බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අනියම් සැමියා මරා පෙති ගසා ළිඳකට දැමීමේ වරදට මරණ දණ්ඩනය හිමි වූ කාන්තාවක් වසර 35කට පසු හමුවේ… ඝාතනය සිදුකරන විට වයස 29යි… දැන් 64යි…

by editor
පෙබරවාරි 10, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දෙරණ –

මනුෂ්‍ය ඝාතනයක් සිදුකර මරණ දඬුවම නියමවී 35 වසරක් සැඟව සිටි කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

1989 වසරේදී අතුරුගිරිය, වැල්ලව ප්‍රදේශයේදී ලංකා විදුලිබල මණ්ඩලයේ තත්ත්ව පරීක්ෂකවරයයෙකුව ඝාතනය කිරීම සම්බන්ධයෙන් එවකට බොරැල්ල පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

ඒ අදාළ පුද්ගලයාගේ බිරිය සිදුකළ පැමිණිල්ලකට අනුවය.

ඒ අනුව පොලීසිය, අතුරුගිරිය, වැල්ලව ප්‍රදේශයේ පදිංචිව සිටි අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගෙන විමර්ශන සිදුකළේය.

අත්අඩංගුවට ගත් එවකට 29 හැවිරිදි කාන්තාව විදුලිබල මණ්ඩලයේ ඉංග්‍රීසි යතුරු ලියන්නියක ලෙස සේවය කර ඇති බවත් ඝාතනයට ලක් වූ පුද්ගලයා සමග අනියම් සබඳතාවක් ඇති කරගෙන තිබූ බවත් එහිදී අනාවරණය විය.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

අදාළ සබඳතාව සිය සැමියාට අනාවරණය වීමෙන් පසුව ඔහුගේ උපදෙස් මත 1989 වසරේ එක්තරා දිනකදී තම අනියම් සැමියාව අතුරුගිරිය, වැල්ලව ප්‍රදේශයේ පිහිටි සිය නිවසට එම කාන්තාව මගින් කැඳවා තිබේ.

එහිදී සැමියා සමග එක්ව සිය අනියම් සැමියා ඝාතනය කර පෙති ගසා බැරලයකට දමා ළිඳකට දමා ඇති බව පොලීසිය පැවසීය.

ඒ හේතුවෙන් අදාළ අඹුසැමි යුවළ මාස 6ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර පසුව ඔවුන් ඇපමත මුදාහැර තිබේ.

එලෙස නිදහස ලැබූ යුවළ පසුව අතුරුදන්වී ඇති බව පොලීසිය පැවසීය.

ඒ අනුව ඔවුන් නොමැතිව සිදුකළ නඩු විභාගයෙන් පසුව අදාළ අඹුසැමි යුවළට 2019 වසරේදී මරණ දඬුවම නියම කර තිබුණි.

කෙසේ වෙතත් ඝාතනය සිදුකළ අඹුසැමි යුවළ සොයාගැනීමට කිසිඳු පොලීසියකට හැකියාවක් ලැබී නොමැත.

එවන් පසුබිමක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරියෙකුට තොරතුරක් ලැබී තිබුණේ අදාළ ඝාතනය සිදුකළ කාන්තාව බණ්ඩාරගම පමුණුගම ප්‍රදේශයේ කුලී නිවසක සැඟව සිටින බවය.

ඒ අනුව ඇයව ඊයේ (09) දිනයේදී විමර්ශන නිලධාරීන් අත්අඩංගුවට ගනු ලබීය.

මේ වනවිට එක්දරු මවක් වන අදාළ කාන්තාව 64 හැවිරිදි වියෙහි පසුවෙයි.

අඹුසැමි යුවළ ඇප ලැබීමෙන් අනතුරුව පසුගිය වසර 35 තුළදී දිවයිනේ විවිධ ප්‍රදේශවල සිය ඥාතීන්ගෙන්ද වසන් වෙමින් සැඟව සිට ඇති බව පොලීසිය පැවසීය.

ඔවුන් දෙදෙනා පොලීසියට හසුවේයැයි බියෙන් වෙන් වෙන්ව ජීවිත්වු බව අදාළ කාන්තාව පවසා ඇත.

කෙසේවෙතත් ඇයගේ සැමියා අත්අඩංගුවට ගැනීමට මෙතෙක් හැකි වී නොමැත.

සැකකාර කාන්තාව අද (10) හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

යාපනයේ හරි හරන්ගේ සංගීත ප්‍රසංගය බලන්න ජනතාව තෙරපීමෙන් 02ක් ක්ලාන්ත වේ…06කට තුවාල…  

Next Post

කොළඹ හලාවත මහ පාරේ දී තරුණයෙකුගේ හිසට වෙඩි තබා ඝාතනය කරයි!

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.