අධිශීතකරණ සහිත ජංගම මෝචරි සූදානම්….

– අරුණ-

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉදිරි දින කිහිපය තුළදී කොවිඩ් ආසාදිතව නිවෙස් තුළදීම සිදුවිය හැකි මරණ ප්‍රමාණය ඉහළ යා හැකි බැවින් එම මරණ පරීක්ෂණ වාර්තා ලැබෙන තුරු එම මෘතදේහ ගබඩා කර තැබීමට අධි ශීතකරණ සහිත කන්ටේනර් කිහිපයක් මේ වනවිට සූදානම් කර ඇතැයි කොළඹ ප්‍රධාන අධිකරණ විශේෂඥ වෛද්‍ය අජිත් තෙන්නකෝන් පවසා ඇත.

වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ දැනට කොවිඩ් මළසිරුරු ගොඩගැසීමක් සිදුවී නොමැති අතර එහෙත් ඉදිරියේදී එවැනි තත්ත්වයක් ඇති විය හැකි බවය.

නිවෙස් තුළ සිදුවන කොවිඩ් මරණ සහ රෝහල්වලදී සිදුවිය හැකි වෙනත් මරණ පිළිබඳ පරීක්ෂණ වාර්තාවන් ලැබෙන තුරු එම සියලු මෘතදේහයන් තැන්පත් කිරීමට සිදුවන්නේ මෘත ශරීරාගාරයේ වන අතර එමගින් එහි ඉඩකඩ සම්බන්ධයෙන් යම් ගැටලුවක් ඇතිවිය හැකි බවද හෙතෙම කීවේය.





Exit mobile version