බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

අපට ගැහුවෙ දේශපාලනය ගැන මෙලෝ හසරක් නොදන්න මිලිටරි ජුන්ටාව

 - පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ

by editor
ජූනි 13, 2020 - Updated on ජූනි 14, 2020
in දේශපාලන, පුවත්
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ

Share on FacebookShare on Twitter

කොල්ලුපිටියේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට පසුගිය  දා පැවැත් වූ සාමකාමී උද්ඝෝෂණයට අමානුෂික ලෙස පොලිසිය විසින් පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කොමිසමට පැමිණිලි කිරීමටත් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමටත් සැලසුම් කර තිබෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ලංකාසර සමග සාකච්ඡාවකට එක් වෙමින් පැවසීය.

තම උද්ඝෝෂණයට පහරදීම ඉතා සැලසුම් සහගතව ඉහළම දේශපාලන හස්තයක උවමනාවට සිදු කළ එකක් බව පොලිසියේ ඉහළම නිලධාරීන්ගේ හැසිරීම හා ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න ඒ සම්බන්ධව සිදුකර ඇති ප්‍රකාශය දෙස බලන විට පැහැදිළි වන බව හෙතෙම කීවේය. මේ පෙරටුගාමී  සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සමග අප කළ සාකච්ඡාවය.

  • දේශබන්දු තෙන්නකෝන් අපට ගැහුවෙ නම් අඬගහලා…

  • සියලුම මානව හිමිකම් විතරක් නෙමෙයි රටේ නීතියත් දේශබන්දු ඇතුළු පොලිසිය කඩ කළා

  • දළදා මාලිගාව ඉදිරිපිට සත්‍යග්‍රහ තියන්න පුලුවන් රටේ ඇමරිකානු තානාපති කාර්යාලය ඉස්සර නිහඬ විරෝධයකට ඉඩ නෑ

  • මේ මර්ධනය කළ ආකාරය දැකලා රජයේ මැති ඇමතිවරුත් අපට කතා කරලා කණගාටුව පල කළා.

 

ප්‍රශ්නය – මේ උද්ඝෝෂණයට එරෙහිව අධිකරණ නියෝගයක් ලබාගෙන ඇති අවස්ථාවක එය කඩකරමින් උද්ඝෝෂණය කිරීමට ඔබ කටයුතු කළේ ඇයි.?

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

පිලිතුර – කොල්ලුපිටිය ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපට අපේ උද්ඝෝෂණය පැවැත්වීමට අප සැලසුම් කරලා තිබුණා. නමුත් එය කරන්න එපා කියා අපට කිසිම අධිකරණ නියෝගයක්  පනවා නැහැ. එවැන්නක් ගැන අප දැන සිටියේ නැහැ.

ප්‍රශ්නය –  ඔබ ඔය ප්‍රකාශ කරන්නෙ වගකීමෙන් ද?.    පොලිසිය පැහැදිලිවම කියනවා  අදාල අධිකරණ නියෝගය ගැන ඔබ පක්ෂයට දැනුම්  දුන් වග.

පිළිතුර – ඉතාම වගකීමකින් ඔබට කියන්නෙ. කිසිම අධිකරණ නියෝගයක් අපට භාර දීලා නැහැ. එලෙස භාර දුන් බවට කරන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. අධිකරණයෙන් ඇප ලබා දෙනවිටත් ඔය ප්‍රශ්නය මතු වුනා.

උද්ඝෝෂණයට සහභාගී වූ අය අත්අඩංගුවට ගත්තෙ ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිටදි පමණක් නොවෙයි. ලිබර්ටි වටරවුමෙදිත්, ටවුන්හෝල්වලදීත් අපේ අය අත්අඩංගුවට ගත්තෙ අධිකරණ නියෝගයක් මත දැයි අප පොලිසියෙන් ප්‍රශ්න කරන්න කැමතියි.

මේ පහරදීම ඉහළ දේශපාලන හස්තයක බලපෑම මත සැලසුම් සහගතව සිදුකළ පහරදීමක් බව සිද්ධි දාමය දෙස අවධානයෙන් බලන ඕනෑම කෙනෙකුට අවබෝධ වෙනවා.

