බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අද බෙලිඅත්තේ දී ඝාතනය වුන කවුද මේ සමන් පෙරේරා…

by editor
ජනවාරි 22, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

අපේ ජන බල පක්ෂය ගැන හැමෝම දන්නේ අතුරලියේ රතන සාදු මෙන්ම ගලගොඩඅත්තේ ඤාණසාර සාදු රට රැක ගැනීම සඳහා දේශපාලනය කිරීමට තෝරා ගත් පක්ෂය නිසාය.

ඒ පක්ෂයේ නායකයා සමන් පෙරේරාය. සමන් පෙරේරා අද උදේ බෙලිඅත්තේ දී වෙඩි තබා ඝාතනය කළේය.

පසුගිය මහ මැතිවරණයෙන් ඡන්ද 67758ක් ලබාගෙන ජාතික ලයිස්තු මන්ත්‍රී ආසනයක් ලබා ගත් අපේ ජන බල පක්ෂයේ සභාපති සමන් පෙරේරා යනු ආන්දෝලනාත්මක චරිතයකි. ඔහුට එරෙහිව පෙළ ගැසුණු අපරාධ ඉතිහාසයක් ගැන කියැවිනි.

ඔහු දකුණේ ප්‍රසිද්ධව ඉන්නේ රෝයල් බීච් සමන් ලෙසය. ඔහු  දකුණේ පාතාලයට සම්බන්ධ පුද්ගලයකු බවට රාජ්‍ය බුද්ධි සේවය රජයට නිල වාර්තාවක් ලබා දී තිබුණේ වර්ෂ 2019 සැප්තැම්බර් මාසයේ දී ය. එහෙත් ඔහු 2019  නොවැම්බර් 16 දින පැවැත්වුන ජනාධිපතිවරණයට ද අපේ ජන බල පක්ෂයේ නායකයා ලෙස නාමයෝජනා බාර දී තරග කළේය.

සමන් පෙරේරා ඝාතනය වූ හැටි…

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම ආසන්නයේදී කැබ් රථයකින් පැමිණි පිරිසක් විසින් සිදුකල වෙඩි තැබීමකින් අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුළු 05 දෙනෙකු අද (22) පෙරවරුවේ මිය ගියේය.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

වෙඩි තැබීම සිදුවන්නේ අද (22) පෙරවරු 8.30ත් 8.40ත් අතර කාලයේදී ය.   .සුදු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් සමන් පෙරේරා ඇතුළු 05 දෙනෙකු පැමිණ ඇති අතර උදෑසන ආහාර ගැනීම සදහා ඩිෆෙන්ඩර් රථය මෙම ස්ථානයේ නවතා තිබේ.

එම අවස්ථාවේදී  කොළ පැහැති කැබ් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබිණි. වෙඩි තැබීමෙන් සමන් පෙරේරා ඇතුළු සිව් දෙනෙකු එම ස්ථානයේදීම මිය ගියේය.  තුවාල ලැබූ එක් අයෙකු රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් රෝහලේ දී මිය ගියේය.

මියගිය සමන් පෙරේරා මහතාට එරෙහිව පුද්ගල ඝාතනයක් සම්බන්ධව තංගල්ල අධිකරණයේ පවතින නඩුවක් සදහා සහභාගී වීමට මොවුන් පැමිණෙමින් සිටියදී  මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බව  මුලික පොලිස් පරීක්ෂණ වලදි අනාවරණය වී ඇත. වෙඩි තැබීම සදහා ටී 56 වර්ගයේ ගිණි අවියක් භාවිතා කර තිබේ. මේ වනවිට  සිද්ධිය පිළිබදව තංගල්ල කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී.කීර්ති රත්න මහතාගේ උපදෙස් පරිදි බෙලිඅත්ත පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

දකුණ හෙල්ලූ රෝයල් බීච් සමන්

සමන් ප්‍රසන්න පෙරේරා නැමැත්තා දකුණේ ප්‍රසිද්ධව සිටියේ රෝයල් බීච් සමන්“ ලෙසිනි.  ඔහු දකුණ හෙල්ලූ පාතාලයට සම්බන්ධ මරණ කිහිපයකටද චෝදනා එල්ල වූ මෙන්ම දකුණේ පාතාල කණ්ඩායමක් වූ කොස්ගොඩ සුජී ගේ කල්ලියේ වෛරයට පාත්‍රව සිටින පුද්ගලයකු බව කියැවිනි .

ඉඳුරුව රෝයල් බීච් නම් හෝටලයේ හිමිකරුවා වන ඔහු සංචාරක මඟ පෙන්වන්නකු ලෙස මුලින් කටයුතු කර තිබේ. ඔහු ධනවත් වෛද්‍යවරියක සමඟ විවාහ වීමෙන් පසුව විශාල ධනස්කන්ධයක් උරුම කරගත්තකු බව සඳහන් වෙයි.

