අපහාස කළ මාධ්‍යවලට නඩු දමන බව මේජර් ජනරල් මොහාන් රත්නායක කියයි…

ජෙනරාල්වරයා කළ පොලිස් පැමිණිල්ලට පොලිසියෙන් කිසිම ප්‍රතිචාරයක් නෑ... යුද හමුදා මාධ්‍ය අංශය කියයි...

mohan-rathnayake

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරින් සමඟින් පසුගිය දා ඇති වූ බහින්බස්වීමක් සම්බන්ධයෙන් කතා බහට ලක වුණු 21 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස කටයුතු කරනු ලබන මේජර් ජෙනරල් මොහාන් රත්නායක විසින් පසුගිය 25 වැනිදා හබරණ පොලිසිය වෙත පැමිණිල්ලක් ගොනු කොට තිබුණද මේ දක්වාම ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට හෝ කැඳවීමක් සිදුකර නොතිබුණු අතර අද (ජුලි 01) දින ස්වෙච්ඡාවෙන්ම එම නිලධාරියා පොලීසිය වෙත පැමිණි බවත් ඔහු ස්වෙච්ඡාවෙන්ම අද (ජුලි 01) දින උදෑසන කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් වීමෙන් අනතුරුව ශරීර ඇප දෙකක් මත නිදහස් කොට ඇති බවත් යුද හමුදාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එමෙන්ම අදාළ සිද්ධියට පසුව මෙම ජ්‍යෙෂ්ඨ යුද්ධ හමුදා නිලධාරියා මෙම සිද්ධිය වන අවස්ථාවේදී පෞද්ගලික සංචාරයක නිරතව සිට ඇති අතර පොලීසිය ඔහුව අත්අඩංගුවට ගැනීමට අපොහොසත්ව ඇති බවට විවිධ මාධ්‍යයන්හී කරුණු වරදවා සිදුකරන ලද ප්‍රචාරයන්ට එරෙහිව අපහාස කිරීම හා කීර්ති නාමයට හානි කිරීම සම්බන්ධව නීතිය මඟින් කටයුතු කිරීමට අපේක්‍ෂා කරනු ලබන බවද එම නිවේදනය මඟින් ප්‍රකාශ කරයි.

මෙම නඩුවේ මීලඟ කැඳවීම 2022 වර්ෂයේ පෙබරවාරි මස 03 දිනට නියමකර ඇත.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සහ වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් අතර පසුගිය ජුනි මස 25 දින හබරණ ප්‍රදේශයේදී ඇති වූ බහින්බස්වීමේ සිදුවීම සැල වූ විගස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් එම සිද්ධියේ සියලු කරුණු විමර්ශනය කර වාර්තාවක් ලබාදෙන ලෙස ජුනි මස 26 දින ජ්‍යෙෂ්ඨ මේජර් ජෙනරල්වරුන් දෙදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් යුතු පරික්‍ෂණ මණ්ඩලයක් පත්කරනු ලැබ ඇත්තේ මේ පිළිබඳ පැමිණිලි පොලිසියට ද වාර්තා වී ඇති හෙයිනි.

මීට සමගාමීව යුද්ධ හමුදා පොලිස් පරික්‍ෂණයක් ද සිද්ධිය සිදුවූ වහාම ආරම්භ කොට ඇති බවද එම නිවේදනයේ තවදුරටත් සඳහන් වෙයි.

Exit mobile version