ප්‍රශ්නය – ඔය උද්ඝෝෂණය ඇමරිකානු තානාපති කාර්යාලයට අසලම තියන්න අදහස් කළේ ඇයි.?

පිළිතුර – ඇමරිකානු පොලිස් නිලධාරියෙකු විසින් කළු ජාතික ජොර්ජ් ෆ්ලොයිඩ් ගෙල සිරකර ඝාතනය කළා. මේ සම්බන්ධයෙන් ඇමරිකානු රජය කිසිදු ආකාරයටක සාධාරණ පියවරකට යොමුව තිබුණේ නැහැ. මේ කරුණ ප්‍රධාන කරගෙන තවත් කරුණු කීපයක් සම්බන්ධව ඇමරිකානු රජයට විරෝධය පලකිරීම සඳහා අපි ඒ උද්ඝෝෂණය ඒ ස්ථානයේ සංවිධානය කළා.

ප්‍රශ්නය – කොරෝනා වෛරසය ව්‍යාප්තවන අවස්ථාවක කිසිදු සෞඛ්‍ය පිළිවෙතක් අනුගමන නොකර මෙරට ප්‍රශ්න තිබිය දී ඇමරිකාවේ ප්‍රශ්නයකට මෙහෙ කුමකට උද්ඝෝෂණය කරන්නේදැයි ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න ප්‍රකාශයක් නිකුත් කර ප්‍රශ්න කරනවා.

පිළිතුර – ආරක්ෂක ලේකම්වරයා කියන ආකාරයට අප කිසිම ආකාරය සෞඛ්‍ය පිළිවෙත් කඩ කළේ නෑ. සෞඛ්‍යය උපදෙස්වලට අනුකූලවයි සියල්ල සිදු වුනේ. මුඛ ආවරණ පැළඳුවා. මීටරයක පරතයරය තියා ගත්තා. කෑ ගැසීමකින් තොරව නිහඬව උද්ඝෝණයට අප සූදානම් වුණේ.  ඒ සමගම තමයි මේ අමානුෂික පහරදීම සිදු කළේ.

ඇත්තටම මෙය අමානුෂික පහරදීමක්. මේ ප්‍රහාරය පසුපස දේශපාලනය ගැන අවබෝධයක් නැති, මිල්ටරිකරණයකට රට ඇදගෙන යන්න උත්සාහ කරන ඉහළ පෙළේ දේශපාලකයන් ගණනාවක් ඉන්නවා.

නිහඬව අප පැවැත්වීමට සූදානම් කළ උද්ඝෝෂණයට පහරදීමට පෙර එය විසුරුවා හැරීමට සරළ ක්‍රම අනුගමනය කරන්න තිබුණා. මීට පෙර ජල ප්‍රහාර, කඳුළු ගෑස් ප්‍රහාර ඔස්සේ උද්ඝෝෂණ විසුරුවා හැරියා. නමුත් මෙවර එහෙම   නොකළේ මේ පහරදීමේ සිද්ධිය පසුපස සිටින හස්ථයට දේශපාලනය ගැන අබමල් රේණුවක අවබෝධයක් නොතිබීමයි.

අපට සිදුකළ මේ පහර දීමට ආණ්ඩුවෙ මැති ඇමතිවරුත් අපට කණගාටුව පල කළා. ඇතැම් අය මේ අමානුෂික පහරදීම ගැන දුක් උනා. මෙවැනි පහරදීම් සිදුකරමින් රට මිල්ටරිකරණයකට තල්ලු කරගෙන යන ගමන් මගට විරුද්ධව අද ආණ්ඩුව තුළම අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙලා තියනවා.

ප්‍රශ්නය – මෙය දේශපාලනය ගැන නොදන්නා රාජ්‍ය හස්ථයක් විසින් සැලසුම් සහගතව එල්ල කරන ලද ප්‍රහාරයක් ලෙස ඔබ හැඳින්වූවා. කොහොමද එහෙම කියන්නෙ. මොනවද ඒ සඳහා තියන සාක්ෂි.

