අධිකරණ අමාත්‍යංශය කෝටි 40ක් වැය කොට යන්න ගිය ගමන නවත්වයි

අධිකරණයට නව විනිසුරන් පත් කිරීමත් සමඟ අධිකරණ කටයුතුවලට ඉඩ ලබාදීම සඳහා අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ පිහිටා තිබූ අමාත්‍යංශ කාර්යාල ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට ගෙන යාමට ගෙන තිබූ තීරණය අත්හිටුවා ඇති බව අධිකරණ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ලෝක වෙළෙඳ මද්‍යස්ථානයේ වර්ග අඩි 35071ක් වසර දෙකකට රුපියල් කෝටි 40 ක් ගෙවා කුලියට ගැනීමට තීරණය කොට තිබූ අතර ඊට කැබිනට් අනුමැතියද හිමිව තිබුණි.

මේ පිළිබඳව එම අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇති අතර අධිකරණ අමාත්‍යාංශය දැනට පවතින ගොඩනැගිල්ලේම පවත්වාගෙන යාමට තීරණය කර තිබේන බව එහි සඳහන් වේ.


ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය පුළුල් කිරීමේ කටයුතු සඳහා වෙනත් විකල්ප සුදුසු ස්ථානයක් ඇති කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා කටයුතු සම්පාදනය කිරීමට නියමිතය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ කටයුතු පුළුල් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට අධිකරණ අමාත්‍යාංශය දැනට පවතින ගොඩනැගිල්ලෙන් ඉවත්කර වසර දෙකක කාලයක් සඳහා ලෝක අර්ථකථන ලබාදීමට ඇතැම් පුද්ගලයින් උත්සාහ දැරූ බව අධිකරණ අමාත්‍යාංශය අමාත්‍යාංශය චෝදනා කර සිටියි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අනවශ්‍ය කරුණු කාරණා මතු කරමින් ගෙනයනු ලබන ව්‍යාජ වැඩපිළිවෙලවල් සහ කටකතා කණගාටුවෙන් යුතුව හෙළා දැකිය යුතු අතර සාකච්ඡා වට කිහිපයකින් පසුව අධිකරණ අමාත්‍යාංශය දැනට පවතින ගොඩනැගිල්ලේම පවත්වාගෙන යාමට තීරණය කළ බව අධිකරණ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Exit mobile version