කොවිඩ් උවදුරින් බේරීම සඳහා මුල් වූ ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් ඇඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රිමාන්ඩ් සිරකරුවන් පිරිසක් එහි ගොඩනැගිල්ලක වහලයක් මත නැගී විරෝධතාවක් ආරම්භ කර ඇතැයි වාර්තා වෙයි
ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරනු ලබන රැදවියන්ගේ පරීක්ෂණ වාර්තා එනතෙක් වෙනම සිර මැදිරියක රදවා තබන ලෙසත් ඇන්ටින් පරීක්ෂණ ඉක්මන් කරන ලෙසත් ඇපි දිය හැකි රැදවියන්ට ඉක්මනින් ඇප ලබා දෙන ලෙසත් ඉල්ලා මෙම රැඳවියෝ විරෝධතාවය ආරම්භ කර සිටිති.
මෙම රැඳවියන් පිරිසකට ඉකුත් දිනවල සිදු කළ පී.සී.ආර් පරීක්ෂණවලදී කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැ හඳුනාගෙන තිබුණි.