පවිත්‍රා සහ සැමියා සමඟ හිඳ ගත් බැසිල් ස්වයං නිරෝධායනයට

සංරක්ෂිත ඡායාරූපයකි

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ ඇය ගේ සැමියා වන කාංචන ජයරත්න මහතා සමඟ සාකච්ඡාවලට සහභාගී වූ බැසිල් රාජපක්ෂ මහතා මේ වනවිට ස්වයං නිරෝධායනයට ලක්ව සිටින බව වාර්තා වේ. රාජපක්ෂ මහතා (23) ඊයේ දිනයේදී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකට භාජනය වී ඇති අර එයින් ආසාදිතයකු නොවන බව තහවුරු වී ඇතත් යළි පී.සීආර් පරීක්ෂණයකටද බඳුන් විමට නියමිත වන අතර එතෙක් ඔහු තම නිවසේ ස්වයං නිරෝධායනයට ලක්ව සිටී.
අමාත්‍යවරියගේ සැමියා සබරගමුවේ හිටපු පළාත් සභා මන්ත්‍රිවරයකු වන අතර දැන් ඔහු වැඩි වශයෙන් පොදු ජන පෙරමුණේ නෙළුම් මාවතේ කටයුතුවලට මෙන්ම බැසිල් රාජපක්ෂ මහතාගේ දේශපානික කටයුතුවලට වැඩි වශයෙන් සම්බන්ධව සිටින පුද්ගලයකු බව සඳහන් වේ. අමාත්‍යවරියට කොවිඩ් ආසාදනය වී ඇති බව මුලින්ම අනාවරණය වූයේද පසුගිය සිකුරාදා සවස නෙළුම් මාවත කාර්යාලයේදී පැවති සාකච්ඡාවක් අතරතුරය. බැසිල් රාජපක්ෂ මහකාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාව හදිසියේ නවතා දැමීමට ඔහු කටයුතු කර ඇති අතර නෙලුම් මාවත කාර්යාලයද ඊයේ දිනය තුළ වසා දමා විෂබීජ හරණයට ලක් කොට ඇත.

Exit mobile version