සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අද පාර්ලිමේන්තුව – “බොරු කියන අරුණ” ” දෙරණ හෝදන විපක්ෂය” ” ආණ්ඩුවේ පරස්පරය” මැද තරගයේ වීරයා දිලිත් ජයවීර…

by editor
නොවැම්බර් 20, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

මහජන ආරක්ෂක කමිටු සම්බන්ධව පළවුන දෙරණ මුල් පුවත අද පාර්ලිමේන්තුව  ඇවිලුවේය.  අද දවසේ මේ සම්බන්ධව තියුණු කතාවක් කියමින් සංවාද ප්‍රවේශය හදන්නේ ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්සය.

දෙරණ සම්බන්ධව කතාව පාර්ලිමේන්තුව තුළ දී සිදුවීම දැනෙන සුළුය. දෙරණ හිමිකාර දිලිත් ජයවීරත් දැන් පාර්ලිමේන්තුවේය. නලින්ද ඇමතිවරයා ඒ නිසාදෝ පැවසුවේ මේ  කතාව කියන්නට සුදුසුම තැන පාර්ලිමේන්තුව බවය.

ජනමාධ්‍ය ඇමතිවරයා ලෙස විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු “අරුණ” දිනපතා පුවත්පත පාර්ලිමේන්තුව අතට ගත්තේය. ඔහු කීවේ “අරුණ” ඉතාම සාහසික සාවද්‍ය පුවත් වාර්තා කරමින් මහජන කැළඹීමක් ඇති කිරීම සඳහා ජනතාවට තොරතුරු ලබා ගැනීමට ඇති අයිතිය අවභාවිතා කර ඇති බවය.

අරුණ පුවත්පත සිය ප්‍රධාන පුවත් ලෙස වාර්තා කරන ” ග්‍රාම නිලධාරී සහතිකය මදි… පොලිස් වාර්තා ගන්න මහජන කමිටු ප්‍රධානියාගේ අනුමැතියක් ඕනෑ..” නැමැති ප්‍රවෘත්තිය මුලුමනින්ම අසත්‍යයක් බව ජනමාධ්‍ය ඇමතිවරයා කීවේය.

ඇමතිවරයා කීවේ අරුණ පුවත්පත අයිතිකාරයා  කලණියේ නයි ඇරියේත් මේ ආකාරයෙන්ම බවය. ව්‍යාජ පුවත් මවා එම පුවත් සිය රූපවාහිනී නාලිකාවල කියවාගෙන රේඩියෝ නාලිකාවල කියවාගෙන වැරදි මත අතිශය බිහිසුණු ලෙස සමාජගත කිරීමේ ඉතිහාසයක් මේ මාධ්‍ය හිමිකරුවාට ඇති බව ඔහු කීවේ අවධාරණයෙනි.

RelatedPosts

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

අපිට ටෙස්ට් ක්‍රිකට් අමාරුයි ද?… පන්දු යවන්න පටන්ගත් ගමන් ලහිරු කුමාර ආබාධයකට…

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

අරුණ මුල් පුවතට  ට මූලාශ්‍රවන ප්‍රාදේශීය වාර්තාකරුවෙක් ලියා එවූ නැගෙනහිර නුවරගම් පලාතේ ග්‍රාමසේවකවරුන් එවැනි කිසිම ප්‍රකාශයක් සිදුකර නැති බවත්, මේ සාවද්‍ය ප්‍රවෘත්ති නිර්මාණය කර ජනගත කිරීමේ ඉතිහාසය උදාහරණ කීපයක් සමග ඉදිරිපත් කළ ඇමතිවරයා මේ මාධ්‍ය ආයතනය මේ කරන්නේ  ජනතාවගේ ප්‍රවෘත්ති දැනගැනීමට ඇති අයිතිය අවභාවිතා කිරීම බවය.

අරුණ පුවත්පත සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ද ජනමාධ්‍ය ඇමතිවරයා  අද පාර්ලිමේන්තුවට කීවේය.

