අධ්‍යාපන වෘත්තිකයින්ගේ සංගමයේ සභාපති උලපනේ සුමංගල හිමි ඇතුළු 18ක් ශරීර ඇප මත නිදහස්…

සාමකාමී බවට තර්ජනයක් ඇතිවන ලෙසත් කොවිඩ් රෝගී තත්ත්වය වර්ධනය වීමට ඉඩ සැලසෙන අන්දමටත් ගුරු උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කළ බවට මහනුවර පොලීසිය විසින් කළ කරුණු දැක්වීමට අදාළව අධිකරණය මගින් නිකුත් කළ නොතිසි මත ඊයේ (11) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටි අධ්‍යාපන වෘත්තිකයින්ගේ සංගමයේ සභාපති උලපනේ සුමංග හිමි ඇතුළු 18 දෙනෙකු එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරිර ඇප මත මුදා හැරීමට මහනුවර අතිරේක මහේස්ත්‍රාත් එම්.එච් ෆරීක්ඩීන් නියම කළේය.

ඔවුන්ට නොවැම්බර් මස 03 දින යළි අධිකරණයේ පෙනී සිටින ලෙසද අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

සාමකාමී බවට තර්ජනයක් ඇතිවන ලෙසත් කොවිඩ් ව්‍යාප්තියට හේතුවන ලෙසත් මහනුවර නගර මධ්‍යයේ උද්ඝෝෂණයක් පවත්වා මහනුවර සිට කොළඹ දක්වා පාගමනක් සංවිධානය කිරීම යන චෝදනා යටතේ පොලීසිය අගෝස්තු මස 04 දින බී වාර්තාවක් මගින් මෙම පිරිස සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තාකර තිබිණි.


අධිකරණය මගින් නිකුත් කළ නොතිසි මත මෙදින උලපනේ සුමංගල හිමි හා තවත් භික්ෂූන් වහන්සේ නමක්ද විදුහල්පතිවරු 13 දෙනෙකු හා ගුරුවරු හා දෙමාපිය පිරිසක්ද මෙදින අධිකරණයේ පෙනී සිටියහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගුරු සංගම් නියෝජිතයින් වන ජෝෂප් ස්ටාලිං, මහින්ද ජයසිංහ ඇතුළු පිරිසක්ද මෙදින අධිකරණය පරිශ්‍රවය පැමිණ සිටියහ.

Exit mobile version