අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කර අනතුරක් කළ උපේක්ෂා ස්වර්ණමාලි අත්අඩංගුවේ…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.



හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, සිනමා සහ ටෙලි නාට්‍ය නිළි උපේක්ෂා ස්වරණමාලි ඊයේ ( 25) හවස සිදුකළ රිය අනතුරක් නිසා මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවන බව වාර්තා වේ.

අපරික්ෂාකාරී ලෙස සිය මෝටර් රථය ධාවනය කර ඊයේ සවස 6.45ට පමණ කටුගස්තොට හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාව අසල දී යතුරුපැදි කරුවෙක් නතුරට ලක්කිරීම නිසා ඇය කටුගස්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
යතුරුපැදිකරු තුවාල සහිතව පේරාදෙණිය රෝහලට ඇතුළත් කර ඇත.

පළාත් අතර සංචරණ සීමා පනවා තිබියදී සිදුවන මෙම අනතුර සම්බන්ධව විශේෂ විමර්ශනයක් පවත්වන බවත්, උපෙක්ෂා ස්වර්ණමාලි අද ( 26 ) දින උසාවියට ඉදිරිපත් කරන බවත් පොලිසිය කියයි.

Exit mobile version