සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අකුරේගොඩ ද්විත්ව මිනීමැරුම කළ ඝාතකයෙක් අත් අඩංගුවට…

by editor
පෙබරවාරි 21, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඉලක්ක කර ගනිමින් ටී-56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සෘජුවම සම්බන්ධ ප්‍රධාන වෙඩික්කරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ.

අම්බලන්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මෙම සැකකරු යුද හමුදාවෙන් පලා ආ අයෙකු බවට තොරතුරු අනාවරණය වී ඇති අතර, අදාළ ද්විත්ව ඝාතනය මොහු විසින්ම සිදුකර ඇති බවට මූලික විමර්ශනවලදී තහවුරු වී ඇත.

මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ දිනයේදී පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කළ විෂය භාර අමාත්‍යවරයා, අපරාධයට සම්බන්ධ පුද්ගලයින් සහ නඩු භාණ්ඩ පිළිබඳ වැදගත් තොරතුරු රැසක් අනාවරණය කළේය. එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ අපරාධයට සම්බන්ධ වාහනය බද්දේගම ප්‍රදේශයේදී ගිනි තබා විනාශ කර තිබියදී සොයාගත් බවත්, අපරාධය සඳහා ගිනි අවි ලබාදීමට පැමිණි රථය කොට්ටාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවත්ය.

එසේම, රිවෝල්වර් වර්ගයේ ගිනිඅවියෙන් වෙඩි තැබූ සැකකරු රුක්ගහවෙල පදිංචි රූබට් සුරේෂ් නැමැත්තෙකු ලෙස හඳුනාගෙන ඇති අතර, වෙඩික්කරුවන් නවාතැන්පොළ වෙත කැඳවාගෙන ආ රථයේ හිමිකරු ගාල්ල ප්‍රදේශයේ පදිංචි වන්නිආරච්චිගේ සිහින දිල්සර නැමැත්තෙකු බවද අමාත්‍යවරයා එහිදී හෙළිදරව් කළේය. මොවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

එමෙන්ම ඝාතකයාගේ හැඩරුවට සමාන හැඩ රුව සහිතව කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් නිර්මාණය කළ ඡායාරූප පෙළක් ද සියලුම මාධ්‍ය හරහා බෙදා හැර සැකකරු අත් අඩංගුවට ගැනීමට උපකාර කරන ලෙස පොලිසිය මහජන සහාය ද පැතුවේය.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

වෙඩික්කරු අත් අඩංගුවට ගන්නේ මේ සියලු ආකාර මෙහෙයුම් පවත්වාගෙන යන අතරය. මේ අතර, වෙඩික්කරුට පන්නිපිටිය ප්‍රදේශයේ නවාතැන් පහසුකම් සලසා දී මෙම අපරාධය මෙහෙයවූ බවට සැකකෙරෙන කහදූව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු කටුනායක ගුවන්තොටුපළ හරහා තායිලන්තය බලා පලාගොස් ඇති බව වාර්තා වෙයි. ඔහු ප්‍රබල අපරාධකරුවෙකු වන ‘කරන්දෙණියේ සුද්දා’ නැමැත්තාගේ සමීපතමයෙකු බවට පොලිසිය සැක කරයි.

අපරාධ විමර්ශන කොට්ඨාසය අද (21) පස්වරුවේ විශේෂ මෙහෙයුමක් දියත් කරමින්, වෙඩික්කරු ප්‍රවාහනය කිරීමට යොදාගත් මෝටර් රථය මෙන්ම තායිලන්තයට පලාගිය සැකකරු ගුවන්තොටුපළ වෙත ගමන් කිරීම සඳහා කුලී පදනම මත ලබාගත් මෝටර් රථය ද තම භාරයට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ පවත්වයි..

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මන්ඩතිව් දූපතේ යෝජිත ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් නතර කරන  පරිසර වේදීහු ඉල්ලති!

Next Post

සුපිරි 8 වටයේ මංගල තරගය – පකිස්ථාන නවසීලන්ත තරගය වැස්සට හේදෙයි!

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.