පිළිතුර – ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න කර තිබෙන ප්‍රකාශය දෙස විමසිල්ලෙන් බලන්න. එවිට ඕනෑම කෙනෙකුට තේරෙයි මේ කව්ද කියලා. අනෙක බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ ඔහුගේ සගයන් හිටි හැටියෙ ගහෙන් ගෙඩි එන්නා වගේ පහර දීමෙන් හා අත්අඩංගුවට ගැනීමේ විලාසයෙන්  මේ බලය කාගෙද කියලා ඔප්පු වෙනවා.

දේශබන්දු තෙන්නකෝන් ඒ අවස්ථාවෙ ඉතාම අමානුෂික ලෙසයි හැසිරුණේ. ඔහු නම් අඬගසමින් අපේ කට්ටිය සොයන්න පටන් ගත්තා. දුමින්ද නාගමුව සහෝදරයගෙ නම කියලා ඔහුව සෙව්වා. අමානුෂික ලෙස පහර දී අපේ මිනිස් අයිතීන් කඩ කළා. අපට ඕනෑම තැනක උද්ඝෝෂණය කකරන් අයිතියක් තිබෙනවා. ඒ අයිතිය තමයි මේ අමු අමුවෙ උල්ලංඝණය කළේ.

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණය කළ හැකියි. දළදා මාලිගාව ඉදිරිපිට සත්‍යග්‍රහ කළ හැකියි. එහෙත් ඇමරිකානු තානාපති  කාර්යාලය ඉදිරිපිට ඒ කිසිවක් බෑ. ඇමරිකානු තානාපති කාර්යාලය අසල  උද්ඝෝෂණය කරන විට ඇමරිකාවට විරුද්ධව හඬ නැගනවාට මේ රටේ පාලකයන්ට පුදුම අමාරුවක් තියෙන්නේ. ඒ ගැන ඔවුන්ට පුදුම ආකාරයේ වේදනාවක් දැනෙන්නෙ

ප්‍රශ්නය-  නැවත ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරියට ගිහින් ඔබ උද්ඝෝෂණ කරනව ද?

පිළිතුර – ඔව්… මේ යන විදිහට ගියොත් හැමදාම උද්ඝෝෂණය කරන්න සිද්ධ වේවි. මේ රටේ ආර්ථික ගමන් මග හා දේශපාලන දිශානතිය අද තීරණය කරන්නෙ ඇමරිකාව.  ඉදිරියේදී සෝපා, එම්.සී.සී, වැනි ගිවිසුම් ක්‍රියාත්මක  කිරීමට ආණ්ඩුව දැනටමත් පිඹුරුපත් සකස් කරමින් ඉන්නේ. එම්.සී.සී. ගිවිසුම අත්සන් නොකරන බවට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අද වනතෙක් ප්‍රකාශ කර නැහැ. මේ රට ඇමරිකාවට උකස් කරන්න යන ගමනට විරුද්ධව ඉදිරියේ දී අපට යමක් කරන්න සිදුවෙනවා.

පසුගිය දා කටුනායක ගුවන් තොටුපලේ දී පී.සී.ආර් පරීක්ෂාව සිදුනොකර  රටේ සෞඛ්‍යය පිළිවෙත් මුලුමනින්ම උල්ලංඝණය කර පැමිණි ඇමරිකානු නිලධාරියා කවුද, මොහු ගැන විදේශ කටයුතු අමාත්‍යාංශය දන්නව ද?. නැහැ. මේ සියල්ල අදටත් රහස්. ඒ ඇමෙරිකානුවා මෙරටට එද්දි නිරෝධායන නීති නැහැ. තොණ්ඩමන්ගෙ මිනිය කරේ තියන් රට වටේ යනවිට ඒවට නිරෝධායන නීති නැහැ. පොලිසිය එක පොදියට පැමිණ අපට අමානුෂික ලෙස පහර දෙනකොට ඒවට රටේ වලංගු කිසිම නීතියක් නෑ.

