2025-06-02 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ අද කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් රටට දැනුම් දුන්නේය. පහත දැක්වෙන්නේ ඒ කැබිනට් තීන්දු ය.
01. රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්වය සඳහා නව ඒකකයක් පිහිටුවීම
2025 අයවැය කථාවේදී ආයෝජන ප්‍රවර්ධනය සඳහා පහසුකම සැපයීමේ අරමුණින් රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්වය සම්බන්ධයෙන් නව පනතක් හඳුන්වා දීමට පියවර ගන්නා බව ගරු ජනාධිපතිතුමා විසින් ප්‍රකාශ කරන ලදී. ඒ අනුව, දැනාට ක්‍රියාත්මක වන රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්ව ජාතික නියෝජිතායතනය වෙනුවට විධිමත් නෛතික යාන්ත්‍රණයක් මත පදනම්ව නව ඒකකයක් පිහිටුවීම සඳහා පනත් කෙටුම්පතක් යකස් කිරීමටත්, එම ඒකකය නෛතිකව ස්ථාපිත කරන තෙක් එහි මූලික කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් (මූල්‍ය හා ආර්ථික කටයුතු) විසින් ප්‍රධානත්වය දරන රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්ව ඒකකයක් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය තුළ ස්ථාපිත කිරීමටත් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දෙන ලදී.
02. අධ්‍යාපන ඩිජිටල් පරිවර්තනය සඳහා වූ කාර්ය සාධක බලකායක් ස්ථාපිත කිරීම
ශ්‍රී ලංකාව ඉහළ ප්‍රතිශතයකින් පාසල් වලට සිසුන් ඇතුළත් කිරීම සහ ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම පිළිබඳව ප්‍රශංසනීය ප්‍රගතියක් අත් කරගනු ලැබ ඇත. එහෙත්, මේ වන විට 42,000කට අධික ගුරු හිඟයක් පැවතීමත්, ග්‍රාමීය සහ අඩු පහසුකම් සහිත ප්‍රදේශ වල වැඩි වෙමින් පවතින අසමානතාවන් නිසාත් අධ්‍යාපන ක්ෂේත්‍රය දැඩි පීඩනයකට ලක්ව තිබේ. මෙම තත්ත්වය යටතේ අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා පද්ධතිමය පරිවර්තනයක් හඳුන්වා දීමේ අවශ්‍යතාව පැන නැගී ඇත. බොහෝ රටවල් තම අධ්‍යාපන පද්ධතීන්වල විප්ලවීය වෙනසක් ඇති කිරීම සඳහා ඩිජිටල් ප්‍රතිලාභ කාර්යක්ෂමව උපයෝගි කර ගනු ලබයි. ශ්‍රී ලංකාව ද විවිධ ඩිජිටල් අධ්‍යාපන මුලපිරීම් ආරම්භ කර ඇති නමුත් ඒවායේ පවතින අසංවිධිතාව හේතුවෙන් අපේක්ෂිතප්‍රතිඵල ලබා ගැනීමට හැකි වී නොමැත. එබැවින්, වර්තමාන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා බද්ධ වූ ඒකාබද්ධ උපාය මාර්ගික ඩිජිටල් ප්‍රවේශයක් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වී ඇත. ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස අග්‍රාමාත්‍ය ලේකම්ගේ සභාපතිත්වයෙන් සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්ගේ සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම්ගේ සාමාජිකත්වයෙන් හා අදාළ අනෙකුත් පාර්ශ්වයන්ගේ නියෝජිතයින්ගෙන් සමන්විත අධ්‍යාපන ඩිජිටල් පරිවර්තනය පිළිබඳ කාර්ය සාධක බලකායක් ස්ථාපිතකිරීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමතකරන ලදී.
