දිනසේන රතුගමගේ –
ජාතික ලයිස්තුවෙන් මන්ත්‍රීවරු පත් කිරීමේදී එක් එක් පුද්ගලයින්ගේ වුවමනාවට හෝ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ගේ උවමනාවට මන්ත්‍රීවරු පත් නොකරණ බව එම පක්ෂයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා ඊයේ (11) යාපනයේදී පැවසීය.
මාධ්‍යවේදීන්ට අදහස් දක්වමින් මේ බව කියා සිටි මාවෙයි සේනාධිරාජා දෙමළ ජාතික සන්ධානයේ මධ්‍යම කාරක සභාවේ අනුමැතියකින් පසුව පමණක් ජාතික ලයිස්තුවේ පිරිසට මන්ත්‍රීධූර ලබා දෙන බව කියා සිටියේය.
පසුගිය කාලයේ අවස්ථා දෙකකදී එය මගහැරුණු අතර විවිධ පුද්ගලයින්ගේ ඉල්ලීම මත මන්ත්‍රීවරු පත් කෙරුණු බව කී හිටපු මන්ත්‍රීවරයා මෙවර දෙමළ ජාතික සන්ධානය පක්ෂයක් වශයෙන් තීරණය කොට ඇත්තේ මධ්‍යම කාරක සභාවේ අනුමැතියකින් තොරව මෙවර ජාතික ලයිස්තුවේ මන්ත්‍රීවරු පත් නොකිරීමට බවද පැවසීය.
දෙමළ ජාතික සංධානයට එරෙහිව ක්‍රියාත්මකවන විරුද්ධ දේශපාලන කණ්ඩායමක් දෙමළ ජාතික සන්ධානයෙන් යාපනය දිස්ත්‍රික්කයට තරග කරන ඊස්වරනාදන් සරවනබවන්ගේ යාපනයේ පක්ෂ කාර්යාලයට පහර දී විනාශ කොට ඇති බව ඔහු අද (12) යාපනයේ මනිපායී පොලීසියට පැමිණිලි කළේය.