ඊයේ වෙච්චි දේ

අද පත්තුවුන මේ කතාව ඊයේ සිද්ධියක දිගුවකි. ඊයේ (19) සවස්වරුවේ  ඩී.වී. චානක ඇත්ත සහ අමූලික බොරු , තර්ක සහ විතරක් එකට අනා මරු කතාවක් පාර්ලිමේන්තුව තුළ කළේය .

ඒ කතාව අතර ඩී.වී චානක රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය  ආචාර්ය චන්දන අබේරත්නගෙන් මෙසේ විමසුවේය.

“ඇමති තුමාගෙන් මම දැනගන්න කැමතියි පොලිස් වාර්තාවක් ගන්නකොට අලුත් චක්‍රලේඛනයක් යැව්ව ද?, ග්‍රාමසේවක සහතිකය විතරයි තිබුණෙ  කලින්. දැන් ග්‍රාමසේවක සහතිකයට අමතරව මහජන පොලිස් කමිටුවේ අනුමැතිය ඕන කියලා.”

“ඔව් ද නැද්ද කියන්න… මගේ වෙලාවෙන් අරන් කතා කරන්න…” අචාර්ය චන්දන අබේරත්න නිහඬව සිටියේය..

“ඇමති තුමා. ඔබතුමා උත්තරයක් දෙන්න. පොලිසියෙ සහතිකයක් ගන්න ඕන නම් මේක ගන්න ඕන කියලා කියන්න. නැතිනම් නෑ කියන්න.” ඇමතිවරයා නිහඬව සිටිද්දී ඩී.වී. චානක කතා කලේය.

“මේක ලොකු ප්‍රශ්නයක්.  අද මට කතා කරලා කිව්වා දෙහිවලින්. දෙහිවලින් කතා කරලා කියනවා අපිට දැන් ග්‍රාම සේවක සහතිකය නම් ගන්න පුලුවන්. එයා නිලධාරී කෙනෙක්. හැබැයි පොලිස් කමිටුවේ සභාපතිගේ අනුමැතිය ගන්න විදිහක් නෑ… එයා කුඩුත් එක්ක අහුවෙලා හිරේ… මාලිමාවේ මන්ත්‍රී නෝනගේ මහත්මයා තමයි මහජන පොලිස්  කමිටුවේ සභාපති. එයා දැන් ලොකු ප්‍රශ්නයක ඉන්නේ. පොලිසියේ  වාර්තාව ගන්න විදිහක් නෑ. ග්‍රාම නිලධාරී තුමා අනුමත කරනවා. හැබැයි පොලිස් කමිටුවේ සභාපති හොයන් ගියාම එයා හිරේ.”

“මහජන පොලිස් කමිටුව කියන්නේ මොකක්ද ?. දේශපාලන පත්වීමක්. හැම තැනම ඉන්නේ මාලිමාවේ අපේක්ෂකයෙක්. “   ඔහු මේ කියන කතාව බරපතල මෙන්ම යම් අපහාසයක් ද ගැබ්වී තිබුණේ මාළිමාව කී සුජාත භාවයේ කන්‍යාපටලය දැන් හානි වී ඇති බවට රටට හඟවමිනි.

කතාව නිමා වූ පසු නැගී සිටි රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න ඊට මෙසේ පිළිතුරු දුන්නේය.

“එතුමා මතු කළ ප්‍රශ්නය..  පොලිස් වාර්තාවක් ගැනීම සම්බන්ධ ප්‍රශ්නයට… මීට පෙර සිවිල් ආරක්ෂක කමිටු තිබෙන වෙලාවේ සිවිල් ආරක්ෂක කමිටුවෙන් වාර්තාවක් අවශ්‍ය වුනා. සිවිල් ආරක්ෂක කමිටු මේ වනවිට මහජන ආරක්ෂක කමිටු ලෙස නම් වෙනස් වෙලා තියනවා.  ඒ නිසා කලින් තිබුණු ක්‍රියාවලියම තමයි යන්නේ. අලුත් දෙයක් නෙමෙයි මේක.”

