකාශයක්…

ජූනි 6, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට සුරැකුම් මධ්‍යස්ථාන ගින්න: හිමිකරුවන් නොමැති මෘතදේහයන්හි අවසන් කටයුතු රජයේ වියදමින්!
  • ඉරාන පාපන්දු කණ්ඩායමට ඇමරිකාවට එන්න අවසර ලැබෙයි… ලෝක පාපන්දුව මත පතිත වීමට ගිය ඉරාන – ඇමරිකා ව්‍යසනය යන්තමින් බේරුණු හැටි!
  • ඊශ්‍රයාලයේ ආරක්ෂක ඇමතිට සහ මුදල් ඇමතිට අයර්ලන්තයට පැමිනීම තහනම් කරයි… අයර්ලන්ත අගමැතිගෙන් ප්‍රකාශයක්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.