අපරික්ෂාකාරී තෙල් බවුසර් රියදුරා හමුදා සෙබලෙක් මරයි… තවත් 05කට අසාධ්‍යයයි…

යාපනයේ සිට හමුදා සෙබලුන් රැගෙන යමින් සිට නවතා තිබූ ලොරි රථයක බවුසරයක් ගැටීමෙන් හමුදා සෙබලෙක් එම ස්ථානයේම මිය ගියේය .තවත් හමුදා සෙබලුන් පස් දෙනෙක් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇතැයි මහව පොලිසියේ රථ වාහන අංශය පවසයි. අද උදෑසන මෙම අනතුර සිදුව තිබේ.
පාදෙණිය අනුරාධපුර මාර්ගයේ අඹගස්වැව ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව තිබේ. යාපනය සහ විශ්ව මඩු හමුදා කඳවුරුවලට අයත් සෙබලුන් හත් (07) දෙනෙක් අඹේපුස්ස හමුදා කඳවුර වෙත ගමන් කරමින් සිට ඇත. ඔවුන් වාහනය පාරේ පසෙක නවතා ගිමන් හරිමින් සිටියදී යාපනයේ සිට කොලොන්නාව දක්වා ගමන් කරමින් තිබූ තෙල් බවුසරයක් වාහනයෙන් බැස සිටි හමුදා සෙබලුන් ට තුවාල සිදු කර එක් හමුදා සෙබලෙක් යට කරගෙන සෙබලුන් පැමිනි ලොරි රථයේද ගැටී ඉදිරියට ධාවනය වී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.



අනතුරින් හමුදා සෙබලෙක් මිය ගිය අතර තවත් සෙබලුන් පස් දෙනෙක් මහව හා කුරුණෑගල රෝහල් වෙත ප්‍රතිකාර සවහා ඇතුලත් කර ඇත. මහව පොලිසිය වැඩි දුර පරීක්ෂණ මෙහෙයවති.

Exit mobile version