මේ පැහැදිලි කිරීම කරන්නේ ආණ්ඩුවේ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්නය. එහෙත් ඊට සපුරා වෙනස් අදහසක් පාර්ලිමේන්තුවේ දී මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල විසින් ප්‍රකාශ කළේය.  ඔහු කීවේ පොලිස් වාර්තාවක් ලබා ගැනීම සඳහා මහජන ආරක්ෂක කමිටුවෙන් ලියුමක් ලබා ගැනීම අවශ්‍ය යැයි පැවසීම අමූලික බොරුවක් බවය.

අද අමාත්‍ය නලින්ද ජයතිස්ස දෙරණ පුවත්පත් වාර්තාව මුළුමනින්ම අසත්‍ය එකක් බවට පවසන්නේ ආනන්ද විජේපාල ඇමතිවරයා කරන ලද ප්‍රකාශ පදනම් කරගනිමිනි. දෙරණ පුවත්පත සිය ප්‍රවෘත්තිය වාර්තා කරන්නේ අමාත්‍ය චන්දන අබේරත්න විසින් කළ පැහැදිලි කිරීමේ ඉඩ හසර තුළ හිඳිමිනි.

සජිත් ප්‍රේමදාස මූලාශ්‍රය –

නලින්ද ජයතිස්ස ඇමතිවරයා දෙරණ පුවත්පත නිර්දය විවේචනයට ලක් කරමින් කළ කතාවෙන් පසු විනාඩි තුනක කාලයක් ඉල්ලාගෙන දෙරණ සුද්ද කරන්නට කතාවක් කීවේය. ඔහු පටන් ගන්නේ මෙසේය.

“මහ ජන ආරක්ෂක ඇමතිතුමා මීට දිනකට පෙර  කිව්වා  ප්‍රජා පොලිස් කමිටුවල   සභාපතිවරන්ගේ නිර්දේශ අවශ්‍ය නෑ කියලා පොලිස් වාර්තා ලබා ගන්න.”

“මම ගරු කථානායක තුමා වෙත ගෞරවයෙන් ඉදිරිපත් කරන්න කැමතියි මාතර කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුඹල්ගොඩ ග්‍රාමසේවා වසමේ කන්නාකනම් පතිරණගේ අනුරාධ මධුසංඛ  පෞද්ගලික අංශයේ රැකියාවක් ලබා ගැනීම සඳහා හක්මන පොලිස් ස්ථානයෙන් එම පොලිස් සහතිකය ඉල්ලන්න කටයුතු කරනකොට  එයාට උපදෙස් දීලා තියනවා ග්‍රාම නිලධාරීව වාර්තාවට අමතරව ප්‍රජා පොලිස් කමිටුවේ සභාපතිවරයාගේ චරිත සහතිකය අවශ්‍යයි කියලා. සභාපතිවරයාගේ නම පී.රාමවික්‍රම.  චරිත සහතිකය ලබා දුන්නයින් පස්සේ මේ පුද්ගලයට පොලිස් වාර්තාව ලබා දීලා තියෙන්නේ.  ඒක පළවෙනි උදාහරණය.”

“දෙවැනි උදාහරණය කඹුරුපිටිය පොලිසිය. මාතර කඹුරුපිටිය පොලිසියේ ලේනබටුව ග්‍රාමනිලධාරී වසමේ 317 සී ලිපිනයේ පදිංචි ඩී.ජී. දෙනෙත්.      ඔහු පොලිස් වාර්තාව ඉල්ලුම් කරනකොට ප්‍රජා පොලිස් කමිටුවේ සභාපති  සම්පත් වික්‍රමසිංහ මහත්මයා, ඔහු තමයි දැන් ප්‍රාදේශීය සභාවේ එන්පීපී සභාපති තුමා… ඔහුගේ චරිත සහතිකයක් ඉල්ලා තිබෙනවා. මම මේ නම් ගම් සහිතව පොලිස් වසම් ග්‍රාමසේවා වසම් සහිතව කියන්නේ.  තාම පොලිස් වාර්තාව දීලා නෑ. නමුත් මේ දෙනෙත් කියන පුද්ගලයා එන්.පීපී. සභාපතිවරයා සභාපතිත්වය දරන ප්‍රජා පොලිස් කමිටුවේ සහතිකයත් ඉදිරිපත් කරලා තියනවා. කඹුරු පිටිය පොලිසියත් ඒක අරන් එන්න කියලා තියනවා.

