අන්තර්ජාලය ඔස්සේ දැරියක විකුණූ මව-චීවරධාරියකු ඇතුළු 17ක් අත්අඩංගූවට

අන්තර්ජාලය ඔස්සේ ලිංගික ශ්‍රමිකයකු ලෙස අවුරුදු 15ද දැරියක යෙදවූ සැකකරුවන් 17ක් පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉන් 16 දෙනකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මෙම දැරිය අන්තර්ජාලයෙන් විවිධ වෙබ් අඩවි, සමාජ මාධ්‍ය පිටු ඔස්සේ මාස 3කට ආසන්න කාලයක් අලෙවි කර ඇතැයි පොලිස් මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇත.

මෙම දැරිය ලිංගික අපචාරයට ලක්කළ පුද්ගලයින් 17 දෙනා වරින් වර අත්අඩංගුවට ගෙන ඇත.


සැකකරුවන් අතර චීවරධාරියකු ද වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිි අජිත් රෝහණ මහතා පවසයි.

මෙම දැරිය රුපියල් 10000, 15000 වැනි මුදලකට මෙන්ම 30000ක මුදලකට අලෙවි කර ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර දැරියගේ මව, මුලින්ම අත්අඩංගුවට ගත් දැරිය අලෙවි කළ පුද්ගලයාගේ අනියම් බිරිඳ, පුද්ගලයින් වෙත දැරිය අලෙවි කළ ත්‍රිරෝද රථ රියදුරකු සහ මෝටර් රථ රියදුරෙකු, මෙම දැරිය අන්තර්ජාලය හරහා අලෙවි කිරීමට වෙළෙඳ දැන්වීමක් නිර්මාණය කළ පුද්ගලයකු ද අත්අඩංගගුවට ගෙන තිබේ.

මෙම දැරියගෙන් කරන ලද ප්‍රශ්නකිරීමම්වලට අනුව ඇය ලිංගික අපචාරයට පත්කළ පුද්ගලයන් තවත් 20 දෙනකු පමණ සොයා ළමා හා කාන්තා කාර්යංශය විමර්ශන පවත්වයි.

1995 අංක 22 දරණ දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධන පනතට අනුව ශ්‍රී ලංකාව තුළ වයස අවුරුදු 16ට අඩු දැරියකගේ කැමැත්ත ඇතිව හෝ නැතිව ලිංගික ක්‍රියාවක යෙදීම වරදක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කළේය.

අන්තර්ජාලය හා කාන්තාවවන් ලිංගික ශ්‍රමිකයන් ලෙස විකිණීම ලංකාව තුළ අපරාධමය වරදක් බව ද හෙතෙම කීය.

ඒ අනුව ඉහත සැකකරුවන්ට එම චෝදනා යටතේ නඩු පැවරීමට නියමිත ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන ළමා හා කාන්තා කාර්යංශය විසින් සිදුකරයි.

Exit mobile version