බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අධිවේගයේ බයිසිකල් රේස් ලබන 14වැනිදා

by Lanka Sara Editor
ජනවාරි 11, 2022
in පුවත්
Action shot of a racing cyclists.

Action shot of a racing cyclists.

Share on FacebookShare on Twitter

 

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම – කුරුණෑගල කොටස විවෘත කිරීමට පෙර දින (14) තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ මහා මාර්ග අමාත්‍යාංශය එක්ව ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ පූර්ණ අධීක්ෂණය යටතේ කාණ්ඩ තුනකින් සමන්විත පාපැදි තරගාවලියක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

රටේ සංවර්ධන ක්‍රියාවලියට සමඟාමීව ක්‍රීඩාවේ ජවය යාවත්කාලීන කිරීමේ අරමුණ ඇතිව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව මෙම පාපැදි ශූරතාවලිය පැවැත්වේ.

ජාතික හා අන්තර්ජාතික තරග නීති රීතිවලට සහ කොවිඩ් මාර්ගෝපදේශවලට යටත්ව පැවැත්වෙන මෙම පාපැදි තරගාවලිය මෙරට කාන්තා හා පිරිමි පාපැදි තරගකරුවන්ට ලැබෙන සුවිශේෂී අත්දැකීමක් වනු ඇත.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

මෙම තරගාවලියේ මුඵ දුර ප්‍රමාණය කි.මි. 80කි. සුපිරි සහ 23න් පහළ පිරිමි කාණ්ඩය, කණිෂ්ඨ පිරිමි කාණ්ඩය සහ සුපිරි කාන්තා තරගය ලෙස කාණ්ඩ කිහිපයක් යටතේ තරගාවලිය පැවැත්වේ.

ත්‍රිවිධ හමුදාව, වරාය අධිකාරිය, දෙහිවල ගල්කිස්ස නගර සභාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළු පාපැදි ක්‍රීඩා සමාජ 30ක් පමණ මෙම තරගාවලිය නියෝජනය කරයි.
ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ බලපත්‍රලාභී පාපැදි ක්‍රීඩකයන් 125 දෙනෙකුට අධික පිරිසක් ඊට තරග කිරීමට නියමිතව ඇත.

සුපිරි සහ 23න් පහළ පිරිමි කාණ්ඩයේ තරගය පෙ.ව.8.30ටත් කණිෂ්ඨ පිරිමි කාණ්ඩය සහ සුපිරි කාන්තා තරගය පෙ.ව.8.40ටත් අධිවේගී මාර්ගයේ මීරිගම අන්තර් හුවමාරුව අසලින් ආරම්භ වන අතර අධිවේගී මාර්ගය ඔස්සේ යග්ගපිටිය අන්තර් හුවමාරු මධ්‍යස්ථානය දක්වා ගොස් එතනින් හරවා නැවතත් එම මාර්ගය ඔස්සේ මීරිගම අන්තර් හුවමාරුව අසලින් තරග නිමාව සනිටුහන් කිරීමට නියමිතය.

මෙම පාපැදි තරගාවලියේ ජයග්‍රාහකයින් සඳහා මුදලින් ත්‍යාග පිරිනැමීමට සංවිධායක මණ්ඩලය තීරණය කර තිබේ. එහි තොරතුරු පහත පරිදි වේ.

අන්තර්ජාතික මට්ටමේ පා පැදි තරග පසුබිමක් අනුව යන මෙම තරගාවලියේ දී දුර ප්‍රමාණය, ධාවන මාර්ගය ආදිය මැනවින් ප්‍රයෝජනයට ගනිමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය හොඳම කාල වේගය වාර්තා කොට සුපිරි දක්ෂතා දක්වනු ඇති බවට ක්‍රීඩා විශ්ලේෂකයෝ විශ්වාසය පළ කරති.

කොවිඩ් වසංගතය තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්වූ පාපැදි ක්‍රීඩාවට මෙම තරගාවලිය නව ආරම්භයකි. මේ සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය.

‘’අද මම විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙනවා නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍යතුමාට. එතුමන් විසින් කර කරන ලද ඉල්ලීමකට අනුව පාපැදි සම්මේලනය මේ සඳහා අවසර ලබා දී තිබෙනවා. අධිවේගී මාර්ගය එදා විවෘත කරන අවස්ථාවේදී එවකට සිටි විධායක ජනාධිපති වර්තමාන අග්‍රාමාත්‍ය අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා අධිවේගී මාර්ගය විවෘත කිරීමට පෙර එම ප්‍රදේශවල සිටි සාමාන්‍ය ජනතාවට එය නැරඹීමට දින කිහිපයක් විවෘත කර තබමින් අවස්ථාව සලසා දුන්නා. ඒ වගේම අද නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා අධිවේගී මාර්ගය විවෘත කිරීමත් සමග පාපැදි තරගාවලියක් පවත්වා ඒ අවස්ථාව ජනතාවට ලබාදීමට කටයුතු සලසා දෙන ලෙස ඉල්ලීමක් කළා. මේ සම්බන්ධයෙන් සියලු සම්බන්ධීකරණ කටයුතු සිදුකර මෙම පාපැදි තරගාවලිය සාර්ථක කරගැනීමට අවශ්‍ය පහසුකම් සලසා දීම සම්බන්ධව එතුමාට මා මේ අවස්ථාවේදී විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා. අධිවේගී මාර්ගයක පාපැදි ක්‍රීඩා කර ජාත්‍යන්තර අත්දැකීමක් ලබාගැනීමට හැකිවීම පාපැදි ශූරීන්ට ලැබෙන අනගි අවස්ථාවක් ලෙස මා දකිනවා.

අධිවේගී මාර්ගය මේ මස 15 වැනිදා සවස 4 ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් මෙය විවෘත කිරීමට නියමිත යැයි අමාත්‍යවරයා පැවසීය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රිනි කෝකිලා ගුණවර්ධන මහත්මිය, මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්.පේමසිරි, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය, ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ සභාපති එච්.එල්.ක්‍රිෂාන්ත, ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ ලේකම් නලින් අධිකාරිආරච්චිගේ යන මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ

Tags: නවතම
Share69Tweet43
Previous Post

අවුරුදු 900ක් පැරණි පොලොන්නරුව කිරිවෙහෙරේ බදාම තලය වැනසීමට එරෙහිව හිමිවරු පොලිසි යති!

Next Post

යළි දැනුම් දෙන තුරු දිවයිනේ සියලු ප්‍රදේශවලට පැයකට ආසන්න විදුලි කප්පාදුවක්!

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.