අන්තර්ජාලයෙන් දැරියක් ගණිකා වෘත්තියේ යෙදවූ සිද්ධියට මිහින්තලේ ප්‍රාදේශීය සභා උප සභාපති අත්අඩංගුවට

දැනට දැරියගේ මව, අනියම් සැමියා ඇතුළු 21 අත්අඩංගුවේ...

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පවතින කොවිඩ් වසංගත තත්වය හමුවේ අසරණ වූ 15 හැවිරිදි දැරියක් 15 හැවිරිදි දැරියක් අන්තර්ජාලය ඔස්සේ ලිංගික කටයුතු සදහා අලෙවි කළ බව කියන මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඇතුළු තිදෙනෙක් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහාණ පවසයි.

මෙම සැකකරුවන් තිදෙනා අතර ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු ද සිටින බව පොලිසිය කියයි.
සිද්ධියට ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් දැරියගේ මව සහ මවගේ අනියම් සැමියා ද සිටින බව පොලිසිය කියයි.

සැකකරුවන් තිදෙනා සමඟම මෙම දැරිය දූෂණය කළ බවට සැක කරන පුද්ගලයින් ඇතුළු 21 අත්අඩංගුවට ගෙන ඇති බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

Exit mobile version