අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ගේ පෞද්ගලික ගිණුමෙන් වංචනිකව මුදල් ලබාගත් බවට චෝදනා ලද උදිත් ලොකුබණ්ඩාර එම ගිණුම වෙනුවෙන් නිකුත් කර තිබූ ඒ.ටී.එම්. කාඩ්පත උපයෝගී කරගෙන රූපලාවණ්‍යාගාර, සුපිරි ඇඳුම් වෙළෙඳසල්, තරු පන්තියේ හෝටල් සහ ප්‍රධාන පෙළේ අවන්හල් බිල්පත් පියවා ඇතැයි මෙම වංචාව ගැන අදාළ බැංකුව විසින් සිදුකරන ලද මූලික විමර්ශනවලදී හෙළිවිනැයි වාර්තා වේ.
රුපියල් කෝටි හතරකට ආසන්න මුදලක් එකතු වී තිබූ ගිණුමේ ශේෂය රුපියල් ලක්ෂ අට දක්වා අඩුවන තෙක් ඔහු විසින් වංචා සහගත ලෙස මුදල් ලබාගෙන ඇතැයි කියැවේ.
මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී උදිත් ලොකුබණ්ඩාර එම මුදල් කොටස් වශයෙන් ගෙවන බව පවසා මේ වනවිට එහි සුළු ප්‍රමාණයක් නැවත ගෙවා ඇතැයිද විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.
එහෙත් මේ පිළිබඳ අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට පවසා තිබුණේ එවැන්නක් පිළිබඳ අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් කාර්යාලය නොදන්නා බවය. අමාත්‍ය නාමල් රාජපක්ෂත් පැවසුවේ තමන් සිද්ධිය ගැන දන්නේ මාධ්‍යවලින් බවය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව එවැනි සිද්ධියක් පිළිබඳ පොලිස් පැමිණිල්ලක් නැතැයි තහවුරු කළේය.







