දිනසේන රතුගමගේ-
යාපනයේ වඩමරච්චි වල්ලිපුරන් කෝවිල අසලදී 27 දා උදෑසන බෝම්බයක් පිපිරී ගොස් තිබේ.බෝම්බය පිපිරී ගොස් ඇත්තේ උදෑසන 7.30 ට පමණය.
මේ බෝමබ පිපිරීමෙන් එක් පොලිස් නිලධාරියෙකු තුවාල ලබා ඇති අතර එම බෝම්බය වළදමා තිබූ බෝම්බයක්ද එසේත් නොමැතිනම් ක්ලේමෝ වර්ගයේ කිසිවකු විසින් පුපුරවා හරින ලද බෝම්බයක්ද යන්න පිළිබදව මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැත.
යුද හමුදාව හා පොලීසිය මේ බෝම්බ පිපිරීම පිළිබදව පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
Discussion about this post