කායික රෝග විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක සමග සාකච්ඡා කළේ
ශ්‍රියානි විජේසිංහ
අද බොහෝ දෙනෙකු තම දේහයේ බර අඩුකර ගැනීමට විවිධ උපක්‍රම භාවිත කරති . ඒ උපක්‍රම අතර Intermetten fasting කඩින් කඩ ආහාර ගැනීම් වලට වැඩි දෙනා පෙලබෙන බව දකින්නට ලැබේ. මේ බොහෝ දෙනා තම දේහයේ බර අඩු කර ගැනීම සඳහා වෛද්‍ය උපදෙස්වලින් තොරව අන්තර්ජාලයේ පවතින ඇතැම් උපෙදස් අනුගමනය කරමින් නිරාහාරව සිටිති. මෙය ඉතා භයානක තත්ත්වක් නිර්මාණය කරන අවස්ථාවලට මග පාදයි.
අන්තර්ජාලයේ සඳහන් වන උපදෙස් වලට අනුව සිරුරේ යම් ප්‍රදේශයක එනම් කලව , බාහු , උදරය , පියයුරු ආදියේ පවතින අසාමාන්‍ය වර්ධනයන් නැතහොත් මාංශ පේශී වර්ධනය අවම කර ගැනීමට කඩින් කඩ ආහාර ගැනීමට බොහෝ දෙනෙකු පෙළඹී ඇත. නමුත් එවන් නිශ්චිත ප්‍රදේශයක වර්ධනය අඩුකරගැනීමට කඩින් කඩ ආහාර ගැනීමෙන් කළ හැකියැයි සිතිම සම්පූර්ණ මුලාවකි. සිරුරේ නිශ්චිත ස්ථානයන්ගේ බර හෝ ස්ථානයන්හී පවතින මේදය අඩුවන්නේ හෝ නැත. සිදුවන්නේ සමස්ථ සිරුරේම බර අඩුවීම හෝ මේදය අඩුවිමය.
දේහයේ බර අඩුවිම පුද්ගලයෙකුගේ ජානමය සැකසුම, දේහයේ තැන්පත් වූ මේදයේ ස්භාවය, සහ එය තැන්පත් වූයේ කවර හේතුවක් නිසාද යන්න මත රඳා පවතී.
යමෙක් තම සිරුරේ බර අඩුකර ගැනීමට අදහස් කරන්නේ නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගේ උපදෙස් . අනුව ක්‍රියා කිරීම ජීවිතයට සිදුවිය හැකි අනතුරුදායක තත්ත්වයන් මගහරවා ගත හැකිය.
අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබා ගත යුතු කණ්ඩායම්
විශේෂයෙන්ම කිසියම් රෝගි තත්තවයක් සදහා යම් ඖෂධයක් භාවිත කරන්නෙකු දියවැඩියා රෝගියෙකු, හදවත් රෝගියෙකු , වයස්ගත අයෙකු , ගැබිනි මව්වරුන්, කිරිදෙන මව්වරුන්, පෝෂණ ඌණතාවන් පවතින අය, අවුරුදු 5 – 18 වයසේ පසුවන්නන් ,
. මෙහිදි වෛද්‍යවරයාට ඖෂධය වෙනස් කිරිමක් හෝ ලබා ගන්නා මාත්‍රාව අඩුවැඩි කිරීමක් හෝ කළ හැකිය.
ආහාර පාලනයේදී ප්‍රෝටීන් ආහාරයේ වැදගත්කම
.ඔබ දේහයේ බර අඩුකර ගැනීමට උත්සහ කරන කෙනෙක් නම් ඔබ දෛනිකව ලබා ගන්නා ප්‍රෝටීන් ආහාර විශාල බලපෑමක් ඇති කරයි.. ප්‍රෝටීන ආහාර පුද්ගලයෙකුගේ ප්‍රධාන ආහාරවේල් තුනටම අඩංගු වන්නේ නම් එවැනි පුද්ගලයින්ගේ උදරයේ තැන්පත් වන මේද ප්‍රමාණය අඩුවේ.
එසේම ප්‍රෝටීන ආහාර කුසගින්න අඩුකරයි.
ප්‍රෝටීන ආහාර දේහයේ මාංශය කොටස් බිහිකිරිම වැඩිකරයි. මාංශමය කොටස් ගොඩනැගීම වැඩිවන තරමට දේහය තුල ශක්තිය බිද හෙලීමද වැඩිවේ. විශේෂයෙන්ම ඔබ විවේකීව සිටින විටදී වුවද සිරුරේ කැලරි බිදවැටේ. අප විවේකීය සිටියද දේහය තුළ පරිවෘත්තීය ක්‍රියාකාරකම් ඒ අයුරින්ම සිදුවේ. හෘදයට රුධිරය පොම්ප කිරිමට හා පිටකිරීම, වකුගඩුවලින් රුධිරය පිරිසිදු කිරිම, මුත්‍රා පෙරීම, මොළයේ සෛල ක්‍රියාකිරිමට, ආහාර ජීර්ණය, ජීර්ණය වූ ආහාරයේ පෝෂ්‍ය කොටස් සිරුරට උරා ගැනිම ආදී ක්‍රියාමගින් කැලරි බිදහෙලයි.
ආහාර පාලනය කරන පුද්ගලයෙකු තෝරා ගත යුතු හොද ප්‍රෝටීන වර්ග මොනවද?
බිත්තර සුදුමද, අඩුමේදය සහිත කිරි , මාළු, කඩල , කව්පි ,පරිප්පු.
Intermittent Fasting සහ දියවැඩියාව අතර පවතින සම්බන්ධය
Intermittent Fasting සම්බන්ධයෙන් ලොව පුරා පර්යේෂණ ගණනාවක්ම සිදුකර ඇත. කෙසේ නමුත් මෙම පර්යේෂණ බොහෝමයක් කර ඇත්තේ දියවැඩියා රෝගින් අතරය. මෙහිදි කඩින් කඩ නිරාහාරව සිටීමෙන් ඉන්සියුලින් ප්‍රතිරෝධීතාවය අඩුවන අතර මෙය පාලනය කර ගැනිමට උදව්වේ.
Intermittent Fasting ක්‍රමය අනුගමනය කළ එහෙත් දේහ බර අඩු නොවු පුද්ගලයින් තුළද ඉන්සියුලින් සංවේදීතාව වැඩිවන අතර ඔවුන් තුළ වඩාත් හොඳ රුධිරගත සීනි පාලනයක් ඇතිවනු ලබයි.
Intermittent Fasting ක්‍රමවේදය ආරම්භයට පෙර වෛද්‍ය උපදෙස් මත රුධිරගත සීනි ප්‍රමාණය මැන බැලිමට වැදගත්ය. මන්ද මෙම ක්‍රමය තුළ රුධිරයේ සීනි මට්ටම අඩුවිය විය හැකි නිසාය.
දේහය තුළ සීනි මට්ටම අඩුවිමෙන් මොළයට සැපයෙන රුධිරය අඩුවී ඉතා භයානක තත්ත්වයන් ඇතිවිය හැකිවා සේම මරණය පවා සිදුවිය හැකිය.
ආහාර පාලනයේදී ව්‍යායාම කිරිම ඉතාමත් වැදගත්ය. එසේම Intermittent Fasting ක්‍රමවේදය තුළ සීමා රහිතව ජලය පානය කළ හැකිය. තේ හා කෝපි පානය කුස ගින්න අඩුකරනු ලබයි.