බදුල්ල සිට මහනුවර බලා ධාවනය වූ දුම්රිය අද (06 )දෙමෝදර දී පීලි පැනීමෙන් උඩරට දුම්රිය ගමනට බාධා එල්ල වී තිබේ.
අංක 596 දරන මෙම දුම්රිය මගීන් සමග භාණ්ඩ ප්‍රවාහනය ද කරන මිශ්‍ර දුම්රියකි. දුම්රිය පිලිගත කිරීම සදහා මේ වනවිට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මෙහෙයුම් ආරම්භ කර තිබේ.
මෙය අද දිනයේ සිදුවූ දෙවැනි දුම්රිය පිලි පැනීම වූ අතර දකුණු කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද උදේ දුම්රියක් පීලි පැන්නේය. ඊයේ (05) රාත්‍රියේ මරදාන සිට දකුණු කළුතර දක්වා පැමිණ ඉන් අනතුරුව දුම්රිය අංගනය වෙත ගමන් කරමින් තිබූ දුම්රියක් මෙලෙස පීලිපැනීමට ලක්ව තිබිණි.
පීලිපැනීමෙන් අනතුරුව මුහුදුබඩ දුම්රිය මාර්ගයේ එක් දුම්රිය මන්තීරුවක් සම්පූර්ණයෙන්ම අවහිර වී තිබුණි.







