දිනසේන රතුගමගේ –
-
තිස්ස විහාරය බිඳ දමන බවට තර්නය කරමින් ප්‍රකාශ පල කළ ෆේස් බුක් ගිනුම ගැන විමර්ශනයක් කිරීමටත් අධිකරණය නියෝග කරයි….
අධිකරණ නියෝග කඩකළ දෙමළ ජාතික ජනතා පෙරමුණේ ( TNPF ) නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත නිදහස් කිරීමට නියෝග කළ මල්ලාකම් මහේස්ත්‍රාත්වරිය වන ගායත්‍රී සෙල්වන් අදාල නඩුව 2025 ජූනි මස 26 වෙනිදා විභාගයට ගන්නා බව ප්‍රකාශයට පත් කළාය.
කන්කසන්තුරේ තිස්ස විහාරය ඉදිරිපිට උද්ඝෝෂණය කිරීම් විරෝධතා පැවත්වීම් තහනම් කරමින්ද ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයාට දින තුනක කාලයකට එම ප්‍රදේශයට යාමට අවසරයක් නොමැති බවටද අධිකරණය විසින් නිකුත් කරණ ලද නියෝගයක් මායිම් නොකොට අධිකරණයට අපහාස වන අන්දමට මන්ත්‍රීවරයා ක්‍රියා කිරීම නිසා ඔහුට මල්ලාකම් අධිකරණයේ පෙනී සිටින ලෙසට කළ නියෝගයකින් පසුව ඔහු අධිකරණය හමුවේ පෙනී සිටියේය.
මුලින් නිකුත් කළ අදාල අධිකරණ නිවේදනය නිසියාකාරව නොලැබීම නිසා මේ තත්ත්වය උද්ගත වූ බවත් අධිකරණයට අපහාස කිරීමට කිසිදු චේතනාවක් මන්ත්‍රීවරයාට නොතිබූ බවත් තිස්ස විහාරය සම්බන්ධයෙන් ඔහුට අයත් නොවන ඔහු නමින් සකසන ලද ව්‍යාජ ෆේෂ්බුක් ගිණුමකින් විරෝධතා ඉදිරිපත් කෙරුණු බවත් මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනීසිටි නීතිඥ එස්.මහින්දන් අධිකරණයට පෙන්වා දීමෙන් පසුව මහේස්ත්‍රාත්වරිය මන්ත්‍රීවරයාට ඇප ලබා දෙන ලදී.
නමුත් මෙම විහාරය ඉදිරිපිට විරෝධතාවය දැක්වීම සම්බන්ධයෙන් හා විහාරස්ථානය කඩා බිද දැමිය යුතු බවට ප්‍රකාශයන් ඇතුළත් වූ ෆේස් බුක් ගිණුම ගැන විමර්ශන ආරම්භ කොට ඒ ගැන වාර්තවක් මීළඟ නඩු දිනයට පෙර අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට කන්කසන්තුරේ පොලීසයට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය අදාල නඩුව ඉන් පසුව විභාගයට ගන්නා බවද ප්‍රකාශ කළාය.







