ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය රත්නසිරි හේවගේ අසනීප වී වෛද්‍ය නිවාඩු ලබා සිටින මොහොතකදි සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ විසින් ජයවර්ධනපුර රෝහලේ අධ්යක්ෂ තනතුරට සුදුසු පුද්ගලයෙකු පත් කරන තෙක් අධ්යක්ෂ තනතුරේ වැඩ ආවරණය කිරිම සඳහා වෛද්‍ය ඩී. අලහප්පෙරුම පත් කිරීම නිසා බරපතල අර්බුදයක් රෝහල තුළ ඇති කර තිබේ.
අසනීප වී වෛද්‍ය නිවාඩු ලබා සිටින රෝහල් අධ්යක්ෂවරයාගේ වැඩ ආවරණය කරන්නට අයෙක් පත් කරනවා වෙනුවට සුදුසු පුද්ගලයෙක් අදාල තනතුරට පත් කරන තුරු වැඩ බලන්න අධ්යක්ෂවරයෙක් සෞඛ්‍ය ලේකම්වරයා මේ ආකරයෙන් පත් කරන්නේ සිය නෛතික බලයට ඔබ්බෙන් සිට බව අනාවරයක් වි ඇත.
පනත අනුව රෝහල් අධ්යක්ෂවරයාව පත්කිරීමේ බලය ඇත්තේ රෝහල් අධක්ෂ මණ්ඩලයටය. මෙම පත්කිරීම සිදුකර ඇත්තේ සෞඛ්‍ය ලේකම්වරයා බැවින් එය නීති විරෝධී පත් කිරිමක් යැයිිද එම වාර්තාවන් වැඩිදුරටත් පෙන්වාදේ.
රෝහලේ අධ්යක්ෂ මණ්ඩයට යම් සාමාජිකයෙක් පත් කරන්නේ නම් එම පත්කිරීම අධ්යක්ෂ මණ්ඩලය මගින් කළ යුතුව ඇති නමුත් මෙහි බරපතලම ප්රශ්නය වී ඇත්තේ අධ්යක්ෂ මණ්ඩලයද පත්කර ඇත්තේ මෙතෙක් කලක් ක්‍රියාත්මක වූ පටිපාටියෙන් බැහැරව වීමය.
අධ්යක්ෂ මණ්ඩලයේ සභාපතිවරයා කාසල් වීදියේ කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කරන බැවින් රෝහල තුල රැදී සිටින කාලයද අවම වී ඇතැයි වාර්තාවේ.
කෙසේ නමුත් මේ වන විට ජයවර්ධනපුර රෝහල පරිහානියට පත්වෙමින් තිබෙන බවත් මෙහි පෞද්ගලික අංශය මේ වන විට මුළුමනින්ම පාහේ කඩා වැඩීමකට ලක්ව ඇතැයිද වාර්තාවේ.








