අධිකරණයට බලපෑම් කරන්න එපා… ඡන්දය තියන්න! – කාදිනල් තුමෝ රජයට කියති!

කීර්ති ප්‍රනාන්දු –

අධිකරණයට ගරු කරන ලෙසත් ජනතාවගේ ව්‍යවස්ථාපිත අයිතියක් වන මැතිවරණය නිසි කලට පවත්වන ලෙසත් කොළඹ අග රදගතුරු අති උතුම් මැලක්ම් කාදිනල් රංජිත් හිමිපාණෝ අද රජයෙන් ඉල්ලා සිටියහ.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ අද අග රදගුරු නිල නිවසේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී සිය අදහස් දක්වමිනි.

පසුගිය අයවැය මගින්  මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා  වෙන් කළ මුදල් ලබා නොදීම අත්හිටුවමින් පසුගිය මාර්තු 03 දා ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මුදල් අමාත්‍යාංශයේ ලේකම් හා නීතිපතිවරයාට   නිකුත් කරන ලද අතුරු තහනම් නියෝගය තමන්ගේ පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කිරීමක් බව හුවා දක්වමින් ඊට එරෙහිව උසාවියට කරුණු වාර්තා කරන්නැයි  නොබෝ දා රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙක් විසින්   කතා නායක තුමාගෙන් කළ ඉල්ලීමට   තමන් වහන්සේගේ  බලවත් විරෝධය ප්‍රකාශ  කරන බවත්  කාදිනල් තුමෝ කීහ.

නඩු අංක SCFR 69/2023 දරන එම මූූලික අයිතිවාසිකම් පෙත්සමට දෙන ලද තීන්දුව තමන්ගේ පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කිරීමක් ලෙස හුවා දක්වමින් ගරු අධිකරණයට බලපෑමක් කරන්නට කතානායක තුමාගෙන් ඉල්ලා සිටින ඔවුන්ගේ මේ ක්‍රියා දාමය කිසිසේත් පිළිගත නොහැකි දෙයක් බව ද උන්වහන්සේ  සඳහන් කළහ.


කාදිනල් තුමා කීවේ එය  නීතියේ ස්වාධිනත්වයට හා ගෞරවයට එල්ල කරන ලද මරු පහරක් බවය.

ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ  මෙම සුවිශේෂී නියෝගය මගින් අප රටේ දැනටමත් කරුණාතිලක සහ වෙනත් අයෙකුට එරෙහිව දයානන්ද දිසානායකට   ලබා දුන් තීන්දුව ඉතා පැහැදිලිව යළිත් සනාථ කරන බවත් ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති භාෂණයේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ඡන්ද පැවැත්වීම සම්බන්ධව වැදගත්වන ආකාරයත් කාදිනල් තුමා පෙන්වා දුන්නේය.

රටේ ව්‍යවස්ථාව අනුව සැලසුම් කළ ඡන්දයකින්   පුද්ගලයෙකුට තමන්ට කැමති පාලකයෙක් තෝරා ගැනීමේ අයිතිය පැහැදිලිවම සනාථ කර ඇති බව කී කාදිනල් තුමා ශ්‍රේෂ්ඨාධිකරණය ඉහළම තැන ඇති ආයතනය බව කීවේය.


“ජනතාවගේ මූලික අයිතියක් තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීම. ඒ මූලික අයිතිය ප්‍රකාශිතවන එක අවස්ථාවක් තමයි ඡන්දය. ඒ ඡන්දය බලවතුන්ට ඕන විදිහට තියන්න හෝ නොතියා ඉන්න බෑ.”

“  යම් ව්‍යවස්ථාපිත රාමුවක් යටතේ ඡන්දයක් පැවැත්විය යුතු  කාල වකවානුවක් සඳහන් කරලා තියනවා. ඒ කාල වකවානුවලට ඡන්දය තියන්න ඕන. ඡන්දය නොතිබීම, කල් දමන්නට උත්සාහ කිරීම, අරමුදල් ලබා නොදීම, කකුලෙන් ඇදීම වැනි කටයුතු සුදුසු නෑ ප්‍රජාතන්ත්‍රවාදීව කල්පනා කරන මිනිස්සුන්ට.”

“ඒක ප්‍රජාතන්ත්‍ර විරෝධීයි. ඡන්ද තියනවා නොතියයනවා කල් දානවා මුදල් වෙන් කරන්නෙ නෑ   වගේ වැඩවලින් කකුලෙන් ඇඳීම වැරදියි. ඒක අපට පිළිගන්නට බෑ.”

“ මේ ඡන්දය තියන්නට ඕන හේතුවක් තියනවා. දැනටමත් පලාත් පාලන ඡන්ද අවුරුද්දක් විතර කල් ගිහිල්ලා තියෙන්නෙ. තව දිගටම  කල්දාන්න කටයුතු කරනවා මේ රජය. ඒක අපට පිළිගන්න බෑ. “

“රජය මැතිවරණ කොමිසමට අවශ්‍ය ආධාර ලබා දිය යුතුයි නිසි කාලයේ දී ඡන්දය තියන්න. රජයත් මතක තබා ගත යුතුයි ඒ ගොල්ල ඡන්දයකින් ආපු අය කියලා.”

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මගේ ප්‍රධාන ඉල්ලීම මේකයි.  ශ්‍රේෂ්ඨාධිකරණයට බලපෑම් කරන්න යන්න  එපා. ඒක අසාධාරණයක්. ඒක කරන්න එපා. ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු හැම අධිකරණයක්ම නිදහසේ ඒ අයගේ කටයුතු කරගෙන යන්න ඉඩ දිය යුතුයි. එකෙන් තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන අංගයක් ආරක්ෂා වෙන්නෙ රටක

Exit mobile version