මේක තේරුම් ගන්න. රූපවාහිනී කැමරා සිය ගණනක් කැමරා ගණනාවක් ඉදිරියේ මේ සජීවී අපරාධය කරමින් රටට දුන්නෙ පණිවිඩයක්. එළියට බහින්න එපා. මේකයි සිද්ධ වෙන්නෙ කියන පණිවිඩයයි රටේ ජනතාවට මේ දුන්නේ.  එය සාධාරණීකරණය කරන්නේ නිරෝධායන නීතිවලට මුවා වෙලා.

කොරෝනා වසංගතයත්, ආණ්ඩුවේ අකාර්යක්ෂම ක්‍රියා පිළිවෙතත් නිසා මේ වනවිට රට පුරා කර්මාන්ත ශාලා වැසීගෙන යනවා. ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ රැකියා අහිමි වී තිබෙනවා. දිනෙන් දින ජනතාව ආර්ථික දුෂ්කරතාවලට තලුල් වෙනවා. ජනතාව මුහුණ පාන මේ සැබෑ ප්‍රශ්නවලට විසඳුම් නොලැබෙන විට ජනතාව තුළින්ම විරෝධය මතුවෙනවා. එවැනි විරෝධයන් මර්ධනය   කිරීමේ හා එය සමාජයට සන්නිවේදනය කිරීමේ  මූලික පෙර හුරුව තමයි පසුගිය දා ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට සිදු කළේ.

ප්‍රශ්නය – උද්ඝෝෂණයේ දී ඔබේ සමාජිකයන්  රජයේ දේපලවලට හානි කළ බවට චෝදනාවක් තියනවා.

පිළිතුර – ඉතාම වගකීමෙන් මේ කතාව කියන්නෙ. කිසිම රාජ්‍ය දේපලකට අප හානි කළේ නෑ.

රාජ්‍ය දේපලවලට හානි කළෙත්,  නිරෝධායන නීති කඩ කළෙත්, රටේ පොදු නීතිය කඩ කරලා අපට පහර දුන්නෙත්, සාමාජිකයන් උස්සලා විසිකරමින් ඔවුන්ව පොලිස් සපත්තුවලට පාගල දස වද දුන්නෙත් පොලිසිය. අපි කිසිම දේපලක් විනාශ කළේ නෑ. කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණයට  කියනවා එයාගෙ බඳ පටිය කැඩී ඇති බව.  පොලිස් තොප්පි දෙකක් නැති වී ඇති  බව.

තොප්පිය බේරගන්න එක පොලිසියෙ වැඩක්. අනික ඕ.අයි.සී ගෙ බෙල්ට් එක කැඩුනෙ අපට පහර දීලා.

ප්‍රශ්නය – මේ සම්බන්ධව පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස ඉදිරියේදී අනුගමනය කරන ක්‍රියාමාර්ග මොනව ද?.

පිළිතුර – අපට සිදුකළ පහරදීම්වලට එරෙහිව    මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළා. එමෙන්ම ඉදිරියේදී පොලිස් කොමිසමට පැමිණිළි කරනවා. ඒ එක්කම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනවා.

ආණ්ඩුව හිතනවා නම් මිලිටරි ජුන්ටාවෙන් ජනතා හඬ යටපත් කරන්න ඊට අප කිසි ලෙසකින්වත් ඉඩ තියන්නෙ නෑ. අප හැමදාමත් ජනතාව වෙනුවෙන් ඉදිරියට එනවා. මෙවැනි විරෝධතා දස දහස් ගණනින් සංවිධානය කරනවා. සැබෑ ජනතා හඬ යටපත් කරන්න ජුන්ටාවට ඉඩ දෙන්නෙ නෑ…

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොළඹින් පිටත් වන බස් ගමනාන්ත නියාමන වැඩපිළිවෙළක්

Next Post

නේවි එකෙන් ගේම ඉල්ලන කයිට්ස් මැරයන්ගෙන් 8ක් අත්අඩංගුවට…

Related Posts

පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.