03. ලෝක ආහාර වැඩසටහනෙහි ශ්‍රී ලංකා උපායමාර්ගික සැලැස්ම ක්‍රියාත්මක කිරීම
උපායමාර්ගික ප්‍රමුඛතා සහ වැඩසටහන් ඇතුළත්ව 2023-2027 කාලසීමාවට අදාළ වන පරිදි වසර 04ක කාලයකට ප්‍රධාන සැලසුම් මෙවලමක් වශයෙන් ලෝක ආහාර වැඩසටහනෙහි ශ්‍රී ලංකා උපායමාර්ගික සැලැස්ම සකස් කරනු ලැබ ඇත. ශ්‍රී ලංකාව සඳහා වන එම සැලැස්ම යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 74.87 ක ප්‍රතිපාදන වෙන්ව තිබේ. එම උපාය මාර්ගය විධිමත් හා අන්‍යෝන්‍ය එකඟතාවකින් යුක්තව දෙපාර්ශ්වය අතර අවබෝධතා ලිපියක් අත්සන් කිරීමෙන් ක්‍රියාත්මක වේ. ඒ අනුව, එම උපායමාර්ගික සැලැස්ම සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා පහසුකම් සැලසීම අරමුණු කර ගනිමින්, ශ්‍රී ලංකා රජය සහ එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩ සටහන අතර අවබෝධතා ලිපියට අත්සන් කැබීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
04. ගෝතමාලාව සහ ශ්‍රී ලංකාව අතර දේශපාලන උපදේශන යාන්ත්‍රණයක් ස්ථාපිතකිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුම්
ගෝතමාලාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය අතර දේශපාලන උපදේශන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට යෝජනා වී ඇත. යෝජිත ගිව්සුම මඟින් දේශපාලන, ආර්ථීක, කොන්සියුලර්, සංස්කෘතික, විද්‍යාත්මක සහ තාක්ෂණික සහයෝගිතාව ඇතුළු ද්විපාර්ශ්වික සබඳතා ප්‍රවර්ධනය කිරීම, ශක්තිමත් කිරීම සහ පුළුල් කිරීම අරමුණු කර තිබේ. ඒ අනුව, වසර පනක (05) ආරම්භක කාල සීමාවක් සඳහා, යෝජිත අවබෝධතා ගිවිසුම දෙරට අතර අත්සන් තැබීම පිණිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
05. ඉංගිරිය කර්මාන්ත පුරය ස්ථාපිත කිරීම සහ රයිගම් මිල්ලනිය කර්මාන්ත පුරයේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීම
දිවයින පුරා මේ වන විට කර්මාන්ත පුර 33 ක් ක්‍රියාත්මක වන අතර ඒ අතුරින් කර්මාන්තපුර 08 ක් බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක වෙමින් පවතී. සෙසු පළාත් වලට සාපේක්ෂව බස්නාහිර පළාත තුළ පවත්නා සංවර්ධින භෞතික යටිතල පහසුකම් හා මානව සම්පත් ඉලක්ක කර ගනිමින්, දේශීය හා විදේශීය කර්මාන්ත කරුවන් විසින් එම පළාත තුළ කර්මාන්ත ස්ථානගත කිරීම සඳහා ඉඩම් ලබා දෙන ලෙස කරනු ලබන ඉල්ලීම ප්‍රමාණය ඉහළ මට්ටමක පවතී. එම කරුණු සැලකිල්ලට ගනිමින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද පහත සඳහන් යෝජනා ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.
* රථවාහන හා ඊට අදාළ අමතර කොටස් නිෂ්පාදන කර්මාන්ත, රබර් හා රබර් ආශ්‍රිත කර්මාන්ත, ඖෂධ නිෂ්පාදන කර්මාන්ත හා මිග්‍ර කර්මාන්ත ලෙස කර්මාන්ත කලාපයන් සහිතව කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි රජයට අයත් ‘ සෙන්ට් පීටර්ස් වත්ත’ ඉඩමෙන් වෙන් කරගනු ලබන අක්කර 350ක භූමි භාගයක රුපියල් මිලියන 2,500ක ආයෝජනයක් සහිතව අදාළ යටිතල පහසුකම් සංවර්ධනය කරමින් නව කර්මාන්ත පුරයක් ස්ථාපිත කිරීම.
රුපියල් මිලියන 500ක ආයෝජනයක් සහිතව රයිගම කර්මාන්ත හා තාක්ෂණ සංවර්ධන අධි කලාපය පිහිටුවීම සඳහා ‘ නිව් වැටල්වත්තඉඩමෙන් වෙන් කරන ලද අක්කර 200ක භූමි භාගයෙන් අක්කර 24 ක රයිගම් මිල්ලනිය කර්මාන්ත පුරයේ දෙවන අදියරෙහි සංවර්ධන කටයුතු ආරම්භ කිරීම.
