අධිකරණ නියෝග නොතැකූ මුදල් අමාත්‍යාංශ ලේකම්ට  එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධව නඩු රැසක්!

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා අයවැයෙන් වෙන්කර ඇති මුදල් රඳවාගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් SC/FR/69/2023 නඩුවේ  තීන්දුව ක්‍රියාත්මක නොකර යළි යළිත් කටයුතු කිරීමට  එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධව නඩු පැවරීමට  සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය සූදානම් වේ.

මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධනගේ උක්ත අත්තනෝමතික හැසිරීමට එරෙහිව සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය ලබන සතිය තුළ වෙන වෙනම නඩු දෙකක් පැවරීමට කටයුතු කරනු ඇත.

මීට අමතරව බාහිර පුද්ගලයින් සහ සිවිල් සංවිධාන වෙන වෙනම මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධනට සහ රජයේ මුද්‍රණාලයාධිපතිනිය වූ ගංගානී ලියනගේට  නඩු පැවරීම් සූදානම් වන බව වාර්තා වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සඳහා අවශ්‍ය මූලික නීතිමය පියවර මේ වනවිට රැගෙන ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි.


 

Exit mobile version