ඔහුට එරෙහි ඝාතන චෝදනා අතර  ප්‍රධානම එක්ක වූයේ  බලපිටිය හිටපු ප්‍රදේශීය සභා සභාපති ස්ටැන්ලි තාබෘ සහ ඔහුගේ පුත් ටෙරී තාබෘ වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමේ කොටස් කරුවෙක් වීමය.

එසේම ඉඳුරුවේ සමන් නැමැත්තා ඝාතනය සම්බන්ධයෙන්ද ඔහුට චෝදනා තිබිණි.   කොස්ගොඩ සුජී නැමති පාතාල නායකයාගේ කල්ලියේ ප්‍රධාන ප්‍රතිවාදියකු වන මොහු බොහෝ විට ගැටුම් ඇතිකරගෙන ඇත්තේ සංචාරක ව්‍යාපාරය සහ දේපළ පිළිබඳව ප්‍රශ්න මත බව වාර්තා විය.

පසුගිය කාලයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳව කතාවක් නිර්මාණය කළ නාමල් කුමාර නැමැත්තා සමඟද ඔහු සමීපව ඇසුරු කළ බවට වාර්තා වූයේය.

ඔත්තු කරුවා ඝානය කිරීම

සමන් පෙරේරා සම්බන්ධ මෑතක සිදුවූ ආන්දෝලානත්මක සිද්ධිය වන්නේ  පුද්ගල ඝාතන සිද්ධියක් සම්බන්ධව සිදුකළ විමර්ශනයකට අදාලව  විශේෂ පොලිස් කණ්ඩායමක් විසින්  2022 අගෝස්තු  24 දින තංගල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමය.

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයන්ට එරෙහි සාක්ෂි කාරයෙක් වීම නිසා  පසුගිය ජූනි   05 වැනිදා තංගල්ල මොරකැටිආර ප්‍රදෙශයේ දී ඝාතනය කරන ලද  පුද්ගලයාගේ ඝාතනය සිද්ධිය හා සම්බන්ධවූ තැනැත්තෙකුට පොලිසියෙන් සැඟවී සිටීමට අවශ්‍ය රැකවරණය සැපයීම සම්බන්ධව    සමන් පෙරේරාට චෝදනා එල්ල වී තිබිණි.

සමන් පෙරේරා  වෙත පොලිසියේ විශේෂ අවධානය යොමු වන්නේ තංගල්ලේ දී  මත්කුඩු ජාවාරම් කාරයන්ට එරෙහි ඔත්තු කරුවා මරා දැමීම සඳහා කොන්ත්‍රාත්තුව ගත් කුලී ඝාතකයාට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපයූ තැනැත්තා පසුගිය ජූනි මස 19 දා තංගල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී ය.

අත්අඩංගුවට පත්වන පුද්ගලයා අපේ ජන බල පක්ෂයෙන් මහ මැතිවරණයට තරග වැදුනු තැනැත්තෙක් යැයි අනාවරණය විය.

ඝාතන සිද්ධිය ගැන විමර්ශනය කරන  පොලිසිය ඔහු ගැන සොයමින් සිටියදී ඔහු සැඟවී සිට ඇත්තේ කුරුණෑගල සමන් පෙරේරාගේ නිවසේ බවත් හෙළි  වී තිබේ.

මේ තොරතුරු ඔස්සේ  සමන් පෙරේරා සම්බන්ධව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබිණි. ඔහු සිද්ධිය සම්බන්ධව ඇප මත නිදහස්ව සිටියේය.

මේ අතර  තමන්   ඝාතනය කිරීමේ කුමන්තරණයක් ඇතැයි සමන් පෙරේරා පසුගිය වසරේ ජූනි මස පොලිස්පතිවරයාට පැමිණිල්ලක් කර කියා තිබුණේ තමන් සමග දේශපාලනය කරමින් සිට දැන් විරසකව සිටින හිමිනමක් තමන් ඝාතනය සඳහා කාන්තාවකට ලක්ෂ 50ක කොන්ත්‍රාත්තුවක් ලබා දී ඇති බවය.

පුද්ගලික සම්බන්ධතාවයක් ඇති කරගෙන පසුව ඔහුව ඝාතනය කිරීමට එම හිමි නම විසින් කොන්ත්‍රාත්තුව ලබා දී ඇතැයි කළ පැමිණිල්ලට අනුව ඒ පිළිබඳ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කළ බව අම්බලන්ගොඩ පිහිටි ගාල්ල අපරාධ කොට්ඨාසය ඒ වකවානුවේ මාධ්‍යය වෙත කියා තිබුණේය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

 විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරාට ඇප…

Next Post

ඊනියා යුක්තිය මෙහෙයුම වහාම අත්හිටුවා සමාලෝචනය කරන්න… එක්සත් ජාතීන්ගෙන් රජයට සැර නිවේදනයක්…

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.