බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අත්තම්මාගේ හත් දවසේ දානය දා උපන්  පින්නවල නිවුන් අලි දරුවෝ !

by editor
සැප්තැම්බර් 2, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පින්නවල අලි සංරක්ෂණාගාරයේ ප්‍රථම වරට නිවුන් අලි උපතක් සිදුවූ බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් රේණුකා බණ්ඩාරනායක කියා සිටියේ  පෙරේදා ( 31) ය.  හැත්තෑවක් වූ පින්නවල අලි ඇත් ගාලට නවකයින් දෙදෙනකු එක් වීමේ අසිරිය සිදු වූයේ අමතක නොවන දිනයකය. එනම් පින්නවල විසූ අනුෂා ඇතින්න මියගොස් හත්වැනි දිනය සපිරුණු දාය.

නිවුන් අලි දරුවො

වයස අවුරුදු හැත්තෑහතරක් වයෝවෘද්ධ අනූෂා ඇතින්න සති තුනහතරක් තිස්සේ රෝගාතුරව මිය ගොස් තිබුණේ, ඉකුත් අගෝස්තු විසිහතර වැනිදාය. ඇයගේ අඩුව සම්පුර්ණ කරනු වස් පැටවුන් දෙදෙනකුම ගෙන ආවේ සුරංගනීය.

සුරංගනී ඇතින්න  වනජීවි දෙපාර්තමේන්තුව විසින් ත්‍රීකුණාමලයේ සුරංගල් ගමෙන් සොයා ගත් ඇත්තියකි. 1997 දෙසැම්බර් මස 03 දින සොයාගත් සුරංගනී පින්නවලට බාරදෙන විට මාස දෙකක් තරම් සුරතල් කෙනර පැටික්කියෙකි. සත්ත්ව පාලක පිරිස් හුරතලයට සුරංගි  කීවේය.  ඉතින් ඇය සුරංගි වූවාය.

මිනිසුන් ඇසුරෙහි ඉතාම ප්‍රිය සුරංගීට දැන් වයස   අවුරුදු 24කි.  ලමිස්සියක් වුවත් ඇය ඇත් කුලයේ  සද්දන්ත බවක් පෙන්නුවේ  නැත. ඒ නිසාම මේ කේඩෑරි කෙනර ලමිස්සිය   පැටවුන් දෙදෙනකු බිහිකරනු ඇතැයි කිසිවකු අනුමාන කළේත් නැත. වෙනකක් තබා මෑත කාලයක් වන තුරුම ඇය ගැබ්ගෙන ඇතිබවවත් කිසිවකු දැන සිටියේ නැත.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

පොදුවේ සියළු අලි ඇතුන් පිළිබඳව දිවා රෑ නොතකා වෙහෙසෙන සත්ත්ව පාලක කණ්ඩායම සෑම මොහොතකම විමසිල්ලෙන් පසුවෙති.  එබැවින්ම සුරංගි 31 දා අලුයම හතරට පැටවකු බිහිකරන මොහොතේ ද ඔවුහු ඇය සමග සිටියහ. තවත් පැටවකු ඇය විසින් වදනු ඇතැයි අපේක්ෂාවක් කිසිවකුට නොතිබුණු අතරම සුරංගි උදෑසන දහය වන විට තවත් පැටියෙකු මෙලොවට බිහි කළාය.

දැන් මේ නිවුන් පැටවුන්ගේ තාත්තා ගැනත් තොරතුර ටිකක් දැන ගත යුතුය.  පැටවුන්ගේ තාත්තා පණ්ඩු ය. පණ්ඩු  වනජීවි දෙපාර්තමේන්තුව විසින් සොයා ගන්නේ    වවුනියාවේදි ය. ඒ 2004 වර්ෂයේදී ය. එදා හිට පණ්ඩු පින්නවල උන්නේය. ඔහුගෙන් සුරංගිට දාව උපන් පැටවු දෙන්නා නිසා දැන් පණ්ඩු ගැනත් හැමෝම කතා කරන්නේය.

මීට ප්‍රථම පින්නවල අලි සංරක්ෂණාගාරයේ අලි උපත් 71 ක් සිදුවී ඇත්තේය.    මෙම නිවුන් උපත සිදුවන්නේ වසර හයකට පසුව බව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය කීවාය.

සුරංගි මීට ප්‍රථමද නිරෝගී ඇත් පැටවෙකු බිහි කළාය.   ඇය මේ ඇත් පන්තියට එක් කළ සාමාජිකයන් ගණන 03කි. නව සාමාජිකයන් දෙදෙනාත් සමග  දැන්  පින්නවල සංරක්ෂණාගාරයේ අලි ඇතුන් සංඛ්‍යාව 82කි.