06. ඌන උපයෝජිත ඉඩම් / දෙපළ ප්‍රශස්ත උපයෝජනය සඳහා සුදුසු ආයෝජකයන් වෙත ලබා දීම
රජයට අයත් ඌන උපයෝජිත ඉඩම් සහ එම ඉඩම් වල යෝග්‍යකාව හඳුනාගෙන, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් ඇතුළත් පුද්ගලික ආයෝජන සඳහා යොමු කිරීමේ මූලික කටයුතු වෙනුවෙන් 2025 අයවැය මඟින් රුපියල් මිලියන 250 ක ප්‍රතිපාදන වෙන් කර ඇත. ඒ අනුව, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය සහ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකර්ම අමාත්‍යාංශය එක්ව ව්‍යාපෘති යෝජනාවක් සකස් කරනු ලැබ තිබේ. එම යෝජනාව අනුව එම අමාත්‍යාංශ දෙක යටතේ පවතින ආයතන වල නිරවුල්, ඌන උපයෝජිත ඉඩම්/දේපළ, වැවිලි හා කෘෂිකාර්මික කටයුතු, වැවිලි ආශ්‍රිත සංචාරක ප්‍රවර්ධන කටයුතු, පශු සම්පත් සංවර්ධනය, ජල විදුලිබල උත්පාදනය, සූර්ය බල ශක්ති උත්පාදනය, කර්මාන්තශාලා ආශ්‍රිත නිෂ්පාදන කටයුතු, මිරිදිය මත්ස්‍ය කර්මාන්තය හා වෙනත් වැවිලි ආශ්‍රිත ආර්ථික නවෝත්පාදන කටයුතු යන ක්ෂේත්‍ර යටතේ ආයෝජන අවස්ථා සඳහා ලබා දීමට අපේක්ෂා කරනු ලබයි. ඒ අනුව, යෝජිත ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඉදිරි කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
07 මහනුවර පිහිටි පැරණි බෝගම්බර බන්ධනාගාර ඉධම වසර 50 ක බදු පදනම මතබැහැර කිරීම සඳහා අභිල්‍ය කැඳවීම
නාගරික සංවර්ධන අධිකාරිය වෙත පැවරී ඇති පැරණි බෝගමධර බන්ධනාගාර ඉධම, මහනුවර මහ නගර සභා බල ප්‍රදේශය සඳහා 2021-2030 කාලපරිච්ඡේදය ආවරණය වන පරිදි සකස් කරනු ලැබ ඇති මහනුවර මහ නගර සභා බලප්‍රදේශ සංවර්ධන සැලැස්මේ උපයෝගිතා සේවා කලාපය තුළ පිහිටා තිබේ. ලෝක උරුම ගොඩනැගිලි සංරක්ෂණය යටතේ බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය සහ බන්ධනාගාර ගොඩනැගිලි හඳුනාගෙන ඇති අතර, එම පරිශ්‍රයන්හි සංස්කෘතික හා සංචාරක ප්‍රවර්ධන කාර්යයන් සිදු කිරීමේ හැකියාව පවතී. ඒ අනුව, නාගරික සංවර්ධන අධිකාරියේ මූලික සැලසුමට අනුකූලව මුල්‍ය, පාරිසරික හා සාමාජීය වශයෙන් විභවතාවක් සහිත සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස අදාළ ඉඩම අවුරුදු 50ක බදු පදනම මත බැහැර කිරීම සඳහා ආයෝජන යෝජනා කැඳවීම පිණිස නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
08. දුර්ලභ බන්දුල පෙතියා මත්ස්‍යයාගේ වාසස්ථානයක් වන නික්කඳු සොල ඇළ මාර්ගයේ කොටසක් අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීම
1991 වර්ෂයේදී හඳුනාගනු ලැබ ඇති බන්දුල පෙතියා මෙරටට ආවේණික, දුර්ලභ හා දැඩි ලෙස වඳ වී යාමේ තර්ජනයට මුහුණ පා ඇති මත්ස්‍ය විශේෂයකි. දැනට සිදු කර ඇති ගණනය කිරීම් වලට අනුව, මෙම මසුන් සංඛ්‍යාත්මකව 300 ක් හෝ ඊට අඩු ප්‍රමාණයක් ජීවත් වෙතැයි සැලකේ. කෑගල්ල දිස්ත්‍රික්කයේ, වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගලපිටමඩ ප්‍රදේශයේ, රබබිධිගල සිට හපුගොඩ දක්වා ගලා බසින දොළ පහරේ කිලෝමීටර 2.5ක පමණ ප්‍රදේශයක පමණක් මෙම මත්ස්‍යයා ජීවත්වන බවට හඳුනාගනු ලැබ තිබේ. එම දොළ පාර පසෙක රසායනික පොහොර හා කෘෂි රසායන යොදා ගන්නා කුඹුරු වගාවන් පවතින බැවින්, මානව ක්‍රියාකාරකම් බහුලව සිදු වන දොළ පහරක ජීවත් වීම, රතු දත්ත ලේඛනයට ඇතුළත්ව ඇති මෙම මත්ස්‍යයාගේ ඉදිරි පැවැත්මට බලවත් තර්ජනයක් බව නිරීක්ෂණය වී ඇත. එබැවින්, මෙම සීමිත මසුන් සංඛ්‍යාව ආරක්ෂා කිරීම සඳහා වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, ගලපිටමඩ ප්‍රදේශයේ, රබිඩිගල සිට හපුගොඩ දක්වා ගලා බසින දොළ පහරේ හඳුනා ගන්නා ලද කිලෝමීටර් 2.5ක පමණ ප්‍රදේශය දොළ පහරේ මධ්‍ය රේඛාවේ සිට දෙයසටම මීටර් පහළොව (15) බැගින් වන භුමි ප්‍රමාණය නික්කඳු පොල අභය භූමිය ලෙස ප්‍රකාශයට පත් කිරීම පිණිස පරිසර අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
09. නාගරික ප්‍රවාහනය සඳහා මෙට්‍රෝ බස් ඒකකයක් පිහිටුවීම
පොදු ප්‍රවාහන සේවාව නවීකරණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ නියමු ව්‍යාපාතියක් ලෙස සුවපහසු, දියුණු තාක්ෂණයක් සහිත බස් රථ ඇණියක් හඳුන්වා දීමට 2025 වර්ෂයේ අය වැය මඟින් යෝජනා කරනු ලැබ ඇත. ඒ යටතේ, බස්නාහිර පළාතේ කොළඹ ඇතුළුව මා කුඹුර (කොට්ටාව), කඩුවෙල, කඩවත සහ මොරටුව යන ප්‍රධාන මාර්ග කොරිඩෝ කිහිපයක් ඔස්සේ මගී ප්‍රවාහනය සඳහා සුවපහසු, පහත් පිවිසුම් සහිත බස් රථ 100ක් සේවයේ යෙදවීමට සැලසුම් කර ඇත. ඒ අනුව, ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද යෝජනාවක් සැලකිල්ලට ගෙන 2007 අංක 07 දරකා සමාගම් පනත යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් පරිපාලිත සමාගමක් ස්ථාපිතකර යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.
10 සාර්ක් ප්‍රවාහනය සඳහා වන අන්තර් රාජ්‍ය කණ්ඩායමේ හවැනි රැස්වීම සඳහා ශ්‍රී ලංකාව විසින් සත්කාරකත්වය සැපයීම
2006 වසරේ පැවති සාර්ක් සංවිධානයේ 32 වන ස්ථාවර කමිටු සැසියේදී අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ මට්ටමින් සාර්ක් ප්‍රවාහනය සඳහා වන අන්තර් රාජ්‍ය කණ්ඩායම පිහිටු වීමට තීරණය කරනු ලැබ ඇත. එමඟින්, කලාපය තුළ රාජ්‍යකාන්ත්‍රික සබඳතා ශක්තිමත් කරගැනීම සහ කලාපීය සහයෝගිතාව වැඩිදියුණු කර ගැනීම අපේක්ෂා කරනු ලබයි. එම කණ්ඩායමේ 07 වන රැස්වීම 2025-06-20 සහ 21 දිනවල කොළඹදී පැවැත්වීමට යෝජනා වී ඇත. ඒ අනුව, සාර්ක් ප්‍රවාහනය සඳහා වන අන්තර් රාජ්‍ය කණ්ඩායමේ හත්වැනි රැස්වීම සඳහා ශ්‍රී ලංකාව විසින් සත්කාරකත්වය සැලසීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාක්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
11. මයිලිඩඩ් ධීවර වරාය සංවර්ධනය කිරීම – III අදියර
