“අපේ ලොකුම ගැනුම්කරු වන ඇමෙරිකාව සමඟ අනාගත අවබෝධතා ගිවිසුම් ගැන සාකච්ඡා කරනවා”

ඇමැති කෙහෙළිය කියයි

මෙරට අපනයනවල විශාලතම ගැනුම්කරුවා ඇමරිකාව බවත් ඇමෙරිකාව සමඟ එවැනි ගිවිසුම් සහ අවබෝධතා පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් , රටට හිතකර වුවත් රටේ ස්වෛරීභාවයට කිසිඳු ලෙසක හානියක් වන වෙළඳ ගිවිසුම් පිළිබඳව ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සමග සාකච්ඡා නොකෙරෙන බවත් කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවසීය.

අද (27) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ සංචාරය පිලිබඳව සහ මෙහි දී ඇති කරනු ලබන ද්විපාර්ශ්වික එකඟතා පිළිබඳව මාධ්‍යවේදියකු නැගු ප්‍රශනයකට පිළිතුරු ලබා දෙමින් ප්‍රකාශ කළේය.මාද්‍ය හමුවේදී අමාත්‍යවරයා සඳහන් කලේ විදේශ අමාච්‍යදිනේෂ් ගුණවර්ධන මහතාගේ ආරාධනයෙන් ඔහු පැමිණෙන අතර පැය 16ක පමණ කාලයක් පමණක් මෙරට තුළ ඔහු රැඳී සිටින බවය.

මෙරට වෙළඳ ශේෂය සම්බන්ධව ගත් විට රටවල් ගණනාවකින් අපනයන සම්බන්ධයෙන් අවාසිදායක තත්වයක් තිබුණ ද, එක්සත් ජනපදයත් සමඟ තිබෙන වෙළඳ ශේෂය සම්බන්ධව සතුටට පත්විය හැකි බවත්, එය තවදුරටත් වැඩි කර ගැනීමට මෙමඟින් උත්සාහ කරන බවත් ඒ මහතා මෙහි දී සඳහන් කළේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එමෙන්ම, ද්විපාර්ශ්වික ගිවිසුම් සහ එකඟතාවයන් පදනම් වන්නේම බොහෝදුරට රටේ ආර්ථික, සමාජීය වැඩපිළිවෙලවල් සඳහා පමණක් මිස වෙනත් කිසිඳු දෙයකට නොවන බවත් ඒ මහතා මෙහි දී වැඩිදුරටත් තහවුරු කර සිටියේය.

Exit mobile version