අදින් ඇරඹෙන පොත් ප්‍රදර්ශනයේ සෞඛ්‍ය නීති රකින හැටි බලන්න සෞඛ්‍ය අමාත්‍යංයෙන් විශේෂ නියාමනයක්…

සෞඛ්‍යය මාර්ගෝපදේශන රැකීමට සංවිධායකයන් සහිතක විය යුතුයි... කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දෙයි

අද ආරම්භවන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දී සෞඛ්‍ය නීති හා නියාමනයන් ඒ අයුරින්ම පවත්වා ගැනීම සම්බන්ධව එම පොත් ප්‍රදර්ශනය සංවිධානය කළ සංවිධායකයන්  නියතවම සහතික විය යුුතු බවත්, ඔවුන් ප්‍රදර්ශනය සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් අනුමැතිය ලබා ගන්නේ සියලුම සෞඛ්‍ය මාර්ගෝපදේශනයන්ට අනුගත වන බවට සහතික වීම නිසා එ් නීති ඒ ඇයුරින්ම පවත්වා ගැනීම අනිවාර්යෙන් සිදුවිය යුතු බවත් කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දෙයි.

පසුගිය වසර ගණනාවක අත්දැකීම  අනුව ලංකාව පුරාම ජීවත්වන පිරිසක් මේ අවස්ථාවට සහභාගී වනවා මෙන්ම ඉතා දැඩි තදබදයක් මේ අවස්ථාවේ පවතින බව පවසන කමිටුව  ඉතාම කුඩා දරුවාගේ සිට වයස්ගත පුද්ගලයන් දක්වා පරාසයක පිරිස් එම තදබදය තුළ හැසිරෙන බව කීවේය.

“ මේ අවුරුද්දෙ පොත ප්‍රදර්ශනය පැවැත්වීමට අවසර ලබා දීලා තියෙන්නෙ  මාර්ගෝපදේශනයක් සහිතව.  ශාලා ඇතුලෙ තෙරපිමක නැතිව සීමිත ප්‍රමාණයෙන් පිරිසක් යැවිය යුතුයි. සියලු දෙනා මුඛ ආවරණයක් පැළඳිය යුතුයි. අත් සබන් ගා සේදිය යුතුයි. ශාලාවට ඇතුළු වනවිට පිට වනවිට අත් සේදීම අනිවාර්යයි.  පොත් ශාලා අතුළත හෝ පිටත කිසිම ඒකරාශී වීමක් සිදු නොවිය යුතුයි. එසේ උනෝත එය ඉතාම අවදනාම් තත්වයක් බව සිහිපත් කළ යුතුයි.  පොත් ප්‍රදර්ශනයේ සංවිධායක වරුන් සහතික විය යුතුයි මේ මාර්ගෝපදේශන නිසි පිරිදි පවත්වනවා කියලා. සෞඛ්‍ය අංශය ලබා දුන් මාර්ගෝපදේශනය නිසි පිරිදි ක්‍රියාත්මක කරමින් පොත් ප්‍රදර්ශනයට සහභාගී වීම ජනතාවගේ යුතුකමක“ යැයි වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පැවසීය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔහු පැවසුවේ මෙම සෞඛ්‍ය නීති අනුමනය වනවාද නැද්ද යන්න විමසීම සඳහා විශේෂ නියාමනයන් සැලසුම් කර ඇති බවය. මෙහිදී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මතක් කර දුන්නේ තවමත් ‍පසුගිය දින කීපය තුළම විදේශවල සිට පැමිණි අය අතරින් සැලකිය යුතු කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණයක් සොයා ගනු ලැබු බවත්,  ත්‍රිවිධ හමුදාවෙ නිරෝධායන මධ්‍යස්ථා 59ක්  තුළ 6200 අධික සංඛ්‍යාවක් තවමත් නිරෝධායනය වෙමින් සිටින බවත් සමාජය සිහිපත් කළ යුතු බවය.

 

Exit mobile version