යාපනය, මයිලිබ්ධි ධීවර වරාය සංවර්ධනය කිරීමේ I සහ II අදියරයන් නිම කර ඇත. එම වරායේ ඉතිරි සංවර්ධන කටයුතු III අදියර යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. එම අදියර යටතේ උතුරු පළාතේ ධීවර ප්‍රජාවට මෙන්ම, නැගෙනහිර හා දකුණු පළාත් වල සිට පැමිණෙන ධීවර බෝට්ටු සඳහා ද ජලය, විදුලිය, ඉන්ධන ආදී ප්‍රධානම හා අත්‍යවශ්‍යම පහසු කර්ම, ධීවර ප්‍රජාව වෙත අත්‍යවශ්‍ය දැල් සැකසීමේ මධ්‍යස්ථාන පහසුකම්, වෙන්දේසි ශාලා පහසුකම් හා ගුවන් විදුලි පණිවිඩ හුවමාරු මධ්‍යස්ථාන පහසුකම් ද සලසා දීමට අපේක්ෂා කෙරේ. ඒ අනුව, මසිලිබ්ධි ධීවර වරාය සංවර්ධනය කිරීමේ III අදියර යටතේ සැලසුම් කර ඇති ගොඩ බිමේ සිදු කළ යුතු ඉදි කිරීම් සිදු කිරීමටත්, ව්‍යාපාති කාලසීමාව 2027 වර්ෂය දක්වා දීර්ඝ කිරීමටත් ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
12. උතුරු හා නැගෙනහිර පළාත්වල ගැටුම්කාරී වාතාවරණය මත අවතැන් වූ පවුල් සඳහා ස්ථිර නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතිය
උතුරු හා නැගෙනහිර පළාත්වල වසර 30 ක් පුරා පැවති ගැටුම්කාරී වාතාවරණය හේතුවෙන් එම ප්‍රදේශවල වාසය කළ පවුල් වලට අයත් නිවාස විශාල ප්‍රමාණයක් හානියට පත් විය. උතුරු හා නැගෙනහිර පළාත්වල 2009 වර්ෂයේ සිට මේ දක්වා පවුල් 274,728 කට අයත් පුද්ගලයින් 914,722 ක් නැවත පදිංචි කර අවසන් කර ඇති අතර ඔවුන් සඳහා 2024 වර්ෂය අවසන් වන විට උතුරු හා නැගෙනහිර පළාත් වලට අයත් දිස්ත්‍රික්ක 08 ක් කුළ නිවාස 150,488 ක් ඉදිකර ඇත. එම නිවාස ඉදි කිරීම සඳහා ශ්‍රී ලංකා රජය, ඉන්දියානු රජය, රාජ්‍ය නොවන සංවිධාන සහ අන්තර් ජාතික සංවිධාන ඇතුළු අනෙකුත් ආය්‍යාන මඟින් අරමුදල් සපයනු ලැබ ඇත. 2009 වර්ෂයට පෙර අවතැන් වූ මුල් පවුල් (Core families) සඳහා උතුරු හා නැගෙනහිර පළාත්වල දිස්ත්‍රික්ක 08 තුළ කවත් නිවාස 16,759 ක් පමණ ඉදිකළ යුතු බව හඳුනාගනු ලැබ තිබේ. මෙම ව්‍යාපෘතිය ආරම්භයේදී වර්ග අඩි 550 ක නිවසක් ඉදි කිරීම සඳහා ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් 1,100,000/-ක් සහ වර්ග අඩි 340ක නිවසක් ඉදි කිරීම සඳහා රුපියල් 650,000/- ක් වශයෙන් තීරණය කරනු ලැබ ඇත. එහෙත්, ගොඩනැගිලි ඉදිකිරීම් අමුද්‍රව්‍ය වල වර්තමාන මිල ගණන් අනුව වර්ග අඩි 550ක නිවසක් ඉදි කිරීම සඳහා ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් 1,600,000/ ක් සහ වර්ග අඩි 340ක නිවසක් ඉදි කිරීම සඳහා රුපියල් 950,000/-ක් වශයෙන් ඇස්තමේන්තුගත කර තිබේ. ඒ අනුව, 2025 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථිර නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා ප්‍රතිලාභියා විසින් ඉදිකිරීමේ පදනම් මත රජය මඟින් ලබා දෙනු ලබන ආධාර මුදල පහත සඳහන් පරිදි ඉහළ නැංවීම පිණිස නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
* වර්ග අඩි 550ක නිවසක් ඉදිකිරීම සඳහා රජයේ අරමුදල් මඟින් ලබා දෙනු ලබන ආධාර මුදල රුපියල් 1,500,000/- දක්වා වැඩි කිරීම.
* වර්ග අඩි 340ක නිවසක් ඉදිකිරීම සඳහා ලබා දෙනු ලබන ආධාර මුදල රුපියල් 900,000/- දක්වා වැඩි කිරීම.