ඇත්ත වශයෙන්ම මේ කාරණාව ඉදිරිපත් කරන්නේ මෙතන තමයි හොඳම තැන කිව්වනේ කරුණු ඉදිරිපත් කරන්න. මේ මුල පුරන්නේ ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වයකට ද?, මේ මුල පුරන්නේ පොලිස් රාජ්‍යයක් ක්‍රියාත්මක  කරන්නට ද?, මේ මුල පුරන්නේ මරණාධාර සමිතිය කුළඟන සමිතිය, ගොවි සමිතිය ධීවර සමිතිය ප්‍රජාසංවර්ධන සමිතියෙ ඉඳලා එක පක්ෂයකට සම්බන්ධ කරගෙන යන්න ද?. මේ ඒකාධිපතිත්වයත් ඇති කරන්න ද යන්නෙ. සාක්ෂි ඇතිව මේ කියන්නේ. මූලාශ්‍රය වෙන කවුරුවත් නොවෙයි. මූලාශ්‍රය සජිත් ප්‍රේමදාස.

සජිත් ප්‍රේමදාස කීවේය.

මූලාශ්‍රය අවුල් –

මීට පිළිතුරු දෙන්නට නැගී සිටි මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල මුලින්ම ඇසුවේ විපක්ෂ නායකවරයා ඉදිරිපත් කළ වාර්තාවල දිනය කවදාද කියාය.  විපක්ෂ නායකවරයා මේ අවස්ථාවේ දී නිරුත්තර විය. ඔහුට දිනය කාල වකවානු ගැන කියන්නට නොහැකි විය.

“දිනය ඇහුවේ. දිනය නැතිනම් දිනය නෑ කියන්න.” මහජන ආරකෂක ඇමතිවරයා කීවේය.  දිනය තමන් ලඟ නැති බව ඒ අවස්ථාවේ දී සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරන්නේය.

මහජන ආරක්ෂක ඇමතිවරයා මෙසේ පිළිතුරු දුන්නේය.

“මේ වනවිට පිහිටුවලා තියෙන්නේ මහජන ආරක්ෂක කමිටු. එතුමා ඉදිරිපත් කළ වාර්තාවෙ තියෙන්නේ ප්‍රජා පොලිස් කමිටු ගැන. ඒකයි මම දිනේ ඇහුවේ.”

“මොකද අපි මහජන ආරක්ෂක අමාත්‍යාංශය හැටියටත්, පොලිස් දෙපාර්තමේන්තුව හැටියටත් කිසිම ආකාරයකින් චක්‍රලේඛයක් නිකුත් කරලා නෑ මහජන ආරක්ෂක කමිටුවලින් පොලිස් සහතික ගන්න කියලා.”

“ග්‍රාම නිලධාරීවරයාගෙන් සහතිකයක් ගැනීම සාමන්‍යයෙන් පොලිස් වාර්තාවක් ගැනීමේදී සිදුවන කාරණයක්.”

“එහෙත් මහජන ආරක්ෂක කමිටු පිහිටෙව්වට පස්සේ එහෙම ප්‍රශ්නයක් නෑ. එතුමා ඉදිරිපත් කළ කාරණාවේ තියෙන්නේ ප්‍රජා පොලිස් කමිටු ගැන.  ප්‍රජා පොලිස් කමිටු මීට පෙරතුව ආණ්ඩුවල තිබුණා. ඒකයි ඔබතුමාගෙන් දිනය ඇහුවේ.”

