අගමැති – ගුරු සාකච්ඡාව අවලංගුයි

අග්‍රාමාත්‍යවරයා සහ ගුරු-විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයින් අතර හෙට (10) පැවැත්වීමට නියමිතව තිබු සාකච්ඡාව අවලංගු කර තිබේ.

අද පැවැති මාධ්‍ය හමුවක දී ලංකා ගුරු සංගමයේ ලේකම් ජොසෆ් ස්ටාලින් ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේ මෙලෙසය.

“හෙට පෙරවරු 11ට අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡාවක් තියෙන බවට කලින් දැනුම්දීලා තිබුණා. ඒක හෙට දිනයේ දී නොපවැත්වෙන බව දැනුම්දීලා තියෙනවා.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එතකොට ගුරු – විදුහල්පති වෘත්තීය අරගලයට දින 91ක් සම්පූර්ණ වෙනවා. විශේෂයෙන්ම මේ වන කොට පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් සියලු පාර්ශවයන් සුදානම් කිරීමේ වාතාවරණයක තමයි රජය කටයුතු කරමින් ඉන්නේ. හැබැයි ගුරු – විදුහල්පතිවරුන්ගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් තවමත් කිසිවක් කරන්නේ නෑ.”

Exit mobile version