13. මෙරපනම් ඉන්ජෙක්ෂන් ග්‍රෑම 1න් වයල්ස් 270,000 ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය
උග්‍ර බැක්ටීරියා ආසාදන සඳහා ප්‍රතිකාර කිරීමට භාවිත කරන එන්නතක් වන මෙර නම් ඉන්ජෙක්ෂන් ග්‍රෑම් 1න් වයල්ස් 900,000 ක් සපයා ගැනීම සඳහා වන ප්‍රසම්පාදනය පාකිස්ථානයේ M/s Genix Pharina (Pvt) Lld වෙත පිරිනැමීම සඳහා 2024-12-30 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. එම එන්කොත සඳහා වැඩි වන ඉල්ලුම සැලකිල්ලට ගනිමින්, පෙර ඇතවුමෙන් 30%ක ප්‍රමාණයක් එනම්, වයල්ස් 270,000 ක වැඩිවීමක් නැවත ඇනවුමක් වශයෙන් ලබා ගැනීම සඳහා වෛද්‍ය සැපයුම් අංශය විසින් ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත. ඒ අනුව, ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව මෙරපනම් ඉන්ජෙක්ෂන් ග්‍රෑම් 1න් වයල්ස් 270,000 ක් පෙර සැපයුම්කරු වන පාකිස්ථානයේ M/s Ocnix Pharma (Pvt) Ltd වෙතින් සපයා ගැනීම පිණිස සෞඛ්‍යා සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
14. කෙටුපත් සේවා නියුක්ති පනත සමාලෝචනය කිරීම සඳහා කමිටුවක් පත් කිරීම
1923 සිට මේ දක්වා ව්‍යවස්ථාදායකය විසින් අනුමත කර ඇති කම්කරු අණපනත් 50ක් පමණ තිබෙන අතර, ඒවායින් බොහොමයක ඇතුළත් ප්‍රතිපාදන වර්තමාන සමාජ, ආර්ථික තත්ත්වයන්ට හා වැඩ ලෝකයට ගැළපෙන පරිදි යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, දැනට ක්‍රියාත්මක පනත් 13 ක් අධ්‍යයනය කර තනි සේවා නියුක්ති පනතක් සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් දළ පනත් කෙටුම්පතක් සකස් කර තිබේ. එකී පනත් කෙටුම්පත නව රජයේ ප්‍රතිපත්තිය අනුව, තවදුරටත් සලකා බැලීම සඳහා සහ සේව්‍ය-සේවක වෘත්තීය සංගම් වල අදහස් ලබාගෙන තවදුරටත් සිදු කළ යුතු සංශෝධන හඳුනාගැනීම පිණිස කර්මම්කරු අමාත්‍යාංශයේ ලේකම්ගේ සභාපතිත්වය යටතේ අදාළ සියලු පාර්ශ්වයන් නියෝජනය වන පරිදි කමිටුවක් පත් කිරීම පිණිස කම්කරු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
15. බද්ධ නිවාස අයිතිකම් (විශේෂ විධිවිධාන) නව පනතක් හඳුන්වා දීම
රජයට හෝ රජයේ නියෝජිතායතන වලට අයිති සහාධිපත්‍ය දේපළවල සහාධිපත්‍ය පිඹුරක් ලියාපදිංචි කිරීම සඳහා අවශ්‍ය ලේඛන 2003 අංක 39 හා 1982 අංක 45 දරන බද්ධ නිවාස අයිතිකම් (සංශෝධන) පනත් වලින් සංශෝධිත 1973 අංක 11 දරන බද්ධ නිවාස අයිතිකම් පනත මඟින් දක්වා ඇත. එම ලේඛන සම්පූර්ණ කර ගැනීම් අපහසු වීම හේතුවෙන් මුහුණ දෙන දුෂ්කරතා මහ හරවා ගැනීම සඳහා 1999 අංක 4, 2002 අංක 27 සහ 2018 අංක 23 දරන බද්ධ නිවාස අයිතිකම් (විශේෂ විධිවිධාන) නව පනත් හරහා පහසු සහ සරල ක්‍රමවේදයක් ඔස්සේ ලියාපදිංචි කටයුතු කිරීම පිණිස සහන කාලයක් ලබා දීමට කටයුතු කර ඇත. ඒ අනුව, අවසානයට බලාත්මක කරන ලද 2018 අංක 23 දරන බුද්ධ නිවාස අයිතිකම් (විශේෂ විධිවිධාන) පනතේ වලංගු කාලය 2023-08-14 දිනෙන් අවසන් වී තිබේ. එබැවින්, එකී පනතේ විධිවිධාන ඇතුළත් කරමින් නව පනතක් සකස් කිරීම පිණිස 2025-03-03 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දී ඇත. එම පනත සකස් කිරීමේ කටයුතු ඉදිරියට කර ගෙන යාම සඳහා වත්මන් අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා ගැනීම පිණිස නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
16. දඬුවමට නියම වූ තැනැත්තන් භාර දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජය සහ ලැටවියා ජනරජය අතර එළඹි ගිවිසුම
