බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

දැදුරු ඔයේ ඛේදවාචකය හෙවත් දියබත් වුන අවුරුද්දක කතාව…

by editor
අප්‍රේල් 18, 2026
in ජීවිතය
Share on FacebookShare on Twitter

ශ්‍රීමතී විජේරත්න – 

අවුරුද්ද දියබත් වූවා සේය. යළිත් අපි සසලව සිටිමු.  එක තැන එක් මොහොතක දියබත් වූ ජීවිත අටකි. ඉන් හයක් එක පවුලේය. දැඩි කම්පනයක් ඇති වන්නේ මේ මරණ නිරපරාද මරණ වීම නිසාය. කිසිම තේරුමක් නැතිව ජීවිත අපතේ යෑමේ ව්‍යසනය අවසානයේ දී සමාජයක් ලෙස කෙසේ ගණනය කළ යුතු දැයි නොදනිමු.

ව්‍යසන නොසලකා හැරීම් සම්බන්ධ අත්දැකීම් අප හැම දෙනාටම තිබේ.    නොදන්නා දියක දිය කෙළින්නට ගිය අත්දැකීම් සහිත අප බහුතරයක් දෙනා ජීවත්ව සිටින්නේ වාසනාවකටදැයි සිතෙන තරමට  ගතවූ අලුත් අවුරුදු සමයේ දී දියේ ගිලී මිය ගිය පුද්ගලයින්ගේ මරණ අපව තිගස්වා ඇත.

නෑගම් යෑම –

දිය නෑමට ගොස් එක් වර අට දෙනෙක් දැදුරු ඔයට බිලි වීම ඛේදවාචකයට වඩා වැඩි ගැඹුරක් සහිත කතාවක් බව සිතමු. කොබෙයිගනේ ඇඹලයාගම කුරියගහමංකඩේ  ගිලී මිය ගිය මිනිස්සුන්ගේ මරණ අපට කියන්නේ එක් තත්ත්පරයක නොසලකා හැරීමක් සියල්ල නැති කර දමන බවය.

මේ හැල්මේ දුවන ක්‍රමය තුළ මිනිස්සුන්ට තමන්ගේ නෑදෑකම් අලුත්කරගෙන සමාජ සම්බන්ධතා ගොඩනගා ගැනීමට ඇති අවකාශය තවමත් ඉතිරිව ඇත්තේ අවුරුදු කාලය තුළදී ය. සංස්කෘතිය විසින් මිනිස්සුන්ට නෑ කම් අලුත්  කරගන්නට ලබා දී තිබෙන කාලය තුළ මිනිස්සු  මානසිකව නිදහස් වෙති. ඒ සීමිත මොහොත තුළ උපරිම සැහැල්ලුව සහ වින්දනය සොයති.

රටම නෑගම් යන අතරේ  කඩවත රාගම වැලිගම්පිටිය ප්‍රදේශයේ සිට ඥාති පිරිසක්   කොබෙයියන් තෙළහැර ගොපල්ලෑව ගම්මානයේ සිය ඥාති නිවසකට එන්නේය. ගමකට එන මිනිස්සු ගඟක ඇලක බැස දිය නෑම ජීවිතයේ ලබන වරප්‍රසාදයක් කරගනිති. බොහෝ විට අපේ වැඩිහිටියන්ගේ ළමා කාල ගෙවුනේ මේ ඇල දොලවල් ඇසුරෙහි ගහවැල සමගය.  ඔවුන් යළිත් ඒ අතීත මතක සොයා යන්නට රුචි වෙති.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

රාගම ප්‍රදේශයේ සිට ගොපැල්ලෑව ගම්මානයට පැමිණි පිරිස දිවා ආහාරයෙන් පසු හවස් වරුව වෙන් කරගෙන තිබුණේ දිය නෑම සඳහාය. නුදුරින් ගලන දැදුරු ඔය ඔවුන්ගේ තෝරා ගැනීම විය. ඇඹලයාගම කුරියගහමංකඩ පසු කර ගලා බසිනා දැදුරු ඔය පෙනුමෙන් නොගැඹුරුය. අවට දිය පැදී ගල් මතු වී ඇත්තේය. තැන තැන දිය පිරුණු  තැන්ය.  බැලූ බැල්මට මේ අවට දිය නෑම සඳහා ක්ෂේම ස්ථානයකි.

මරණයේ මංකඩ

ඉතාම නිසංසල පෙනුමක් සහිත මේ ස්ථානය අතිශය බිහිසුණු මාරකයක් බව දැනගෙන සිටියේ ප්‍රදේශයේ ඔය ගැන දන්නා පිරිස පමණි.  ඔවුන්ට දිය අඩු  දැදුරුඔයේ  නොගැඹුරු දියත්තක් ලෙස පෙනී තිබුනේ අඩි හතලිහකට ආසන්න ගැඹුරක් සහිත මහා අගාධයකි. මෙවැනි මරු වලවල් ගැමියන් විසින් හඳුන්වන්නේ “ කලියක්” ලෙසය.

“මෙතන ඉස්සර නෑවා… දැන් කවුරුත් නාන්න එන්නේ නෑ” ප්‍රදේශවාසියෙක් කීවේ එසේය.

පසුගිය කාලයේ ඇති වූ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු ඉවුරු සෝදා පාළුවීම නිසා මෙම වළ වැලි සහ මඩවලින් වැසී නොගැඹුරු ලෙස පෙනෙන්නට තිබිණි.  නමුත්  එහි අභ්‍යන්තරය පතුලක් නොදකින්  මඩ ගෙහොරුවකි.