ලංකාවේ නිවුන් අලි උපත්

අලි ඇතුන් අතර නිවුන් දරු උපත් සිදුවීම විරලය. ශ්‍රි වික්‍රමරාජසිංහ රජ දවස රජුගේ ඇත්ගාලේ නිවුන් අලි උපතක් සිදුවූ බවට තොරතුරු ඉතිහාසයේ සඳහන්ය. හීලෑ අලි ඇතුන් පිළිබඳව වසර සියයකට එපිට තොරතුරු දත්     හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමයේ ලේකම්   දම්සිරි කරුණාරත්න පවසන පරිදි , සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ උපත සිදුවූ දා මහවලතැන්න වලව්වේ සිටි ඇතින්නිය නිවුන් පැටවුන් බිහි කර තිබේ. ඒ බව කමල් රත්වත්තේ   අවස්ථා කිහිපයකදිම ප්‍රකාශ කොට තිබූ බව කරුණාරත්න   පවසයි.

වනාන්තරයේ අලි ඇතුන් නිවුන් පැටවුන් බිහි කළ බවට  නිශ්චිත තොරතුරක් මෑත භාගයේ වාර්තා වුයේ මින්නේරිය රක්ෂිතය ආසන්නයේ කැලයකදිය. ඒ පසුගිය වසරේ ජූලි මාසයේ දී ය.  ආචාර්ය සුමින් පිලපිටිය වනජීවි නිළධාරින් හා එක්ව මේ උපත වාර්තා කර තිබිණි. උපත තහවුරු කරගැනීම සඳහා  ජාන පරීක්ෂණයක් සඳහා යොමුවන්නටත් වනජීවී නිලධාරීන් සූදානමින් සිටියේය.

මින්නේරියෙ නිවුන් අලි දරුවො…

නිවුන් උපත සිදුකර තිබුණේ  වනජීවි නිලධාරීන් විසින් මේරි ලෙස නම් තබන ලද ඇතින්නකි.    එම නිලධාරින් විසින්ම භාග්‍යා සහ භාතිය ලෙස එම පැටවුන් නම් කරනු ලැබ තිබිණි. ඉන් භාග්‍යා නැමැති පැටවා මිය ගිය බවට තොරතුරු ලැබුණු බව කියන්නේ කරුණාරත්නය.

වර්ෂ 2018 දී මාදුරුඔය අශ්‍රිතව නිවුන් අලි පැටවුන්   හමු වුවද එම සතුන් උපතේදී මියගොස් තිබිණි.

අලි ඇතුන්ට නම් තැබූ ඉතිහාසය

“ අතීතයේ අලි ඇතුන් නිශ්චිතව හදුනා ගත්තේ ගොඩමඩ ගොවියෝ.  ඒ හඳුනා ගැනීමත් තමන්ගේ වගාවට එන සත්තු ගැන අවබෝධයක් ඔවුනොවුන් අතර තබා ගැනීම සඳහා පමණයි. ඒ හේතුකොට ගෙන අලි ඇතුන්ගේ සොබාවය අනුව , ගොවීන් ඔවුන්ව හඳුනාගන්න නමක් පාවිච්චි කළා. බේරන්නම බැරි සතා යකඩයා.  ගෝමර වැඩි සතා ගෝමරී. එකදළක් ඇති සතා ඒකදන්ත . වලිගේ කොට නම් , වලිගේ කොටා. හිරිහැරයක් නැතිනම්  අහිංසකී වැනි නම්වලින් අලින්ව හඳුනා ගත්තා.  පසුකාලීනව වනජීවි නිළධාරින් තම තමන්ගේ හදුනා ගැනීම් සදහා නම් යොදන්න හුරු වී සිටියා. .. ඒ ක්‍රමය වැඩි දියුණු වෙලා දැන් උපදින පැටවුන්ට නම් තැබීමක් සිදුවෙනවා. .” දම්සිරි කීවේය.

පින්නවල අලුත උපන් අලි දරුවන්ට දැන් ඇත්තේ නම් තැබීමය.

සුබ මොහෙතක් බලා ඒ උතුම් කටයුත්ත ආරම්භ කරන බව  නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය ලංකාසරට  පැවසුවාය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අතුරුදන් වූවන්ට වන්දි දෙන්න හැදුවට අතුරුදන් වූයේ කවුදැයි හරියට දන්නෙ නෑ… ශිවාජිලිංගම්   කියයි… 

Next Post

කොවිඩ්වලට “බලු බෙහෙත්“ දෙන පිස්සුව නවත්වන්න… විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් අධ්‍යක්ෂ ජනරාල්ට ලියති

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.