අධ්‍යාපනය වෙනුවෙන් රූපවාහිනී නාළිකා 20ක් එයි

kids TV

අධ්‍යාපනය වෙනුවෙන් වෙන්වූ රූපවාහිනී නාලිකා 20ක් ආරම්භ කිරීමට සැළැසුම් කර ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

මේ යටතේ 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා නාලිකා දහතුනක්ද, පිරිවෙන් අධ්‍යාපනය සඳහා වෙන්වූ නාලිකා දෙකක්ද ආරම්භ කෙරේ.

අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව ප්‍රකාශ කළේ කුණ්ඩසාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති සමෘද්ධි ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයකදීය.


කුණ්ඩසාල මැතිවරණ කොට්ඨාසයේ පාසල් දරුවන් එකසිය අසූ පස් දෙනෙකු සඳහා සමෘද්ධි ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම අමාත්‍යවරයා අතින් මෙහිදී සිදුවිය.

මෙහිදී “සමෘද්ධි සෞභාග්‍යයා” වැඩසටහනට සමගාමීව උසස්පෙළ දරුවන් සඳහා එක් දරුවකුට මසකට 1500 බැගින් වසර දෙකක කාලයක් සඳහා අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මූල්‍යාධාර ලබාදීම සිදුවේ.

මේ යටතේ එම දරුවන් සඳහා මාස 10 ක මූල්‍යධාර වශයෙන් රුපියල් 15,000 බැගින් එකවර ලබා දීම සිදුකෙරිණ .

ඒ අනුව එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දරුවන් එකසිය අසූ පස් දෙනෙකු සඳහා රුපියල් විසි හත් ලක්ෂ 75,000 ක මුදලක් බැංකු ගත කොට ලබා දීම සිදුවේ.

එය සංකේතවත් කරමින් ළමුන් හැට දෙනෙකු සඳහා මූල්‍යාධාර සැපයම සිදුකෙරණ.

පවතින ගෝලීය වසංගතය තවත් වසරක දෙකක පමණ කාලයක් පැවතිය හැකි බවද ඒ තුළ ළමුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් නොවිය යුතු බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.
රටක දරුවන්ගේ අධ්‍යාපනය බිඳවැටීමට නොදී රැක ගැනීම රජයක වගකීම බවද හෙතෙම කීය.

අධ්‍යාපනය යනු රටෙහි කොදුනාරටිය බවත් කුමන අභියෝග හමුවේ වුවද එහි වගකීම රජයේ භාර ගන්නා බවද අමාත්‍යවරයා පැවසීය.

ඉදිරියේදී අධ්‍යාපන නාලිකා සියල්ල නිවසෙහි ආලින්දයට ගෙනඑන බවත් ඒ තුළ රටෙහි සමස්ත සිසු පරපුරට එක හා සමාන අධ්‍යාපන අවකාශ ලබා දෙන බවත් රඹුක්වැල්ල මහතා කීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දුරකථන භාවිතයෙන් දරුවනට සිදුවන සමාජ ප්‍රශ්න මින් මගහරවා ගත හැකි යැයිද මෙහිදී පෙන්වා දුන් අමාත්‍යවරයා රටෙහි ජනප්‍රිය ගුරුවරයෙකුගේ ඉගැන්වීම ලැබෙන සිහිනය එක හා සමානව කොළඹ හතේ දරුවාගේ සිට ඈත එපිට දරුවා දක්වා ලබාදෙන බවද අමාත්‍යවරයා මෙහිදී කීය.

Exit mobile version