අගෝස්තුව නිම වන්නට පෙර මෝදි යාපනයට….

Narendra-Modi

දිනසේන රතුගමගේ –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉන්දීය අග්‍රාමාත්‍ය නරසිංහ මෝදි ලබන අගෝස්තු මාසය අවසන් වීමට පෙර යාපනයට පැමිණෙන බවට යාපනයේ සංස්කෘතික සංගමයට ඊයේ (30) පොරොන්දු වී තිබේ.

ඉන්දීය රජය විසින් ඉන්දීය රුපියල් කෝටි තුනක වියදමකින් යාපනයේ ඉදි කරණ ලද සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කිරීම සදහා යාපනයට පැමිණෙන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් කරණ ලද ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කොට ඇත.

යාපනයේ සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කිරීමෙන් පසුව එහි කොටසක තොරතුරු තාක්ෂණ හුවමාරු මධ්‍යස්ථානයක් පිහිටුවීමට තරුණ හා ක්‍රීඩා කටයුතු පිළිබද හා ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ දැනටමත් සාකච්ඡා කොට තිබේ.

Exit mobile version