කීර්ති ප්‍රනාන්දු –
අන්තර් විශ්විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු සිවු දෙනෙක් ලබන 17 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත්වරිය වන සන්ධ්‍යා තල්දූව නියෝග කළාය.
ඉකුත් 03 දා පාර්ලිමේන්තු ප්‍රවේශ මාර්ගයේ පැවැත් වූ උද්ඝෝෂණය අතර තුර මහරගම පොලිස් ස්ථානාධිපතිවරයාට තුවාල සිදුකිරීම හා පොදු දේවලවලට හානි සිදුකිරීම යන චෝදනා යටතේ අන්තර් විශ්විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සංදීප, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පරිපාලන ලේකම් චමීර කොස්වත්ත, සහ කෝසලා හංසමාලි, යන පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගතව සිටියේය.
නඩුව අද (11) කැඳවීමේ දී මෙම සිවුදෙනා අධිකරණයට ඉදිරිපත් කර නොතිබිණි.