දැනට ඇති තොරතුරු අනුව  දිය නාමින් සිටියදී එක් අයෙකු මෙම වැලි සහිත මඩ වළේ ගිලී ඇති අතර, ඔහු බේරා ගැනීමට තවත් අයෙකු උත්සාහ කිරීමේදී දම්වැලක් මෙන් සියලු දෙනා එම මාරක වළට ඇදී යන්නට ඇතැයි විශ්වාස කෙරේ.

16 වැනිදා සවස් වනවිට මිය ගිය අය ගෙන් දෙදෙනෙක් සොයා ගත්හ. ඉතිරි හය දෙනාම සිටියේ අතුරුදහන්වය. ඉතිරි පිරිස සොයා ගන්නේ පසුදා එනම් 17 දා දහවල්ය. ඒ වෙහෙසකර මෙහෙයුමකින් පසුය. ඛේදවාචකය වන්නේ මිය ගිය  අට දෙනාගෙන්  හත් දෙනෙක්ම එකම පවුලක සාමාජිකයින් වීමය.

දියේ ගිලීමෙන්  එල්. සමීර ප්‍රදීප් (48) සහ ඔහුගේ බිරිඳ වූ ශසමිලී කුසුම් (44) සමඟ ඔවුන්ගේ දස හැවිරිදි එකම පුතු අෂේන් නිම්සර ද මෙලොව හැර ගියහ.

පවුලේ වැඩිහිටි පරපුර නියෝජනය කළ 72 හැවිරිදි ධර්මදාස සහ 70 හැවිරිදි ආනන්ද ද දිය රළට බිලි විය.

මීට අමතරව 42 හැවිරිදි නිරෝෂා ලක්මාලි සහ ඇගේ 13 හැවිරිදි පුත් දිනෙත් මදුෂාන් මෙන්ම, ඔවුන්ගේ හිතවතෙකුගේ පුතෙකු වූ 18 හැවිරිදි සෙනුර කවින්ද ද මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වූහ.

පාසල් අධ්‍යාපනය ලබමින් සිටි අෂේන්, දිනෙත් සහ උසස් පෙළ හදාරමින් සිටි සෙනුර කවින්ද යන දරුවන් තිදෙනාගේ අනාගත බලාපොරොත්තු සියල්ල දැදුරු ඔය පතුලේ වැලලී ගොස් තිබිණි.

මියගිය නිරෝෂා ලක්මාලිගේ නැගණිය වූ රෝෂානි ආනන්ද සහ ඇගේ සැමියා වන දිලිප් යසස් ජයලත් පමණක් ගම්වාසීන්ගේ දැඩි පරිශ්‍රමයකින් බේරා  ගෙන නිකවැරටිය  රෝහල් ගත කර තිබිණි.    ගුවන් හමුදාවේ සේවය කරන මෙම යුවළ රාගම, වැලිගම්පිටිය ප්‍රදේශයේ සිට අවුරුදු නිවාඩුවට සහෝදරියගේ නිවසට පැමිණ සිටියහ. මේ වනවිට දිලීප් යසස් ජයලත් ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටත් වී ගොස්ය. එහෙත් ඔහුගේ බිරිය රෝෂානි  මේ මොහොත වනවිටත් දැඩි සත්කාර ඒකකයේ ජීවිතය සමග පොරබදමිනි.

මෙම ස්ථානය මීට පෙර ද ජීවිත කිහිපයක් බිලිගත් අතිශය අවදානම් කලාපයක් බව කියැවිනි. පසුගිය වසර දෙක තුළ පමණක් මෙහි පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. 2024 වසරේදී ඔරු පදිමින් සිටි දරුවන් දෙදෙනෙකු ඔරුව පෙරළී මියගිය අතර, 2025 වසරේදී උපන්දින සාදයක් පැවැත්වූ තරුණයෙකු ද මෙම ස්ථානයේදීම දියේ ගිලී මියගොස් තිබුණි.

මේ ලියන මොහොත වනවිටත් මළ සිරුරු නිකවැරටිය රෝහලේ  මෘත ශරීරාගාරයේය.  අප්‍රේල් 12 සිට අද දක්වා රටේ දිය අනතුරුවලින් මිය ගිය ගණන 20 ඉක්මවන්නේය. සෑම වසරකම 700-800ක් අතර ප්‍රමාණයක් දියේ ගිලී මිය යන රටක එකම සිදුවීම් එකම ආකාරයකට පුනරුච්ඡාරණය වීමේ වියවුල කුමක්දැයි තේරෙන්නේ නැත. නොදන්නා තැන්වල දිය නෑමට නොයන ලෙස කටපාඩම් වන තරමට ඇසෙන්නේය. ඒ අවවාදය නොතැකූ එකෙක් දෙන්නෙක් දියබත්ව මිය යන ආකාරය හැමදාම මධ්‍ය ඔස්සේ කියැවෙන්නේය. එහෙත්   අප මොනතරම්  කතා කීවත් සිද්ධිවලින් පාඩම් ඉගෙන ගන්නේ   නැතිව ඊලඟ දවසේත් ඒ මාරක අත්දැකීම ගැනීමට සූදානම්වන මිනිස්සුය. දුක හිතෙන්නේ ඒ ගැනය.

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හෝර්මුස් සමුද්‍ර සන්ධියේ   පැය 24ක දැඩි අස්ථාවරය ලෝකයට බලපෑම් කරන හැටි!

Next Post

ලාලා ගේ කෝටි 48ක වත්කම්වල කතාව…

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.