අනුරාධපුර රෝහල තුළ ඝාතනය වූ තරුණයාගේ ඝාතනය සම්බන්ධව 23 හැවිරිදි තරුණියක් ඇතුළු 02ක් සැකපිට අත්අඩංගුවට…

murder

අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටිය දි ඝාතනය වුන් 24 හැවිරිදි තරුණයාගේ ඝාතනය සම්බන්ධයෙන් තරුණ අඹුසැමි යුවලක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මැදවච්චිය ප්‍රදේශයේ පදිංචි මධුසංඛ ජයරත්න (27) හෙවත් මලා සහ ඔහුගේ 23 හැවිරිදි බිරිය ය.

රෝහල තුළ මරා දැමූ තරුණයා ගැටුමක්  හේතුවෙන් පහරකෑමට ලක්වී  අනුරාධපුර ශක්ෂණ රෝහලට ඇතුළත් කළේ පසුගිය 27 වැනිදාය. පසුව   28 අළුයම  නාඳුනන ඝාතකයෙක් විසින් රෝහලේ ඇඳ මතම ඔහුව  කපා කොටා ඝාතනය කර තිබිණි.

ඝාතකයා තරුණයාගේ ගෙල කපා පාදයකට ද කොටා පළා ගියේය.  මෙසේ ඝාතනය වන්නේ මැදවච්චිය, මන්නාරම් හන්දිය ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙකි.   .


27 දා සවස රෝහලේ 11 වැනි වාට්ටුවට ඇතුළත් කළ මෙම  තරුණයා පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහලේ මහාචාර්ය ඒකකයේ ශල්‍ය වාට්ටුව වන 66 වැනි වාට්ටුවට ඇතුළත් කර තිබේ.

 

රෝහල් කාර්ය මණ්ඩලය වහාම මෙම තරුණයාව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළත් ඒ වනවිටත්  ඔහු මියගොස් තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වාගෙන යන්නේ අනුරාධපුර මූලස්ථාන පොලිසිය සහ මැදවච්චිය පොලිසිය විසිනි.

Exit mobile version