බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සෞඛ්‍යය

ශ්‍රි ලංකාවෙන් හමුවන බ්‍රිතාන්‍ය කොවිඩ් ප්‍රභේදය වේගයෙන් පැතිරෙමින් මරණ වැඩි කරන්නේ ඇයි?

by editor
අප්‍රේල් 28, 2021
in සෞඛ්‍යය
Share on FacebookShare on Twitter

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ඊයේ (27) දිනයේදී ශ්‍රි ලංකාවේ දිනක් තුළ හමු වූ වැඩිම රෝගීන් ගණන වාර්තා වීමෙන් පෙන්නුම් කරන්නේ මෙම වෛරසය සිංහල අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව අත්තටු ගසා ඉගිලෙමන් පැතිරෙමින් පවතින බවය. මේ පිළිබඳව පර්යේෂණ සිදු කරන ශ්‍රි ජයවර්ධනපුර පර්යේෂකයන් අනාවරණය කළේ කුරුණෑගල, කොළඹ සහ බොරලැස්ගමුව ප්‍රදේශවලින් ලබා ගත් රෝගීන්ගේ සාම්පලවල කොවිඩ් වයිරසයේ බ්‍රිතාන්‍ය ප්‍රභේදය වන  B.1.1.7  දර්ශය පවතින බවය.

එයින් අපට සිතන්නට සිදුවන්නේ ඉහත සාම්පල ලබා ගත් ප්‍රදේශවල පමණක්ම නොව මේ පුංචි දිවයිනේ  තවත් ප්‍රදේශවල මේ කොවිඩ් වයිරසයේ වෙනස් වුණු අලුත් බ්‍රිතාන්‍ය දර්ශය  හමුවිය හැකි බවය. මේ වෛරස දර්ශය මේ වනවිට රටවල් ගණනාවකම රෝගින් බවට පත් කර ඇත. විශේෂයෙන් ඇමෙරිකාවේ හමුවන කොවඩ් රෝගීන්ගෙන් සියයට  59 කට පමණ මෙම ‍වෛරස දර්ශය දරන්නන්ය. මේ නිසාම මේ වනවිට ලෝකයේ  බහුලවම හමුවන බ්‍රිතාන්‍ය වෛරස ප්‍රෙභ්දයේ නව දර්ශය සම්බන්ධයෙන් පර්යේෂකයන්ගේද ලොකු අවධානයක් හිමිව ඇත. ඔවුන් විසින් මේ වනවිට හඳුනාගනු ලැබ ඇති ප්‍රධාන කරුණු කිහිපයක් පිළිබඳව අවධානය යොමු කිරිම වැදගත්ය.

B.1.1.7 ප්‍රභේදය මුල් කොවඩ් වෛරසයට වඩා සියයට 40ත් 70ත් අතර වැඩි වේගයකින් පැතිරෙයි

කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදයේ මතුපිට ඇති ප්‍රෝටීන උල් සකස් වි ඇති ආකාරය අනුව ඒවා ඉක්මනින් තවත් සෛලවලට බෙදීමේ හැකියාවක් ඇති බව පර්යේෂකයන් විසින් හඳුනාගනු ලැබ ඇත. මෙම තත්ත්වය තුළ ආසාදිතයකුගේ ශරීරය තුළ නිපදවන වෛරස ප්‍රමාණය සාපේක්ෂව වැඩිය. මේ වැඩිවීම හේතුවෙන් ඔවුන් කෙරෙන් තවත් කෙනකුට බෝවීමේ ප්‍රවණතාවද වැඩිවෙයි. මේ බව  ලන්ඩනයේ යුනිවසිටි කොලේජ් හි සායනික වෛරස විශේෂඥ වෛද්‍ය එලෙනි නස්ටොනි අතුළු පර්යේෂකයන් විසින් අනාවරණය කරගනු ලැබ ඇත.