“මේ ගැන පොලිසියෙන් සොයලා බලන්නම්. එහෙම කිසිම අවශ්‍යතාවයක් නෑ මහජන ආරක්ෂක කමිටුවේ සභාපතිගේ හෝ වෙනත් කිසිම ආකාරයක සහතිකයක්. “

“මහජන ආරක්ෂක ඇමතිවරයාවත් පොලිස් දෙපාර්තමේන්තුවවත් කිසිම චක්‍රලේඛයක් නිකුත් කරල  නෑ…   ඒක මම නැවත නැවත මේ සභාවට අවධාරනය  කරනවා. මේ රට නොමග යවන ප්‍රවෘත්ති ප්‍රකාශනයක් ඊයේ දිනයේ සිද්ධ කළාට පස්සේ ඔබතුමා උත්සාහ කරනවා ඒ ප්‍රවෘත්තිය සත්‍යයයි කියලා තහවුරු කරන්න. “

“ඒ වගේම ගරු විපක්ෂ නායක තුමනි.  ඔබතුමා මීට පෙරාතුවත්   මේ පාර්ලිමේන්තුවේ දී කිව්වා මහජන ආරක්ෂක කමිටු දේශපාලනීකරණය කරලා කියලා. ඔබතුමා දන්නව ද මහජන ආරක්ෂක කමිටුවේ ලේකම්වරයා හැටියට කටයුතු කරන්නේ ග්‍රාම නිලධාරීවරයා. ප්‍රජා පොලිස් කමිටුවෙ හිටපු ප්‍රජාපොලිස් නිලධාරියා තමයි මහජන ආරක්ෂක කමිටුවේ කැඳවුම්කරු.”

“සභාපතිවරයා ලෙස පත් කරන්නේ මේකට ඉල්ලුම් කරන්න කැමති අය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ඉල්ලුම් පත්‍ර දාලා ඒ ඉල්ලුම් පත්‍ර අතරින් පිළිගත් පුද්ගලයෙක්. ඔහුව සභාපති කරගන්නේ ඒ රැස්විමට එක්වන අයගේ බහුතර කැමැත්තෙන්”

“එහෙම නැතිව මේක කිසිම දේශපාලනීකරණයක් කරලා නෑ. ඔබතුමා මීට පෙර දවසෙත් මේ කතාව කිව්වා.  යම් කිසි තනතුරක පත්වෙන්නේ බහුතර කැමැත්තෙන්. ඒක මාලිමාවට ලැබෙනවා නම් ඒක කරන්න දෙයක් නෑ.” ඇමතිවරයා පැවසුවේය.

මේ සියලුම කතා යන විට අප දුටුවේ දෙරණ සහ අරුණ ඇතුළු මාධ්‍ය හිමිකාරිත්වය දරන දිලිත් ජයවීර සියල්ල දෙස සිනාසෙමින් බලා ඉන්නා ආකාරය. ඔහු අවසානයේ දී සිය මාධ්‍ය ආයතනයේ භාවිතයන් පිළිබඳ සහතික කර ප්‍රචාරයක් ලබාදීමේ සෙල්ස් රෙප් කෙනෙක් ලෙස විපක්ෂ නායකයාත් යොදා ගත් ශූර වෙළෙන්දා විය.

අප දකින්නේ තරගයේ වීරයා දිලිත් ජයවීර බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගුවන්තොටුපල හරහා කෝටි 04ක කුෂ් මත්ද්‍රව්‍ය රට තුළට පන්නන් හැදූ 04ක් අත් අඩංගුවට…

Next Post

ජිවිතය ගැන වටිනාකමක් නැති කුඩුකාරයින් පරාජය කරන්න වෘත්තීය හමුදාවකට පොලිසියකට පුලුවන්… අපි එය නිසැකව කරනවා… ජනපති සපථ වෙයි!

Related Posts

පුවත්

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

ජූනි 27, 2026
පුවත්

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026
පුවත්

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

ජූනි 27, 2026

අපිට ටෙස්ට් ක්‍රිකට් අමාරුයි ද?… පන්දු යවන්න පටන්ගත් ගමන් ලහිරු කුමාර ආබාධයකට…

ජූනි 27, 2026

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!
  • අපිට ටෙස්ට් ක්‍රිකට් අමාරුයි ද?… පන්දු යවන්න පටන්ගත් ගමන් ලහිරු කුමාර ආබාධයකට…
  • කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.