අතිසුඛෝපභෝගී මහල් නිවාසයේ “රූෆ් ටොෆ්“ පාටියක් ! නවයක් අත්අඩංගුවට!

සංචරණ නීති සහ දැඩි නිරෝධායන නීති ක්‍රියාත්මක වෙමින් පවතින තත්ත්වයක් යටතේ කොල්ලුපිටියේ ක්‍රෙස්කැට් මොනාච් අති සුඛෝපභෝගි නිවාස සංකීර්ණයේ සාදයක් පවත්වමින් සිටි විදේශිකයන් දෙදෙනකු ඇතුළු නව දෙනකු කොල්ලුපිටිය පොලිසිය මඟින් ඊයේ (10) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි. ඔවුන් මෙම නිවාස සංකීර්ණයේ ඉහළම මාලයේ පිහිටි පිහිනුම් තටාක පරිශ්‍රෙය් දී අත්අඩංගුවට ගෙන ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම පුද්ගලයන්  අතරින් මෙරට පුද්ගගයන් ව්‍යාපාරිකයන් වන අතර විදේශිකයන් මෙරට කල ක්තිස්සේ රැඳී සිටින බ්‍රිතාන්‍ය ජාතිකයන් බව අනාවරණය වී තිබේ. මේ අතර  කාන්තාවන් තිදෙනකුද වන අතර ඒ අතරින් එක් කාන්තාවක් විදේශික කතකි. ඔවුන් අද කොටුව මහේස්‍රතාත් අධිකරණය වෙත ඉදිරිපත්  කිරීමට නියමිත බව සදහන් වේ. මෙම ස්ථානයේ සාද පවත්වන බවට පොලිසිය ට ලද තොරතුරක් මත මෙසේ අත්අඩංගුවට ගැනුණු බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.

Exit mobile version