මෙසේ වැඩිපුර පැතිරීමට බලපාන කරුණක් ලෙස පර්යේෂකයන් පෙන්වා දෙන්නේ මෙම වයිරස ප්‍රභේදය සාපේකෂව වැඩි කලක් සිරුර තුළ තව කෙනකුට ආසාදනය කළ හැකි මට්ටමින් පැවතීමය. මේ අතර තවත් පර්යේෂකයන් පිරිසක් පෙන්වා දී ඇත්තේ බ්‍රිතාන්‍ය වයිරස ප්‍රෙභ්දය දරන රෝගීන්ගේ ගේ ලක්ෂණ අතර කැස්ස ප්‍රමුඛ වන අතර මෙයද වැඩි වශයෙන් පැතිරීම හේතුවක් විය හැකි බවය. එසේ වුද මේ සම්බන්ධයෙන් තවම විද්‍යාඥයින් අවසන් නිගමනයකට පැමිණ නැත්තේ ඒ පිළිබඳව තවත් පර්යේෂණ අවශ්‍ය බව පවසමිනි.

මරණ ප්‍රතිශතය සියයට 60කින් වැඩිකරවයි?

පර්යේෂකයන් විසින් හෙළි කරගෙන ඇති තවත් කරුණක් වන්නේ මෙම කොවිඩ් නව බ්‍රිතාන්‍ය ප්‍රභේදය සෙසු වෛරස දර්ශවලට සාපෙක්ෂව සියට 61කින් පමණ මාරාන්තික බවය. මේ බව අනාවරණය කර ගත් පර්යේෂකයන් කණ්ඩායමක් තම පර්යේෂණ වාර්තාව ද නේචර් සඟරාවේ පළ කොට ඇත.  මීට අදාළ වන නිශ්චිත හේතුව සම්බන්ධයෙන් තවමත් විද්‍යාත්මක තොරතුරු අනාවරණය කරගෙන නැති වුවද විද්‍යාඥයින් විශ්වාස කරන්නේ මෙම වෛරසය පැතිරීමේ පවතින ප්‍රබලත්වය පසුපස මාරාන්තික බව වැඩි බවය. “ වේගය වැඩි පිරිසකට පැතිරෙද්දී ඒ අතරින් මරණ වැඩිවීම සිදුවන බව පිළිගත හැකියි“ මේ සම්බන්ධයෙන් අදහස් දක්ව එක් පර්යේෂකයකු සඳහන් කර ඇත.

කෙසේ වුවද පර්යේෂකයන් පවසන්නේ මෙම වෛරස ප්‍රභේදයද තම ස්වරූපය වෙනස් කර ගැනිමකට ලක් විය හැකි බවය. ඒ තුළ විවිධ අසාමාන්‍යතා සහ සංකීර්ණතා පෙන්නුම් කළ හැකිය. මේ තත්ත්ව තුළ වඩාත් වැදගත් වන්නේ කොවිඩ් වෛරසය බෝවීම වැළැක්වීමට අදාළ ආරක්ෂිත පියවර ගැනිමත් හැකිතාක් එන්නත්කරණයට ලක් කිරීමත් වඩාත් වැදගත් බව ඔවුහු අවධාරණය කරති.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

චීන ආරක්ෂක ඇමති – ජනපති අතර හමුවක්

Next Post

ගම්පහට ඇඳන් 2000ක කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක්…

Related Posts

සෞඛ්‍යය

කිරි එළදෙනුන්ගේ බුරුලු ප්‍රදාහය හඳුනා ගැනීමටත් කෘතිම බුද්ධිය……

ඔක්තෝබර් 18, 2024
සෞඛ්‍යය

සීනි පාලනය කරන සීනි පළතුර… සීනි අනෝදා….

ජනවාරි 7, 2024
සෞඛ්‍යය

සෞඛ්‍ය ක්ෂේත්‍රයට හෙණ වදිද්දී නිහඬ ආණ්ඩුව ඉදිරියේ අපේ බුද්ධි සම්පත පෙරා ගන්නා නොරටනු ගැන බීබීසී කළ හෙළිදරව්ව!

නොවැම්බර් 17, 2023

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.