ශ්‍රී ලංකාවේදී වරදකට වරදකරුවකු කරනු ලැබු යම් නිශ්චිත රටක පුරවැසියකු ඒ රටට භාර දීම පිණිස විධිවිධාන සැලැස්වීම සඳහා ද, යම් නිශ්චිත රටකදී වරදකට වරදකරුවකු කරනු ලැබූ ශ්‍රී ලංකාවේ යම් පුරවැසියකු ශ්‍රී ලංකාවට භාර දීම පිණිස විධිවිධාන සැලැස්වීම සඳහා ද 1995 අංක 5 දරන වරදකරුවන් භාරදීමේ පනතහඳුන්වා දී ඇත. කෙසේ වුව ද, මෙම පනතේ විධිවිධාන අදාළ කර ගැනීම සඳහා අදාළ දෙරට ඒ සම්බන්ධයෙන් ගිවිසුමකට එළඹ තිබීම අවශ්‍ය වේ. ශ්‍රී ලංකාව හා ලැථවියා ජන රජය යන රටවල් දෙකෙහි බලපවත්නා නීතියට අනුකුලව ඇති කර ගත් එකඟතාව පරිදි වරදකරුවන් භාරදීම සම්බන්ධයෙන් දෙරට අතර ගිවිසුමකට එළඹීම සඳහා 2023-12-05 දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, අදාළ ගිවිසුමට අත්සන් තැබීමටත්, ඉන් අනතුරුව, එකී ගිවිසුම අපරානුමත කිරීමටත් වත්මන් අමාක්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා ගැනීම පිණිස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
17. සමථ කරණ (සිවිල් සහ වාණිජ ආරවුල්) පනත් කෙටුම්පත
වාණිජ සමථකරණය සඳහා මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම පිණිස විශේෂයෙන්ම සකස් කරන ලද 2000 අංක 44 දරන වාණිජ සමථකරණ මධ්‍යස්ථාන පනතතාක්ෂණික හේතු සහ සීමාවන් කිහිපයක් හේතුවෙන් ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇත. එබැවින්, අදාළ පනත පරිච්ඡින්න කිරීම, වාණිජ සමථකරණය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අවම ප්‍රමිතින් ඇතුළත් කිරීම සහ අදාළ නියමයන් සපුරාලීමට යටත්ව අධිකරණ පද්ධතිය මඟින් සමථ කරණ විසඳුම් බලාත්මක කිරීමට අවශ්‍ය විධි විධාන සැලසීම යන අරමුණු සහිතට නව පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා 2022-12-05 දිනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබේ. ඒ සම්බන්ධයෙන් වර්තමාන අමාත්‍ය මණ්ඩලය විසින් ද 2025-02-09 දින සිය ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති සමථකරණ (සිවිල් සහ වාණිජ ආරවුල්) පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
18. සංඥා භාෂා පනත් කෙටුම්පත
සංඥා භාෂාව පිළිගත් භාෂාවක් ලෙස ස්ථාපිත කිරීම තුළින් ශ්‍රවණාබාධික තැනැත්තන්ට තොරතුරු ලබා ගැනීම සඳහා ප්‍රවේශයක් ලැබෙන අතර, සමාජයේ සියලු කටයුතු වලදී පුර්ණ සහභාගීත්වයත්, සමාන අවස්ථාවන් බාධාවකින් තොරව ලබා ගැනීමටත් හැකි වේ. සංඥා භාෂාව පිළිගත් භාෂාවක් වශයෙන් පිළිගැනීම සඳහා 2010-09-08 දින අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, සංඥා භාෂාව විධිමත් සන්නිවේදන මාධ්‍යධ්‍යයක් වශයෙන් පිළිගැනීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස 2017-09-12 දින සහ 2021-01-18 දින ගනු ලැබ ඇති අමාත්‍ය මණ්ඩල තීරණයන් පරිදි නීති කෙටුම්පත් සම්පාදක වෙතඋපදෙස් ලබා දී තිබේ. අදාළ පනත් කෙටුම්පත සකස් කිරීමේ කටයුතු අවසන් කිරීම සඳහා නව අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා ගැනීම පිණිය ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවි බල ගැන්වීම් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
19. ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා පත් කිරීම
ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස සේවයේ නියුතු කේ.ජී. සන්ධ්‍යා කුමුදිනි මහත්මිය 2025-06-02 දින සිට සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිත බැවින්, එදින සිට පුරප්පාඩු වන එකී තනතුර සඳහා දැනට ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (තාක්ෂණික) තනතුරේ සේවය කරනු ලබන ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ විශේෂ සේවයේ නිලධාරිනි ඩබලිව්. ආර්.එන්. ආර්.ප්‍රේමචන්ද්‍ර මහත්මිය පත් කිරීම සුදුසු බවට හදුනාගෙන ඇත. ඒ අනුව, ගොඩ නැගිලි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට ඩබ්ලිව්. ආර්. එන්. ආර්.ප්‍රේම චන්ද්‍ර මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කිරීම පිණිස නාගරික සංවර්ධන, ඉදිකිරීම සහ නිවාස අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
20 මාතලේ පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් දිසාපති තනතුරට පත් කිරීම
