අත්තනගලු ඔයේ සහ නිල්වලා ගඟේ ඉහළ ප්‍රදේශවලට වර්ෂාපතනය වැඩි වීම හේතුවෙන් ගංඟා ආශ්‍රිත පහත් බිම්වල වෙසෙන ජනතාවට සුළු ගංවතුර තත්ත්වයන් පිළිබඳව විමසිලිමත්වන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
වාර්තා වන අන්දමට අත්තනගලු ඔයේ ජල පෝෂක ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ලැබී ඇත.
අත්තනගල්ල, ගම්පහ, ජා-ඇල සහ වත්තල අවට පහත් බිම්වල සිටින අයත්, අකුරැස්ස, මාලිම්බඩ, මාතර සහ තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ඇතුළු නිල්වලා ගඟේ පහත් බිම්වල සිටින අයත් සුළු ගංවතුර තත්ත්වයක් ගැන අවධානයෙන් සිටින ලෙස හා දෙපාර්තමේන්තුව විසින් ලබා දෙන උපදෙස් පිළිපදින ලෙසත් වාරි මාර්ග දෙපාර්තමේන්තුව තව දුරටත් පවසයි.
මේ අතර, ගිං ගඟ, කළුගඟ සහ කැලණි ගඟේ ජල මට්ටම් ඉහළ මට්ටමක් වාර්තා වී තිබේ.
එම ගංඟාවල පෝෂක ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් තවදුරටත් පැවතුණහොත් ගංවතුර තත්ත්වයන් ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව පුරෝකථනය කරයි.