අනුරාධපුර – පර්සි කුරුනේරු-
වෙඩි ප්‍රහාරයකට ලක්ව ඉදිරි වම් පාදයට බරපතළ තුවාල මාස තුනක පමණ කාලයක් පුරා ප්‍රතිකාර ලබමින් සිටින අග්බෝ හස්තියාට ඖෂධ වලට හැර ආහාර සදහා පමණක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් දිනකට රුපියල් තිස් දහසත් හතළිස් දහසත් මුදලක් වැය කරන බව එම දෙපාර්තමේන්තුවේ අනුරාධපුර කලාපය භාර පශු වෛද්‍ය චන්දන ජයසිංහ පැවැසීය.
වෙඩි ප්‍රහාරයකට ලක්ව වම් පාදයට බරපතළ තුවාල ලබා සිටි අග්බෝ හස්තියා සම්බන්ධයෙන් තොරතුරු ලද වහා ක්‍රියාත්මක වූ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව එම හස්තියාට ප්‍රතිකාර කිරීම ආරම්භ කොට දැනට මාස තුනක කාලයක් ගතවී ඇති අතර හස්තියාගේ තුවාලය සම්පුර්ණයෙන් සුව වීමට තවත් මාස තුනක පමණ කාලයක් ගතවනු ඇති බවත් හෙතෙම සදහන් කළේය.

ඒ අනුව අග්බෝ හස්තියාට ප්‍රතිකාර සදහා වැයවන ඖෂධ සහ ආහාර සදහා යන වියදම් නිශ්චිතව කිව නොහැකි බවද හෙතෙම පැවැසීය .
තිරප්පනේ වන්නම් මඩුව වැව් ඉස්මත්තේ සහ ඒ අවට රක්ෂිතයේ සැරිසරන අග්බෝ හස්තියා පසුපසම සිට හැසිරීම අධීක්ෂණය කරමින් රැකවරණය සැලසීමට පියවර ගෙන තිබේ.

මේ අතර ඊයේ (16) සවස හස්තියාගේ රුධිරය පරීක්ෂා කිරීමෙන් පසු තුවාල ලැබූ පාදය අනුව අග්බෝ හස්තියා නිර්වින්දන කොට පරීක්ෂණ කටයුතු සිදු කිරීමෙන් අනතුරුව පාදයයේ තුවාල විෂබීජහරණය කිරීමෙන් පසු එම වෛද්‍ය කණ්ඩායම විසින් ස්කෑන් සහ එක්ස්රේ පරීක්ෂණයක් සිදු කර ප්‍රතිකාර කිරීමේ කටයුතු සිදු කරනු ලැබූහ.
වනජීවි දෙපාර්තමේන්තුවේ සෞඛ්‍ය අධ්‍යක්ෂක පශු වෛද්‍ය තාරක ප්‍රසාද් හා අනුරාධපුර වනජීවී කලාප භාර පශු වෛද්‍ය චන්දන ජයසිංහගේ මූලිකත්වයෙන් වෛද්‍යවරු හා නිලධාරීන් කණ්ඩායමක් මේ සඳහා එක් වූහ.