අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපරාජිතයන්ගේ ඉතිහාසගත සටන අද රාත්‍රී 08 ට…

by editor
ජූනි 29, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

නවවැනි වරට පැවැත්වෙන අයිසීසී විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අපරාජිත ඉන්දියාව සහ අපරාජිත දකුණු අප්‍රිකාව අතර බාබඩෝස්හි කෙන්සිංටන් ඕවල් පිටියේදී අද (29) ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 8.00ට ආරම්භ වීමට නියමිතය.

මෙම කණ්ඩායම් දෙකෙන් කුමණ කණ්ඩායම ජයග්‍රහණය කළත් ඔවුන් ඉතිහාසගත වන්නේය. ඒ 20යි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ අපරාජිතව ලෝක කුසලානය හිමිකරගත් කණ්ඩායම ලෙසය.

ඉන්දියානු කණ්ඩායම මින් පෙර විස්සයි 20 ලෝක ශූරයෝ වූහ. තරගාවලිය ආරම්භ වූ 2007 වසරේ ශූරයන් වූයේ ඉන්දියාවය. ඉන්දියාව මේ තරග කරන්නේ ස්වකීය ලෝක කුසලාන ඉතිහාසයේ දෙවැනි ජයග්‍රහණය වෙනුවෙනි. දකුණු අප්‍රිකානුවෝ ස්වකීය අභිලාෂකාමී සටන තම ප්‍රථම ලෝක කුසලාන ජයග්‍රහණය වෙනුවෙන් දියත් කර සිටිති. අවාසනාවන්ත ලෙස අවස්ථා කීපයක දි ගිලිහී ගිය,  ක්‍රිකට් ඉතිහාසයේ ඔවුන් වෙන්කරගත යුතුම වූ ඉඩ සඳහා ඔවුහු අද පිටියට බසිති.

විස්සයි20 පිටියේදී ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව 26 වරක් හමුව ඇත. ඉන් තරග 14ක් ජය ගත්තේ ඉන්දියාවය. දකුණු අප්‍රිකාව තරග 11ක් ජයගෙන තිබේ. මේ හමුවීම් 6ක් සිදුවන්නේ ලෝක කුසලාන තරගාවලිවලදී අතරය. ලෝක කුසලාන තරගවල දී තරග 4ක් ඉන්දියාවත් තරග 2ක් දකුණු අප්‍රිකාවත් ජයගෙන ඇත.

මෙවර තරගාවලිය දෙස බැලුව විට පෙනී යන කරුණක් තිබේ. ඉන්දීය කණ්ඩායම තමන් ලබා ගත් සියලුම ජයග්‍රහණ ප්‍රතිවාදීන්ට බෙහෙවින්ම ඉදිරියෙන් සිට අත් පත් කරගත් ජයග්‍රහණය. මූලික වටයේදී අයර්ලන්තය, පාකිස්තානය සහ අමෙරිකාව පරාජය කළ ඉන්දීය කණ්ඩායමට එම තරගවල දී ලබාගත්තේ පහසු ජයග්‍රහණය. කැනඩාවට එරෙහිව තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමිනි. ඔවුන්ට තරගයක් දිය හැකි අවස්ථාවක් කිසිම කණ්ඩායමකට තිබුණේ නැත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සුපිරි අට වටයේදී ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය සහ ඔස්ට්‍රේලියාව පරාජය කරමින් අවසන් පූර්ව වටයට එක්වූ ඉන්දියාව අවසන් පුර්ව තරගයේ දී ලෝක ශූර එංගලන්ත කණ්ඩායම පරාජය කරන්නේ ඔවුන් අන්ත අසරණ කරමිනි. ජයග්‍රහණයේ අන්තරය ලකුණු 68කි.

දකුණු අප්‍රිකාවේ තත්ත්වය බෙහෙවින්ම වෙනස්ය. ඔවුන් අපරාජිතව රැඳී සිටීමට ආධුනික නේපාල කණ්ඩායමට එරෙහිවත් තියුණු තරගයක නිරත විය. තව පොඩ්ඩක් එහා මෙහා උනානම් දකුණු අප්‍රිකාව ගුටි කන්නේ නේපාලයෙනි. ශ්‍රී ලංකාවට එරෙහිව විශිෂ්ට ජයකින් මූලික වටය ඇරඹූ දකුණු අප්‍රිකාව, නෙදර්ලන්තයට එරෙහිව කඩුලු 4ක, බංග්ලාදේශයට එරෙහිව ලකුණු 4ක සහ කෝඩුකාර නේපාලයට එරෙහිව එක් ලකුණක ජයක් වාර්තා කළේය.

සුපිරි අටේදී අමෙරිකාව, එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව සියුම් තියුණු ජයග්‍රහණ වාර්තා කළ දකුණු අප්‍රිකානුවන් අවසන් මහා තරගයට ජවසම්පන්න පැමිණෙන බව දැන්වූයේ අවසන් පූර්ව වටයේදී ඇෆ්ගනිස්තානයට එරෙහිව කඩුළු 09ක විශිෂ්ට ජයක් වාර්තා කරමිනි.

විස්සයි20 ලෝක කුසලාන ඉතිහාසයේ ඉහළම ත්‍යාග මුදල ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 2.45ක් ද ශූරයන්ට හිමිවනු ඇත. එය ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 74ක් පමණ වේ. අනුශූරයන්ට ඩොලර් මිලියන 1.28ක් හෙවත් රුපියල් කෝටි 38කට ආසන්න මුදලක් හිමිවෙයි.

අවසන් පූර්ව වටයේදී පරාජය වූ එංගලන්තයට සහ ඇෆ්ගනිස්තානයට අමෙරිකානු ඩොලර් 787,500ක් ආසන්න වශයෙන් රුපියල් කෝටි 24 බැගින් හිමි විය.

ජය පරාජය කුමක් වුවද අවසන් මහා තරගයකට උචිත සටන්කාමී ජීව ගුණය අද ලොව වටා සිටින කෝටි ගණනක ප්‍රේක්ෂකයෝ ඉන්දියාවෙන් සහ දකුණු අප්‍රිකායෙන්  අපේක්ෂා කරති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අම්පිටියේ පොඩි එකාට ගිනි තැබූ මැරයා බන්ධනාගාර අත් අඩංගුවෙන් පැන ගොස් දින 21කින් පොලිසියට කොටු වෙයි!

Next Post

පොහොට්ටුවේ අපේක්ෂකකම දෙන්න පොහොට්ටුව රනිල්ට සති දෙකක් කල්දෙයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.