අන්තරේ උද්ඝෝෂණයට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් තහනම් නියෝගයක්!

අන්තර් විශ්ව විද්‍යාලීය බලමණ්ඩලයට කොළඹ පරිශ්‍රයන් කිහිපයකට ඇතුල්වීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (07) නියෝග නිකුත් කරන ලදී.

අද දහවල් කොළඹදී පැවැත්විමට නියමිත උද්ඝෝෂණයට අදාළව කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ   මෙලෙස නියෝග නිකුත් කර ඇත.
ඒ අනුව උද්ඝෝෂකයින්ට අද පෙරවරු 11 සිට රාත්‍රී 10 දක්වා කාලය තුළදී ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, මුදල් අමාත්‍යංශය සහ ගාලුමුවදොර පිටිය යන ස්ථානවලට ඇතුල්වීම තහනම් කර තිබේ.

කොටුවට කැඳවා ඇති පොලිස් බලඇණි

මීට අමතරව තවත් නම් කරන ලද කොළඹ මාර්ග රැසක් අවහිර කිරීමෙන් වළකින ලෙසද අධිකරණය අදාළ උද්‍ඝෝෂකයින්ට නියෝග කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම නියෝගය අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු ශිෂ්‍ය සංගම් 16ක ක්‍රියාකාරීන්ට සහ ඊට සහභාගි වන තැනැත්තන්ට අදාළ වන බවද එහි සඳහන්ය


Exit mobile version