කීර්ති ප්‍රනාන්දු –
කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තය (WCT) සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරය, එහි දේශීය හවුල්කරු ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමඟ එය ගොඩනැගීමේ සහ මෙහෙයුම්-මාරු කිරීමේ (BOT) ගිවිසුමට අද (31) පෙරවරුවේ අත්සන් තැබුවේය.
ගිවිසුම් ප්‍රකාරව අදානි සමූහ ව්‍යාපාරයට 51% ක කොටස් හිමි වේ.
අදානි සමූහයේ ප්‍රධාන අනුබද්ධ සමාගමක් වන අදානි වරාය සහ විශේෂ ආර්ථික කලාප සමාගම (APSEZ) ඉන්දියාවේ විශාලතම පෞද්ගලික වරාය හා සැපයුම් විවිධාංගීකරණ සමාගමකි.
ඉන්දියාවේ අදානි සමාගම, ජෝන් කීල්ස් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය එක්ව රාජ්‍ය – පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීමට තීරණය කරමින් පසුගිය මාර්තු 2 වන දින කැබිනට් අනුමැතිය හිමි විය. වසර 35 ක කාලයක් සඳහා මෙම ගිවිසුම ක්‍රියාත්මක කෙරේ.
ඒ අනුව කොළඹ වරායේ බටහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යෑමට වොස්ට් කන්ටේනර් ඉන්ටර් නැෂනල් සමාගම සිදුකරයි. එහි අනෙක් හවුල්කරු වන්නේ ජෝන් කීල්ස් සමාගමය.
මේ අනුව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සියයට 51 ඉන්දියානු අදානි සමාගමට ද, සියයට 34ක් ජොන් කීල්ස් සමාගමට ද, සියයට 15ක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට ද හිමිවන බව වරාය අධිකාරිය පවසයි.
කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තය මීටර් 1400 ක් දිග සහ මීටර් 20 ක් ගැඹුරින් යුක්ත ය. එමඟින් අතිවිශාල බහාලුම් ප්‍රවාහක කටයුතු සඳහා ප්‍රවාහනය කරන ප්‍රධාන ගමනාන්තයක් බවට එය පත් වේ.