මාතලේ පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් දිසාපති තනතුරේ දැනට සේවයේ නියුතු තේජානි තිලකරත්න මහත්මිය 2025-06-02 දිනා විශ්‍රාම යාමට නියමිතව ඇති අතර එදින සිට සුරප්පාඩු වීමට නියමිත අදාළ තනතුර සඳහා දැනට උතුරු මැද පළාත් ප්‍රවාහන, ක්‍රීඩා හා යෞවන කටයුතු, සමුපකාර, වෙළෙඳ හා ආහාර සහ කර්මාන්තසංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි එල්. පී. මදනායක මහතා පත් කිරීම සුදුසු බවට හඳුනාගෙන ඇත. ඒ අනුව, මාතලේ පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් දිසාපති තනතුර සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි එල්.පී.මදනායක මහතා පත් කිරීම පිණිස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාන්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
21. අප්‍රිකානු සූකර උණ හේතුවෙන් කඩා වැටී ඇති සුකර කර්මාන්තය නගා සිටුවීම සඳහා කාර්යසාධක බලකායක් පත් කිරීම
2024 ඔක්තෝබර් මස වාර්තා වූ අධි ව්‍යාධිජනක වසංගත රෝගයක් වන අප්‍රිකානු සූකර උණ ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට බස්නාහිර පළාතෙන් ආරම්භ වී මේ වන විට සියලූම පළාත්වලට ව්‍යාප්තව ඇත. මෙම රෝගය හේතුවෙන් ආසාධිතගොවි පොළක සතුන්ගේ මරණ අනුපාතය 100% දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතී. මේ වන විට වාර්තා වී ඇති දත්ත අනුව, සූකර ගොවිපොළ 1,594ක රෝගය වාර්තා වී ඇති අතර ඌරන් 61,695 ක් මරණයට පත්ව තිබේ. එමෙන්ම, මෙම රෝගය වනාන්නතර ආශ්‍රික වල් ඌරන්ට ද ආසාදානය වී වල් ඌරන් විශාල සංඛ්‍යාවක් මරණයට පත්ව ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වාර්තා කර ඇත. මේ වන විටත් රෝගයේ ව්‍යාප්තිය හා රෝග කාරක වෛරසය පරිසරය තුළ සංසරණය වීම සහ රෝග ව්‍යාප්තිය පිළිබඳව නිවැරදි විද්‍යාත්මක තොරතුරු නොමැති වීම හේතුවෙන් සුකර ගොවි පොළ නැවත ආරම්භ කිරීම දැඩි අවදානම් සහිත තත්ත්වයකට පත්ව තිබේ. එබැවින්, සූකර කර්මාන්තය යළි ප්‍රතිස්ථාපනය සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යාංශයේ ලේකම් සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්ගේ (සංවර්ධන පරිපාලන) සම සභාපතිත්වයෙන් යුතුව සහ අදාළ අනෙකුත් පාර්ශ්වයන්ගේ නියෝජනයන්ගෙන් සමන්විතව කාර්ය සාධක බලකායක් පත් කිරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම සහ වාරිමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
22. ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍ය ප්‍රමිතිගත බඩ ඉරිඟු ආනයනය කිරීම්
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් අතිරේක පෝෂණ ආහාරයක් ලෙස සියලුම ගර්භනී මව්වරුන්, කිරිදෙන මව්වරුන් (ළදරුවාට මාස 06ක් ගත වන තුරු) හා මන්දපෝෂණයෙන් පෙළෙන මාස 06ට වැඩි ළදරුවන් හා අවුරුදු 05ට අඩු දරුවන් සඳහා ත්‍රිපෝෂ ලබා දෙනු ලැබේ. ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩ ඉරිඟු සහ සෝයා බෝංචි ප්‍රධාන අමුද්‍රව්‍යයන් ලෙස යොදා ගනී. ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් සඳහා වාර්ෂික බද්ධ ඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 18,000ක් වන අතර මායික අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 1,500කි. දේශීය වශයෙන් අවශ්‍ය ප්‍රමිකීගත බඩ ඉරිඟු සපයා ගැනීමට පවතින අපහසුතා සැලකිල්ලට ගෙන, ත්‍රිපෝෂ නිෂ්පාදනය අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා වසරකට අවශ්‍ය නිසි ප්‍රමිතියෙන් යුත් බඩ ඉරිඟු ප්‍රමාණයක් ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් විසින් ආනයනය කිරීම සඳහා එම ආයනය වෙත ආනයන බලපත්‍රයක් නිකුත් කිරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ඇමතිතුමා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.







