අපනයනකරුවන්ට ලැබෙන ඩොලර් ආදායමෙන් කොටසක් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීමේ අවශ්‍යතාවය අත්හිටුවා නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරයි.
ඒ අනුව, අපනයනකරුවන්ට දැනට පවතින මාර්ගෝපදේශයන්ට අනුව ඔවුන්ගේ ඩොලර් ආදායමෙන් කොටසක් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කළ යුතුය.
කෙසේ වෙතත්, බලපත්‍රලාභී බැංකු විසින් පරිවර්තනය කරන ලද අපනයනකරුවන්ගේ ඩොලර් ආදායමෙන් කොටසක් ශ්‍රී ලංකා මහ බැංකුවට විකිණීමේ අවශ්‍යතාවය 2023 මාර්තු 07 සිට අත්හිටුවා ඇති බවද මහ බැංකුව පවසයි







